08 ගාමිණි ජාතකය


තවද එක් සමයෙක් හි සඳරාමර ලෝක ගරු වූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් පසුභට විර්ය ඇති භික්ෂූන් කෙණෙකුන් අරඹයා මේ ජාතකය වදාල සේක.

මේ ජාතකයේ වර්ථමාන කථාවත් අතීත කථාවත් එකොලොස් වැනි නිපාතයෙහි වූ සංවර ජාතකයෙහි මතු පහල වන්නේය. කථාව වනාහි ඒ ජාතකයෙහිද මෙතැන්හිද එකාකාරව ගාථාව වනාහි වෙනස් වන්නීය.

ගාමිණි කුමර තෙම බෝධිසත්වයන් වහන්සේ අවවාදයෙහි පිහිටා ජ්‍යෙෂ්ඨභාතෘ වූ කුමාර වරුන් සියයකට ලාබාලව සියයක් පමණ භාතෘන් පිරිවරා දවලච්ඡත්‍රායගේ උතුම් ආසනයෙහි හුන් සේක. තමාගේ අශ්චර්ය සම්පත්තිය බලා මේ මාගේ ආශ්චර්ය සම්පත්තිය අපගේ අචාරින් වහන්සේ සන්තකයි සතුටුව ප්‍රිති වාක්‍ය පවත්වන සේක් නුවණැත්තවුන්ගේ අවවාදයෙහි සිට තුරිත ලොව උපාය කලේය.

කර්මාණ්තයෙනි ප්‍රයුක්තයන්ට පාර්තිත වූ ප්‍රයොජනයෙහි ආසාව සමෘද්ධ වේමය ධානාර්ථ ප්‍රියවචන සමානාත්ම යැයි කියන ලද බ්‍රහ්මචාරියාව මූලික වූ සමාපත්තීත් ද මුහුකුරා සිටි බැවින් පරිපක්ඛවම බ්‍රහ්මචාර්යාව ඇතිවීම ගාමණි කුමාරයා මෙසේ දැනගනුවයි කියා තමන් සර්වජන ප්‍යෙෂ්ඨ බැවින් ආත්ම ප්‍රිතිය කොට තමන්ට ආමන්ත්‍රණය කොට ආචාරීන් වහන්සේ නිසා බෑයන් සියයක් ඉක්මවා මේ මහා රාජ්‍යයට පැමිණියෙමියි ප්‍රිතී වාක්‍ය පැවැත්වූ සේක.

ගාමිණි කුමාරයන් රාජ්‍යයට පැමිණි සත් අට දවසක් ඇවැමෙන් සියළු භූතෘ වූ කුමාර වරුහු තමන් වසන තැනට ගියාහුය. ගාමිණි මහරජ තෙම දැහැමින් රාජ්‍ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. බෝධි සත්වයානන් වහන්සේද ධානාදී ව පින් කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියසේක.

ශාස්තෘ වූ බුදු රාජානන් වහන්සේම මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාල සේක. චතුස්සත්‍යයයාගේ අවසානයෙහි පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරහත් ඵලයෙහි පිහිටි සේක.

අතීත කතාව හා වර්ථමාන කථාව ගෙනහැර දක්වා වදාරා පූර්වා සන්ධි ගලපා මේ ගාමිණි ජාතකය නිමවා වදාල සේක.

10 සුඛ විහාරි ජාතකය

§තවද එක් සමයෙක්හි තුන්ලොවට නැගු ප්‍රදීපයක් වැන්නාවු සර්වඥයන් වහන්සේ අනුපිය නම් නුවර ආශ්‍රය කොට අනුපිය නම් අඹ වනයෙහි වැඩවසන සේක් සුඛවිහාරී වූ බද්ධිය ස්ථවිරයන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාලසේක.

සුඛවිහාරී වූ බද්ධිය ස්ථිවිරයන් වහන්සේ ක්ෂත්‍රිය රාජකුමාරයන් සදෙනාගේ සමා සමයෙහි උපාලි ස්ථවිරයෙන් වහනසේ සත්වැනි කොට පැවිදි වූ සේක. ඔහුන් අතුරින් බද්ධිය ස්ථිවිරයෙන් වහන්සේය, කිම්බිල ස්ථිවිරයන් වහන්සේය, භගු ස්ථවිරයන් වහන්සේය,දේවදත්ත ස්ථවිරයන් වහන්සේය. යන සතර දෙනා වහන්සේ රහත් වූ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ සෝවාන් වූ සේක. අනුරුද්ධ ස්ථිවිරයන් වහන්සේ දිවැස් ලත් සේක. දෙව්දත් ස්ථවිරයන් වහන්සේ ධාන්‍ය ලාභි වූ සේක.

{ක්‍ෂත්‍රිය රාජ කුමාරවරුන් සදෙනාගේ කථාව අනුපිය නුවර දක්වා ඛණ්ඩංගාල ජාතකයෙහි මතු ප්‍රකශ වන්නේය.}

ආයුශ්මත් වූ භද්දිය ස්ථවිරයන් වහන්සේ වනාහි රජවූ කල්හි තමන් රක්ෂා කරන සේක් රක්ෂාවට විධාන කිරීමද පළමු කොට බොහෝ ආරක්ෂාවෙන් රක්ෂා කරන ලදුව මතු මහල් තලයෙහි මහ යහන් හි ඔබිනොබ පෙරෙලෙමින් සයන කරන්නා වූ තම හට භය පැමිණිමද දැන් අරහත් ඵලයට පැමිණ ආරණ්‍යාදී වූ යම් කිසි තැනෙක් හි හැසිරෙණ සේක් තමාට පහ වූ බය ඇති බව දක්නා සේක් ඉතා සැපය ඉතා සැපයි කිය කියා ප්‍රිති වාක්‍ය පවත්වන සේක.

ඒ අසා භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වූ භද්ධිය ස්ථවිරියන් වහන්සේ අභිතත්වය ප්‍රකාශ කරන සේකැයි කියා සර්වඥයන් වහන්සේට දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාරන සේක්
“මහණෙනි! භද්ධිය ස්ථිවිරයෝ සැප විහාරි වූවෝ දැන් මතු නොවෙති. පෙරත් සැප විහාරි වූහ”යි වදාරා භික්ෂුන් විසින් ඒ කාරණය ප්‍රකාශ කරනු පිණිස යාඤ්ඤා කල කල්හි සර්වඥයන් වහන්සේ භවයෙන් වැසි තුබුනු ප්‍රකාශ කොට වදාල සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණකල්හි අප මහා බෝධිසත්වයන්වහන්සේ ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ මහාසාර කුලයෙක්හි ඉපද වැඩිවයසට පැමිණ වස්තුකාම කෙලශකාමයෙහි ආදීනවද මහභිනික්මන් නික්ම මෙහි ආනිසංසද දැක වස්තුකාම කෙලාශකාම හැර හිමාලවනයට වැද සෘෂි ප්‍රවජ්ජ්‍යාවෙන් පැවිදිව අෂ්ටසමාපත්ති උපදවා වාසය කරණසේක්, උන්වහන්සේට මහත් පිරිවර වූයේය. පන්සියයක් පමණ තපස්විහූ වුවාහුය,

අප මහාබෝසතානන් වහන්සේ වර්ෂා කාලයෙහි හිමාලයෙන් නික්ම තපස්වි සමූහයා විසින් පිරිවරණලදුව ගම්නියම්ගම් ආදීයෙහි සැරිසරා වඩනාසේක් බරණැස්නුවරට පැමිණ රජුහු නිසා රාජොiනයෙහි වාසයකළ සේක. එතැන්හි වැසි සාරමස වාසයකොට රජහට දැන්වූසේක.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ බෝධිසත්වයන්වහන්සේට කියනසේක් “ස්වාමීන්වහන්ස! නුඹවහන්සේ වෘඬසේක. හිමාලය වනයට යාමෙන් නුඹවහන්සේට කවර ප්‍රයෝජනද? අතවැස්සන් හිමාලය වනයට යවා නුඹ වහන්සේ  මෙතැන්හිම වාසය කරව” යි කීයේය.

බෝධිසත්වයන් වහන්සේ ප්‍රධාන අතවැසි තපස්වීන්වහන්සේට පන්සියයක් තපස්වීවරුන් භාරකොට, ” තෙපි යව මේ තපස්වීවරයන් හා සමග හිමාලයවනයෙහි එතැන්හිම වාසය කරව. බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රධාන අතවැසි තපස්වීන් වහන්සේ රාජතපස්වීන් වහන්සේය. මහත් රාජ්‍යයක් හැර පැවැදිව කිසුණු පිරියම් කොට අෂ්ටසමාපත්ති ලාභිව වසන සේක් සෙසු තපස්වීන් හාසමග හිමාලය වනයෙහි වසන සේක් එක් දවසක් ආචාරීන් වහන්සේ දක්නා කැමතිව ඒ තපස්වීවරයන්ට ආමන්ත්‍රණය කොට තෙපි උකටලී නොව මෙතැන්හිම වාසය කරව මම ආචාරීන් වහන්සේට නමස්කාරකොට එන්නෙමියි කියා ආචාරීන් වහන්සේගේ සමීපයට ගොස් නමස්කාර කොට එන්නෙමි යි කියා ආචාරීන් වහන්සේගේ සමීපයට ගොස් නමස්කාර කොට පිළිසඳර කථාකොට එක් මැඩිලිපතක් අතුට ආචාරීන් වහන්සේගේ සමීපයෙහිම උන්සේක.

එවෙලෙහි බරණැස් රජ්ජුරුවෝ තපස්වීන් වහන්සේ දකිම් කියා උයනට ගොස් නමස්කාරකොට එකත්පසසෙක්හි හුන්සේක. අතවැසි තපස්වීන් වහන්සේ රජ්ජුරුවන් දැකත් නොමනැගී සිටිසේක්ම හුන්සේක්ම වනාහි “ඉතා සැපය! ඉතා සැපය!!”යි කියා ප්‍රීතිවාක්‍ය පැවැත්වූසේක.

රජතෙම සිතනුයේ මේ තපස්වීන් වහන්සේ මා දැකත් නැගී නොසිටිසේකැයි අසන්තෝෂව බෝධිසත්වයන් වහන්සේට කීයනසේක්, “ස්වාමීන්වහන්ස, මේ තපස්වීන් වහන්සේ කැමතිපරිද්දෙන් ආහාරය අනුභව කළසේක්ද ප්‍රිති වාක්‍ය පවත්වනසේක් සැපසෙය්‍යාවම කරණසේකැ” යි කීයේය.

“මහරජ, මේ තපස්වීන් වහන්සේ දැන් මම පෙර ගිහිකල්හි රජ්‍යශ්‍රී අනුභවකරන්නෙම් ආයුධගත් අත් ඇති බොහෝ සේනාව විසින් රාක්‍ෂා කරණු ලබන්නේම් මෙබඳු සැපයක් නොලද්දෙමි කියා තමාගේ ප්‍රව්‍රජ්ජ්‍යාසැපය ධ්‍යාන සැපය අරභයා මේ ප්‍රිති වාක්‍ය පැවැත්වූයේය”යි වදාළසේක.

මෙසේද කියා බෝධිසත්වයන් වහන්සේ රජහට ධර්මදේශනා කොට වදාළසේක.

“යම් පුද්ගලයක්හු සෙසු බොහෝ පුද්ගලයෝ රක්ෂා නොකරෙද්ද යමෙක් සෙසු බොහෝ සත්ව යන් රක්ෂා නොකෙරේද මහරජ, ඒ පුද්ගලයා වස්තුකාම කේල්ශ කාමයෙහි අපේක්ෂාවක් නැතිව හුදකලාව කායවිවේක චිත්තවිවේක සැපයෙන් යුක්තව සයනය කරන්නේය හුදෙක් සයනය කරන්නේම නොවෙයි. මෙබඳු පුද්ගලතෙම සැපසේ යන්නේය සැපසේ සිටින්නේය. සැපසේ හිඳින්නේය සැපසේ හෝනේය සියලු ඊර්යාපථයෙහි සැපසේ කල්යවන්නේය”යි වදාළසේක.

රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ ධර්මදේශනාව අසා තුටුපහටු සිත් ඇතිව නමස්කාර කොට වාසභවනයට ගිය සේක. අතවැසි තපස්වීන් වහන්සේද ආචාරීන් වහන්සේට වැඳ හිමාලය වනයට වැඩිසේක. බෝධිසත්වයන් වහන්සේ වනාහී එතැන්හිම වාසයකරණ සේක් නොපිරිපුන් ධ්‍යානයෙන් යුක්තව කාලක්‍රියා කොට බ්‍රහ්මලෝකයෙහි උපන්සේක.

ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ දම්දෙසුන් ගෙණහැර දක්වා අතීත කථාව හා වර්ථමාන කථාව වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ සුඛවිහාරී ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි අතවැසි තපස්වීන් වහන්සේ නම් දැන් භද්දිය ස්ථවිර වූ සේක. ශාස්තෘන් උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජුවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක

imagesNEXT1

11 ලක්ඛණ මිග ජාතකය

§තවද එක්සමයෙක්හි පහකළා වූ කෙලෙස් මලයන් ඇති සර්වඥයන් වහන්සේ රජගහනුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා වදාළසේක.

(දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව දුනුවායන් හැරීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය.
ධනපාල නම් හස්තිරජයාගේ හැරීම දක්වා චුලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙණෙන්නේය.
දේවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙණ ගියතැන් දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය.)

එක් කලෙක්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්ච වස්තූවක් යච්ඤාකොට නොලත්සේක් සංඝයා බිඳුවා පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ ගයා නම් ගංහිස වාසය කරණ සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේගේ ප්‍රඥාව මිහිකිරීමට ගියේය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව මුහුකළ බව දැන වදාරා අග්‍රශ්‍රාවකයන් දෙදෙනා වහන්සේට ආමන්ත්‍රණයකොට,  “ශාරීපුත්‍ර ස්ථවිරයෙනි! තොප ආශ්‍රය කළාවූ පන්සියයක් භීක්ෂූන් දේවදත්ත ස්ථවිරයන්ගේ ලබ්දිය රැස්වා ඔහු හා සමග ගියාහුය. දැනුදු වනාහි ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව මිහිකිරීමට ගියේය. තෙපි දෙදෙනා බොහෝ භික්ෂූන් හා සමග එතැනට ගොස් භික්ෂූන්ට ධර්මදේශනා කොට ඒ භික්ෂූන් මාර්ගඵලයෙන් ප්‍රබෝධකරවා කැඳවාගෙණ එව”යි වදාළසේක.

සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ එපරිද්දෙන් ගොස් ඒ භික්ෂූන්ට ධර්මදේශනා කොට මාර්ගඵලයෙන් පුබුදුවා දෙවැනි දිනයෙහි සූර්යෝද්ගමන වේලාවෙ ඒ පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ වේළුවනාරාමයට වැඩියාහුය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වේළුවනාරාසයට අවුත් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට භාග්‍යවතුන් වහන්සේට දැන්වූවාය.

“ස්වාමීන් වහන්ස අපගේ ජ්‍යෙෂ්ඨ භ්‍රාතෘවූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලදුව වඩනාසේක් ඉතා හොබනාසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ වනාහි පිරිහුණා වූ පිරිබර ඇතිසේකැ”යි කිවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක්
“මහණෙනි! ශාරිපුත්‍රස්ථවිරයෝ නෑ සමූහයා විසින් පිරිවරණ ලදුව එනසේක් හෙබියෝ දැන්මතු නොවෙති, පෙරත් ශෝභාවත් වූවාහුය. දේවදත්ත ස්ථවිරයෝද පිරිචරින් පිරිහුණෝ දැන් මතුනොවෙයි පෙරත් පිරිහුණෝමයි”. වදාළ කල්හි භික්ෂූන් ඒ කාරණය ප්‍රකාශ කරණු පිණිස භාග්‍යවතුන් වහන්සේට යාච්ඥා කළාහුය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසීතුබුන කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

Image result for group of Deers

යටගිය දවස මගධරට රජගහනුවර එක් මගධ රජෙක් රාජ්‍යයකරණ සේක. එකල්හි බෝධිසත්වයන් වහන්සේ මෘගජන්මයෙහි පිළිසිඳ ගෙණ වැඩි සයසට පැමිණ මුවන් දහසක් පිරිවරා ගෙණ වනයෙහි වසනසේක.

උන් වහන්සේට ලක්ෂණය කාලයයි කියා පුත්‍රයෝ දෙදෙනෙක් වූවාහුය. අප මහා බෝසතානන් වහන්සේ තමා මහළු වයසට පැමිණි කල්හි පුත්‍රයෙනි මම දැන් මහලුයෙමි තෙපි මේ මෘගසමූහයා පරිහරණය කරව යි කියා පන්සියය පන්සියය බැගින් එකී එකී පුත්‍රයාට භාරකළ සේක. එතැන් පටන් ඔහු දෙදෙන මෘගසමූහයා පරිහරණය කරන්නාහු ය.

මගධරට ශස්‍ය සමීපයෙහි ගොයමින් අකපටු කල්හි වනන්තරයෙහි මෘගයන්ට උපද්‍රව වන්නේය. මනුශ්‍යයෝ ශස්‍යයන් අනුභවකරන්නාවූ මෘගයන් මරණ පිණිස ඒ ඒ තන්හි වල්කණනාහුය. හුල් හිඳූවන්නාහුය. පාසාණ යන්ත්‍රයක් සදන්නාහු සොර මල ආදිය අටවන්නාහුය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය.

බෝධිසත්වයන් වහන්සේ ශස්‍යයන් සම්බාධ සමය දැන පුත්‍රයන් කැඳවා ගෙන්වා අවවාද දෙනසේක් “පුත්‍රයෙනි මේ තෙම ගොයමින් යුක්ත කල්වන්නේය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය. අපි වෘද්ධ වුම්හ. යම්කිසි උපායකින් එක්තැනෙක්හි කල්යවම්හ. තෙපි තොපගේ මෘග සමූහය ගෙණ ආරණ්‍යයෙහි පර්වත පාදයකට වැද ගොයම්දා මැඩිකල්හි එව” යි කියේය.

ඔහු “යහපතැ”යි කියා පියානන්ගේ වචනය අසා පිරිවර සහිතව නික්මුනාහුය. ඔහුන් යන්නාවු මර්ගයෙහි මනුෂ්‍යයෝ මෙසමයෙහි මෙසමයෙහි මෘගයෝ පර්වතයට නැගෙන්නාහුය මේ සමයෙහි බස්නාහුය යි දන්නාහුය. ඔහු ඒ ඒ තැන සැඟවි හිඳ බොහෝ මෘගයන් විද මරන්නාහුය. කාලනම් මෘගරාජයාද තමා අඥාන බැවින් මෙනම් වේලෙහි යායුතුය මෙනම් වේලෙහි නොයායුතුයයි නොදන්නේ මෘගසමූහයා ගෙණ පරවරුද පස්වරුද පෙරයම්හිද අළුයම්හිද ගම්දොරින් යන්නේය.

මනුශ්‍යයෝ ඒ ඒ තන්හි ස්වභාවයෙන් සිටියාහුද සැඟවි සිටියාහුද බොහෝ මෘගයන් විනාශයට පැමිණෙව්වාහුය. මෙසේ කාල නම් මෘගරාජ තෙම තමා නුවණ මද බැවින් බොහෝ මෘගයන් විනාශයට පමුණුවා ස්වල්ප වූ මෘගයන් පිරිවරණ ලදුව වනාන්තරයට වන්නේය.

ලක්ෂණ නම් මෘගරාජ වනාහි පණ්ඩිතය; ව්‍යාක්තය; උපායෙහි දක්ෂය, මේ වෙලාවෙහි යා යුතුය. මේ වෙලාවෙහි නොයායුතුයි දන්නේය. ඒ මෘගරාජ තෙම ගම්දොරින් ද නොයන්නේය. දවල්ද නොයන්නේය. පෙර පෙර යම් හිද නොයන්නේය. අලුයම්හිද නොයන්නේය. මෘගසමූහයා ගෙණ මධ්‍යම රාත්‍රියෙහිම යන්නේය. ඒ කාරණයෙන් එකම මෘගයෙකුදු නොනසා වනාන්තරයට වනි. ඒ මෘගයෝ එහි සාරමසක් වාසය කොට ගොයම්ද ….

කල්හි පර්වතයෙන් බැස ආවාහුය. කාලනම් මෘගරාජතෙම පසුව එනුයේද පූර්වොක්ත ක්‍රමයෙන් අවශේෂ මෘගයන් විනාශයට පමුණුවමින් හුදකලාවම ආයේය. ලක්ෂණ නම් මෘගරාජ වනාහි එකම මෘගයකුදු නොනසා පන්සියයක් මුවන් විසින් පිරිවරණ ලදුව මව්පියන් දෙදෙනාගේ සමීපයට ආයේය.

බෝධිසත්වයන් වහන්සේ මෙසේ එන්නාවු පුත්‍රයන් දැක මෘගසමූහයා සමග මන්ත්‍රණය කරණසේක් මෙසේ කථාවක් පහළ කළසේක. “ආචාර ශීලයෙන් සමන්විත වූ ධර්ම පටිසන්ථාරය ආමිස අභිවෘද්ධිවන්නේය. ඥාති සමූහයා විසින් පිරිවරණ ලදුව එන්නාවු ලක්ෂණ නම් මෘගරාජයා බලව ඉක්බිත්තෙන් නෑයන්ගෙන් විශේෂයෙන් පිරීහි එන්නාවූ මේ කාලනම් මෘගරාජයා බලව”යි කියා බෝධිසත්වයෝ මෘගධෙනුවට නියෝගකළසේක.

මෙසේ ලක්ෂණ නම් පුත්‍රයාට වනාහි සන්තෝෂ වූ බෝධිසත්වයන් වහන්සේ ජීවිතාන්තය දක්වා සිට කම්වූ පරිද්දෙන් මිය පරලව ගියසේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ වදාරණසේක් “මහණෙනි, ශාරිපුත්ත්‍ර ස්ථවිරයෝ ඤාති සමූහයා විසින් පිරිවරණ ලදුව ශෝභාවත්වූවෝ දැන් මතුනොවෙයි පෙරත් ශෝභාවත්වූ වාහුමය. දේවදත්ත ස්ථවිරයෝ පිරිවර සමූහයා කෙරෙන් පිරිහුණෝද දැන්මතු නොවෙති පෙරත් පිරිහුණෝමයි” වදාරා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා අතීත කථාව හා වර්ථමාන කථාව ගළපා පූර්වාපරසන්ධි යොදා මේ ලක්ෂණමෘග ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කාල නම් මෘගතෙම දැන් දේවදත්ත ස්ථවිර වූසේක, පර්ෂිද් තොම දේවදත්ත ස්ථවිරයන්ගේ පර්ෂිද් වූවාය. ලක්ෂණ නම් මෘගරාජතෙම දැන් ශාරීපුත්ත ස්ථවිරවූසේක. ඔහුගේ පර්ෂිද්තොම දැන් බුදුපිරිස් වූවාය. එකල්හි මාතෘවූ මෘගධෙනුව දැන් රාහුල මව්වුවාය. පිතෘවූ මෘගරජව උපන්නෙම් වනාහි දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ය වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

images NEXT1

12 මාලුත ජාතකය

§තවද එක්සමයෙක්හි සව්නේගෙවාදත් බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් වැඩ කළ මහණ වූ භික්ෂුන් දෙනමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂු දෙනම කොසොල් ජනපදයෙහි එක් ආරණ්‍ය විහාරයෙක්හි වසන සේක. එක්කෙනෙක් කාලස්ථිවිර නම, එක්කෙනෙක් පුණ්හස්ථවිර නම,

 එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිරයන් වහන්සේ ගෙන් විචාරණසේක් “ස්වාමීනි.කාලස්ථවිරයන් වහන්ස! ශිතනම් කවර කලෙක්හි වන්නේදැ”යි විචාල සේක. හෙතම “කාල පක්ෂයෙහි වන්නේය”යි කී සේක.

ඉක්බිත්තෙන් එක් දවසක් කාලස්ථවිරයන් වහන්සේ ජුණහස්ථවිරයන් වහන්සේ අතින් විචාරණසේක් “ස්වාමීනි ජුණ්හස්ථවිරයන් වහන්ස! ශිතනම් කවරකාලෙක්හි වන්නේදැ”යි විචාළ සේක. හෙතම “පුණ්හපක්ෂයෙහි වන්නේය”යි කී සේක.

ඔහු දෙදෙනාම තම තමාගේ ශංකා සිඳින්නට නොහැකිව සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි සර්වඥයන් වහන්ස ශිතනම් කවරකලෙක්හි වන්නේදැයි විචාළාහුය.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා වදාරා මහණෙනි මම පූර්වයෙහිත් තොපට මේ ප්‍රශ්නය දේශනාකෙළමි, භවයෙන් වැසී තුබුනු බැවින් නොසැලකුවාහු දැයි වදාරා ඉකුත්වත් දක්වා වදාල සේක.

Image result for Lion and Tiger

යටගිය දවස එක් පර්වත ප්‍රාන්තයෙක්හි සිංහයෙක්ද ව්‍යාඝ්‍රයෙක් දැයි කියා යහළුවෝ දෙදෙනෙක් එකම ගුහාවෙක්හි වසන්නාහුය. එකල්හි බෝධිසත්වයන් වහන්සේද සෘෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව ඒ පර්වත ප්‍රාන්තයෙහි වාසය කරණසේක.

ඉක්බිත්තෙන් එක් දවසක් ඒ යහළුවන් දෙදෙනාට ශිතය නිසා විවාදයක් උපන, ව්‍යාඝ්‍රයා කාළපක්ෂයෙහි වන්නේයයි කීයේය. සිංහයා ජුණහපක්‍ෂයෙහි ශිතවන්නේයයි කීයේය. ඔහු දෙදෙනාම තමාගේ ශංකා සිඳින්ට නොහැකිව බෝධිසත්වයන් වහන්සේ අතින් විචාළාහුය.

බෝධිසත්වයන් වහන්සේ වදාරණ සේක් “කෘෂ්ණ පක්ෂයෙහිද නොහොත් ශුකුල පක්ෂයෙහිද යන මේ දෙපක්ෂයෙන් යම් කලෙක්හි පූර්වාදී දිගින් යුක්තව මාරුතය හමාද එසමයෙහි ශිතවෙයි. ඊට කාරණ කවරේද.ශිතය වාතයෙන් හටගන්නේය. වායු හමන කල්හි ශිතය වන්නේය. කෘෂ්ණපක්‍ෂය ශුකල්පක්‍ෂයම ප්‍රමාන නොවන්නේය. තොපි දෙදෙන මේ ප්‍රශ්නයෙහි නොපැරදුනාහ.”

මෙසේ බෝධිසත්වයන් වහන්සේද මහණෙනි පෙරත් මා විසින් තොපට මේ ප්‍රශ්නය කියන ලද්දේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශ කොට වදාළ සේක.

චතුස්සත්‍යයාගේ කෙළවර එර් ස්ථවිරයන් දෙදෙනා වහන්සේම සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ශාස්තෘන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළ සේක.සිංහතෙම ජුණහස්ථවිරවූයේය.ප්‍රශ්නය විසර්ජනය කළාවූ තපස්විම උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

imagesNEXT1

13 අයාචිත භක්ත ජාතකය

Image result for animal sacrifice in india§

තවද එක්සමයෙක්හි තුන්ලෝවාසීන්ට ගෞරවස්ථානීය වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි සතර ඉරියව්වෙන් යුක්තව වැඩ වාසය කරණ සේක් දේවතාවන්ට යාඥාකොට බිලිපූජාව කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කාලයෙහි වනාහී මනුෂ්‍යයෝ වර්ණක් කර්මාන්තය පිණිස යන්නාහූ මෘග සූකරාදී ප්‍රාණීන් ඝාතනය කොට දෙවතාවන්ට බිලිපූජා කොට අපි අන්තරායක් නැතිව අර්ථසිද්ධියට පැමිණ ආවාහූ දෙවතානූභාවයෙන් මේ අර්ථසිද්ධිය වූයේ යයි සිතමින් ඌරන් මුවන් ආදීවූ බොහෝ ප්‍රාණීන් නිසා යාඥාවෙන් මිදෙන පිණිස බිලි පූජා කරන්නාහුය.

එසේ කරන්නාවූ බිලිපූජා දැක භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දන්වන්නාහු ස්වාමීන් වහන්ස.මේ ප්‍රාණඝාත කිරීමෙහි වැඩෙක් ඇද්දොහෝ නැද්දෝහෝයි විචාළාහුය.භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසී තුබුනු කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

යටගිය දවස කසීරට එක් ගමෙක්හි කෙළෙඹි පුත්‍රයෙක් ගම් දොරෙහි පිහිටියා වූ නුගවෘක්‍ෂයෙක වාසය කරන්නා වූ දෙවතාවට බිලිපූජා කෙරෙමිය් ප්‍රතිඥා කොට ගොස් අර්ථසිද්ධියට පැමිණ අන්තරායක් නැතිව අවුත් එළුවන් තිරෙළුවන් ආදී වූ බොහෝ ප්‍රාණීන් ඝාතනය කොට ඇයැද ගැණීමෙන් මිදෙමියි සිතා නුග රුක්මුලට ගියේය. නුග වෘක්‍ෂයෙහි අධිගෘහිත දිව්‍යපුත්‍ර තෙම කඳවෙලෙප්හි සිට මෙසේ කීයේය.
‘පින්වත් පුරුෂය! තෝ ඉඳින් මින් මිදෙනු කැමැත්තෙහි නම් පරලොව මිදෙනු පරිද්දෙන් මිදේවා,ප්‍රාණ වධාදී වූ දුශ්චරිත කොට දැන් මිදෙන්නේද මතු පාප පාශයෙන් බැඳෙන්නේය. ඒ කාරණය දැන මෙසේ නුවනැත්තාවූ පණ්ඩිත පුරුෂයෝ මතු පාප පාශායෙන් නොබැඳෙන පරිද්දෙන් මිදෙත්.ඊට කාරණා කවරේද?.මෙබඳු මිදීම අඥනයාහට බන්ධනයට කාරණාය.මෙසේ ප්‍රාණඝාත කොට මිදී නම් අඥානයාහට බැඳිමට කාරණා වන්නේය”යි කියා ධර්මදේශනා කළ සේක.

එතැන් පටන් මනුෂ්‍යයෝ මෙබඳු වූ ප්‍රාණඝාත කිරීමයයි කියන ලද අකුශලකර්මයන් වැලක දානාශීලාදී වූ සුචරිත ක්‍රියාවෙහි හැසිරී දිව්‍යලෝකයෙහි උපන්නාහුය.

අප මහා ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ ආයාචිතභක්ත ජාතකය නිමවා වදාළ සේක.එසමයෙහි වෘක්‍ෂ දේවතාව උපන්නෙම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මමම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළ සේක.

14 කුරෑඩ මිග ජාතකය

§තවද එක් සමයෙක්හි ලොවට හිත ඇති වූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වසන සේක්  දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් සමයෙක්හි දම්සභා මණ්ඩපයෙක්හි රැස්ව උන්නාවු භික්ෂුන් වහන්සේ ඇවැත්නි මේ දේවදත්ත ස්ථිවිරයෝ සර්වඥයන් වහන්සේගේ මරණ පිණිස දුනුවායන් මෙහෙයූහ. හිසට ගල් පෙරලූහ. නාලාගිරියා මෙහෙයුහ. සර්වප්‍රකාරයෙන්ම බුදුන් වධයට උත්සහ කළේයයි දේවදත්ත ස්ථිවිරයාගේ නුගුණ කියමින් උන්ස්ක. සර්වඥයන් වහන්සේ අවුත් පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි දැන් කවර කථා වකින් යුක්තව උනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි දේවදත්ත ස්ථවිරයෝ නුඹවහන්සේට වධයට උත්සහ කෙරෙතියි උන්ගේ නුගුණ කිය කියා උනුම්හයි කීසේක. මහණෙනි. දේවදත්ත ස්ථවිරයන් මා වධයට උත්සහ කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උත්සහ කළෝමය එතකුදුවුවත් මරාගත නුහුනුවෝම යයි වදාරා ඉකුත් වත් ගෙනහැර දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නවුර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයෝ කුරුංගමෘග යෝනියෙහි ඉපිද එක් වනයක ඵලාඵල කමින් වාසය කෙරෙති. ඒ බෝධිසත්වයෝ එක්කාලයක ඵල සම්පන්න වූ ඇද්දේමට වචයක ඇද්දෙමට ගෙඩි කන්නාහුය. එකල්හි මැස්සේ සිට සතුන් මරන්නාවූ ගම්වැසි වැදිපුත්‍රයෙක් ඵලගත් ගස් මුල් වල මුවන්ගේ පියවර සටහන් බලා ගස උඩ මැස්සක් බැඳ එහි ඵල අනුභව කරන්නට ආවාවූ මුවන් තෙප්දමාලා හැණ මරා ඒ මුවන්ගේ මස් විකුට ජීවත් වන්නේය.

එක් දවසක් ඒ ගස මුල බෝධිසත්වයන්ගේ පියවර සටහන් දැන් ඒ ඇද්දෙමට ගස උඩ අට්ටාලයක් බැඳ උදෑසනම බත් කා තෙප් ගෙණ වනයට වැද ඒ වෘක්‍ෂය උඩට නැගී අට්ටාලය පිට උන්නේය. බෝධිසත්වයෝ උදෑසනම වසන්නාවූ ස්ථානයෙන් නික්ම ඇද්දෙමට කමියි ුවුත් ඒ ගස මුලට වහා නොවැද කිසිකළෙක අට්ටාල වැද්දෝ ගස්උඩ අට්ටාල බඳිති. එසේ හෙයින් එබඳු උපද්‍රවයෙක් ඇද්දෝහෝ යි පරීක්ෂා කෙරෙමින් දුරසිටියාහුය. වැදි පුත්‍රයාත් බෝධිසත්වයන් ලඟට නොඑන නියාව දැන අට්ටාලයෙහිම සිට ඇද්දෙමට ගෙඩි කඩ කඩා බෝධිසත්වයන් ඉදිරියට දමන්නේය. බෝධි සත්වයෝ මේ ඵල අවුත් මාගේ ඉදිරියහිම වැටෙන්නේ මේ ගසඋඩ වැද්දෙක් ඇද්දෝයි නැවත නැවත උඩබලන්නාහුය වැද්දහු දැක නොදුටුවාක් මෙන් පින් වත්වූ වෘක්‍ෂය පෙර තෝ ළඹ එල්වන කල්හි මෙන් ඉඳුරාම ඵල ලබන්නේය. දැන්වූ කල්හි තා විසින් වෘක්‍ෂ ධර්මය හළපස මමත් අන්‍ය වෘක්‍ෂයක් කරා එළඹ මට ආහාරයක් සොයමියි නික්මුනහ.

එකල්හි වැදි පූත්‍රයා අට්ටාලයෙහිම හිඳ බෝධිසත්වයන්ට තෙප්දමා වැරද ගිය හෙයින් තොප දැන් පලයව වැරද ගියේ වේදැයි කීය. බෝධි සත්වයෝ කරකැවීසිට කියන්නෝ එම්බල පුරුෂය දැන් තා ඒකාන්තයෙන්ම මා වැරදිවූ බවමුත් අටමහනාරයකින් සොළොස් ඔසුපත් නරකායෙහිත් දෙතිස් කම්කටොලු නොවැරදවූයෙහිම වේදැයි කිවුය. මෙසේ කියා ඒ මහාබෝසතානො ්කැමති පරිදි ගියෝය. යැදිපුත්‍රයා ගසින් බැස තමා කැමති පරිද්දෙන් ගියේය..

බුදුරජානන් වහන්සේ මහණෙනි දේවදත්ත ස්ථවිරියන් මා වධයට උත්සහකළේ දැන් මතු නොවෙයි පෙරත් උත්සහකළොමය එතකුදුවූවත් මරාගත නුහුනුවෝයි ධර්මදේශනා ගෙනහැර දක්වා වදාර සෙක්. එසමයෙහි අට්ටාල වැද්දා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝද, කරුංගමෘග වුයේනතිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් මම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක

16 නිග්‍රෝධ මෘග ජාතකය

§තවද එක්සමයෙක්හි අසරණ සරණ වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙර වැඩ වසනසේක් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ මෑනියන් අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ තෙරුන් වහන්සේගේ මැනියෝ නම් රජගහනුවර මහ සම්පත් ඇති සිටාන කෙනෙකුගේ දියනි කෙනෙක. පූර්ව ජන්මයෙහි රැස්කරණලද බොහෝ කුසල් මුල් ඇත්තෝය. අනිත්‍යාදී වශයෙන් පරික්ෂා කරණලද සංස්කාර ධර්මයන් ඇත්තෝය පශ්චිමාත්ම භාවයෙහි සිටියාහුය. කළතුළෙ පහණක් මෙන් මුන්ගේ අර්හත් ඵලයට උපනිශ්‍රය බබලන්නේය.

ඒ සිටු කුමාරිකා තමා නම දන්නා තැන් පටන් ගිහිගෙයි ඇල්මක් නැතිව මහණවනු කැමතිව දෙමව්පියන්ට කියන්නී, “මෑනියනි! පියාණෙනි! මට ගිහිගෙයි විසීමෙහි සිත තැලෙන්නේය. මට නෛයර්යානික වූ සර්වඥ ශාසනයෙහි මහණවනු රිසි වෙමි” එසේ කීවද දෙමව්පියන් උන් සුදුසු ස්වාමියෙක් සොයා විවාහ කර දුන්නේ විය.

මේ සංවාසයේ ඵලයෙන්   කුමාරකාව බඩ දරු ගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැබ පිහිටි බව නොදන්නීය. ඉක්බිත්තෙන් එක්දවසක් එනුවර නක්‍ෂත්‍ර ඝෝෂණය කොට සියලු නුවර වාසීහූ නකත්කෙළි කෙළින්ට පටන් ගත්තාහ. සැවැත් නුවර මුළුල්ල ශක්‍රපුරයක්මෙන් සරසා පිළියෙලකරණලද්දේ විය. ඒ කුමාරිකාවද දැන් මහත්වූ කක්‍ෂත්‍ර ක්‍රීඩාව පවත්නාකල්හි තමාගේ ශරීරය සුවඳ ආදීය ගල් වන්නීත් නොවෙයි. වස්ත්‍රාභරණාදීන් සැරහෙන්නීත් නොවෙයි. තමාගේ පියවි ස්වභාවයෙන්ම ඇවිදිනීය.

ඇගේ වල්ලභයානෝද මෙසේ කීවාහුය. “සොඳුර! මේ සියලුම නුවර නකත්කෙළි කෙළිම ඇසුරුකොට ඇත්තේය. තෙපි කුමක් නිසා ශරිරය පටිඡග්ගනය නොකරව්දැ”යි කීහ.

“සුවාමිපුත්‍රය! දෙසිත්කුණුප කොට්ඨාශයෙන් පිරුණා වූ මාගේ ශරීරය වස්ත්‍රාභරණාදීයෙන් සැරහීමෙන් ප්‍රයෝජන කිම්ද ? මාගේ ශරීරයද දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දේ නොවෙයි. බ්‍රහ්මයන් විසින් නිර්මාණය කරන ලද්දේ නොවෙයි. ස්වර්ණයෙන් නිර්මිතත් නොවොයි. මාණික්‍යයෙන් නිර්මිතත් නොවෙයි. හෙළ සඳුන් ආදී වූ චන්දනයෙන් නිර්මිතත් නොවෙයි. සත් පියුම් හෙළ පියුම් රඛේතාත්පළ සේවතෝත්පල ගර්භයෙන් උපන්නේත් නොවෙයි. දිව්‍ය ඖෙෂධයකින් කරන ලද්දේත් නොවෙයි. වැලි කෙසේ උපන්ද යත් කුළුපයෙහි හට ගත්තේය. මව් පිය දෙදෙනාගේ සම්භවයෙන් ජාතිය අනිත්‍යය ඉලීම මැඩීම බෙදීම නැසීම ස්වභාව කොට ඇත්තේය. සෝනළුගොඩ වර්ධනය කරන්නේය. තෘෂ්ණා උපාදාන දෙකෙන් යුක්ත ශෝකයට මුල් කාරණය හැඬීමට වස්තුය. සියළු රෝගයට වාසස්ථානය තෙදිස් කම් කටොළු කරන්නවුන්ට පරිග්‍රහන කරන ලද්දේය. ඇතුළෙහි කුණුය. පිටද නිරන්තරයෙන් වෑහෙන්නා වූ කුණු ඇත්තේය. අසූ දහසක් ක්‍රිමි කුලයන්ට වාසස්ථානය අමු සොහොන් වලට ලංව සිටියේය. මරණයාගේ කෙළවර සියළු ලෝක වාසීන්ගේ වක්‍ෂූන් පථයෙහි පවත්නා වූ මේ ශරීරය තුන්සීයක් පමණ ඇට සඟලින්ද නවසියයක් නහරින්ද යෙදුනේය. සමින් ද නවසීයක් මස්වැදැල්ලෙන්ද දළඹුයෙන්ද යුක්තය. මේ කිව්වා වූ සියල්ලම මේ සමින් වැසි සිටීය. එසේ හෙයින් තත්වූ පරිද්දෙන් පිටත සිටිය වුන්ට නොපෙනෙන්නේය. ඇතුනෙන්ද පිරි සිටියේය. උදරයෙන්ද පිරි සිටියේය. අක්මාවටද හෘද මාශයටද පපු කැත්තටද වකු ගඩුවටද බඩ දිවටද සොටුවටද කෙළටද සෝදියටද දාඩියටද මේධ තෙලටද සඳමිදුලටද පිත්තයටද වාසාතෙලටද වාසස්ථානය තවද ඒ සත්වයාගේ නව මගදොරින් හැමවේලෙහිම අසූචී වහනය වන්නේය. දෑසින් රිල් ව්‍යවහාරයෙන් අක්ෂි ගූථයද දෙකන් සිලෙන් කාරදු ව්‍යවහාරයෙන් ඝනී කණි ගූථයද දෙනාසාපුටයෙන් වැහෙන්නා වූ ද පිත්තයද සෙලෙස්මාවද සමාරවේලෙහි මුඛයෙන්ද වමනය කරන්නේය. ශරීරයෙන් සේදී වහනය කරන්නේය. යළිදූ ඒ සත්වයාගේ සිදුරු ඉස ඉස මුලින්ද පිරුණේය.

අවිද්‍යාව පෙරදැරි කොට ඇත්තාවු අඥාන සත්ව තෙමේ යථොක්ත කුණපක්කෝට්ඨාසයන්ගෙන් යුක්ත වූ ඒ රුපය යහපතැයි සිතන්නේය. මේ ශරීරය අපමණ වූ ආදීනවයෙන් ද යුක්තය. විෂ වෘක්ෂයට බඳු වූ උපමාත් ඇත්තේය. සියළු වියාදීන්ට වාසස්ථානය උදක්ෂිණ සියළු දුක්ඛයාගේ ශරීරය ඉඳින් මේ කුනුප ශරීරයාගේ ඇතුළත පිටත වූයේ් වී නම් ඒ කාන්තයෙන් දන්ඩක් අරගෙන කෑමට පැමිණි හවුඩු බළු ආදීන් වලකන්නේය. මේ ශරීරය දුර්ගන්ධ වහනය කරන්නේය. එසේ හෙයින් අපවිත්‍රය. කුණුපයක් වැන්නය. පඨකටකින් වසා තුබූ කසල කොඩකට බඳු වූ උපමා ඇත්තේය. ඇතුළ අසූචි පුරා පිටත සිතුයම් කල මැටි කලයකට බඳු උපමා ඇත්තේය. තවද මේ ශරීරය නුවණස් ඇත්තවුන් විසින් නින්දා කරණ ලද අඥාන සත්වයන් විසින් සතුටුවන ලද්දේය. ස්වාමීපුත්‍රය මේ කුණුප ශරීරය සරහා කුමක් කෙරෙම්ද. මේ ශරීරයාගේ සැරහීන අසූචූ පිරුණා වූ කළයෙහි පිටත සිතියම් කරන්නාක් වැන්නේය”යි කිව.

සිටු පුත්‍රයාණෝ ඒ කුමාරිකාවන් මෙලෙසින් අනිත්‍ය ප්‍රතිසංයුක්තව කියන්නා වූ බස අසා මෙසේ කීහ. “සොඳුර තෙපි මේ ශරීරයෙහි මෙලෙසින් දෝශ දක්නාහූ කවර හෙයකින් මහණ නොවව්දැ”යි කිව්ය.

“ස්වාමි පුත්‍රයාණෙනි! මහණ වීමට තොප විසින් සම්මත ලදින් නම් අදම මහණ වෙමි”යි කිව.
සිටු පුත්‍රයාණොත් “යහපත. මම තොප මහණ කරවිමි”යි කියා මහදන් පවත්වා මහත්වූ සත්කාර සම්මාන කොට මහත් වූ පෙලහරින් මෙහෙණව රටගෙන ගොස් ඒ කුමාරිකාව මහණ කරවන්නාහු. දෙව්දත් මහතෙරුන් වහන්සේව පක්ෂව හිඳින්නාවූ භික්ෂූනීන් සමීපයෙහි මහණ කරවූහ.

ඒ කුමාරිකාවද ප්‍රවජ්ජාව ලැබ චිත්ත සංකල්පනා ඇත්තී සතුටු වූ සිත් ඇති වූය. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාවන්ගේ දරු ගර්භය මිහි කිරීමට පැමිනෙන්නේය. චක්ෂු රාධි ඉන්ද්‍රයන් ගේ අන්‍යය තාත්වයද හස්තපාද පෘෂ්ට ඉල්පුනු බවද උදරපටලයාගේ මහත් බවද දැක අනෙක්  භික්ෂූනීහූ “ආර්යාව තෙපි දැරී ඇත්තාක් මෙන් පෙනව. මේ කීමෙක්දැ”යි විචාලාව.
“ආර්යාවෙනි මම මෙනම් කාරණයකැයි නොදනිමි. මාගේ ශිලය සම්පූර්ණය”යැයි කිව.

ඉක්බිත්තෙන් ඒ භික්ෂූනිය අවසේස භික්ෂූනියහුද දෙව්දත් මහතෙරුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගොස් , “ආර්යයන් වහන්ස මේ කුල ස්ත්‍රිය දුකසේ වල්ලභයා සිත් ලබාගෙන ප්‍රවෘජ්ජාව ලද්දේය. දැන් වනාහී මෑගේ දරු ගර්භයෙක් පෙනෙන්නේය. අපි හැමගේ ගර්භය ගිහි කල ලත් බවුත් මහණ කල ලත් බවුත් නොදත්හ. දැන් ඉට කුමක් කරමුදැ”යි විචාලාහ.

දෙව්දත් ස්ථවිරයෝද තමන් නුබුදු බැවින්ද අනුන් කෙරේ ශාන්තියක් මෛත්‍රියක් දයාවක් නැති හෙයින්ද මෙසේ සිතුහ. දෙව්දත් ස්ථිවිරයන් වහන්සේගේ පක්ෂයේ භික්ෂුනියක් විසින් දරු ගර්භයක් පරිහරණය කරන්නීල දෙව්දත්ත ස්ථවිරයෝය ඒ බලබල බලා ඉඳිතියි මට නින්දා උපදවන්නේය යි මා විසින් මේ මෙහෙණින්න මෙතැනින් නෙරපායන්ට සුදුසු යයි ඒ දේවදත්ත ස්ථවිරයෝ පරික්ෂා නොකොටම ගල් කැටක් පෙරලෙන කලක් පරිද්දෙන් උඩට පැන නැගී “යව! මෑ මෙතැනිනි නෙරපාව”යි යි කිය.

ඒ භික්ෂුණියද දේවදත්ත ස්ථවිරයන් කී බස් අසා උන් තැනින් නැගිටසිට වැඳලා සර්වඡයන් වහන්සේගේ පක්ෂයෙහි භික්ෂුනීන් වසන්නා වූ ස්ථානයට ගියාය. ඉක්බිත්තෙන් බාල වූ මෙහෙණින්නට කියන්නේ “ආර්යාවෙනි දේව්දත්ත ස්ථිවිරයෝ බුදු නොවෙති. මට උන් සමීපයෙහි මහණව ඉඳිමෙන් ප්‍රයෝජන නැත. මේ ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ සර්වඥයන් වහන්සේ සමීපයේ මහණ වීමට අභිප්‍රාය කොට මා විසින් දුකසේ ලද්දා වූ මේ ප්‍රවජ්ජාවම අන්තර්ධාන නොකරව. මා කැඳවාගෙන සර්වඥයන් වහන්සේ කරා ජේතවනාරාමයට යවයි කීව. ඒ භික්ෂූනිහුද අලුත ගියා වූ භික්ෂූනිය කැඳවාගෙන රජගහ නුවරින් පන්සාලිස් යොත්නක් තැන් ම ගෙවා අනුපමයෙන් ජේතවනාරාමයට පැමිණ සර්වඥයන් වහ්සේ වැඳ මේ කාරණය දැන්වූවාහුය.

සර්වඥයන් වහන්සේ මෑගේ දරු ගැබ ගිහි කලම පිහිටියේයැයි සිතු සේක. එසේ නියම කොට දැනැත් ශ්‍රමණ බවත් ගෞතමයෝ දේවදත්ත ස්ථිවිරයන් විසින් හරණ ලද මෙහෙනින්ය අරගෙණ ඇවිදිනාහයි තිර්තකයන්ට කියන්ට අවසර පෙනෙන්නේය එහෙියින් මේ උපත් කතාව විචාරා සනිටුහන් කරන්නටද සරාජික පර්ෂිත් මධ්‍යයෙහි විනිශ්චය කරන්නට සුදුසු වන්නේ යැයි දෙවැනි දවස් පසේනදී කොසොල් රජ්ජුරුවන්ද අනේ පිඩු සිටානන්ද සුළු අනාථ පිණ්ඩිකයන්ද විශාකා මහඋපාසිකාවන්ද අනිකුත් ප්‍රසිද්ධ මහ කුලයන්ද කැඳවාලා මේ අධිකරණය විචාරා සනිටුහන් කරන්නට පාවා දුන් සේක .

සවස් වේලෙහි සිව්වනක් පර්ෂිත් රැස්වූ කල්හි විනයට අග්‍රකොට තබන ලද්දා වූ උපාලි ස්ථවිරියන් වහන්සේට යව සිව්වනක් පර්ෂිත් මධ්‍යයෙහි මේ දහර භික්ෂූනියගේ අධිකරණ විචාරා ශුද්ධ කරවයි වදාල සේක.

“යහපත ස්වාමීනි” යි තෙරුන් වහන්සේ පර්ෂිත් මධ්‍යයට ගොස් තමන් වහන්සේ ට පැමිණියා වූ ආසනයේ වැඩ හිඳ රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි විශාඛා මහෝඋපාසිකාවන් කැඳවා, “යව! මහ උපාසිකාවෙනි මේ ලදරු භික්ෂූනි අසවල් මස අසවල් දවස් මහණ වූ වයි තත්වයෙන් දැන මේ දරු ගර්භය මහණ වන්නට පෙරාතුදෝ හෝ පසුවදෝ හෝයි නියම දැන කියව”යි විසාඛාවන් අතට පාවාදුන් සේක.

විශාඛා මහඋපාසිකාවෝද “යහපත ස්වාමිනි” යි  පිළිගෙන වටකොට තිරයක් අද්දා තිරය ඇතුලදී බාල භික්ෂූනියගේ හස්ත පාදාදිය බඩකෙලවර කොට බලා මාස් දවස් එක් කොට ගණන් පරික්ෂා කරවා ගිහිකල දරු ගැබ ලත් නියාව තත්ව හෙයින් දැන උපාලි ස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් මේ වූ නියාව දැන්වුය.

තෙරුන් වහන්සේද සිව්වනක් පර්ෂිද් මධ්‍යයෙහිදී ඒ භික්ෂූනිය ශුද්ධ කළ සේක. ඒ භික්ෂූනියද උපන් කිළුටින් ශුද්ධව භික්ෂු සංඝයා වහන්සේද සර්වඥයන් වහන්සේද වැඳ සෙසු භික්ෂූනින් හා සමඟ මෙහෙණින්නන් වසන්නාවූ ස්ථානයටම ගියාය. ඕ තොමෝ දරු ගර්භය බිහි කිරීමට පැමිණි කල්හි පියුමතුරාණන් සර්වඥයන් සමයෙහි කරණ ලද ප්‍රාර්ථනා ඇති මහානුභාව සම්පන්න වූ පුත්‍රයානන් කෙණෙකු වැදූය.

ඉක්බිත්තෙන් එක් දවසක් පසේනදි කොසොල් රජ්ජුරුවෝ මෙහෙනිවර සමීපයෙන් යන්නෝ දරුවන් අඬන අඬ අසා අමාත්‍යයන් අතින් මේ කිමෙක්දැයි විචාලාහ. අමාත්‍යයෝද ඒ කාරණය දැක රජ්ජුරුවන් වහන්ස ඒ දවස් සිව්වනක් පර්ෂිද් මධ්‍යයේදී අධිකරණ විචාරා සනිටුවහන් කල භික්ෂූනීන් වහන්සේ පුත්‍රයාණ කෙණෙකුන් වැදූ සේක. ඔවුන්ගේ මේ ශබ්දයයි කීව්වාහුය.
“සගයෙනි භික්ෂූනීන්නට දරුවන් පරිහරණය කිරීම නම් තපසට ඉතා පරිබෝධය. අපි ඒ කුමාරයන් වඩම්හ”යි කියා ගෙන්වා ගෙන නාටක ස්ත්‍රින්ට පාවා දිවා කුමාරයන් පරිහරණයෙන් වැඩුහ.

ඒ කුමාරයන්ට නම් තබන දවස කාශ්‍යප යයි නම් තුබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාරයා පරිහරණයෙන් වැඩුනු බව හේතු කොට ගෙන කුමාර කාශ්‍යප යයි කියා නම් තුබුවාහුය. ඒ කුමාරයෝද සත් ඇවිරිදි අවස්ථාවෙහි සර්වඥයන් සමීපයෙහි මහණව සම්පූර්ණ වූ විසි වයස් ඇතිව උපසම්පදාව ලැබ කල්ගිය පසු බණ කියන්නාවුන් අතුරෙහි විචිත්‍ර කතිකවූවාහුය.

ඉක්බිත්තෙන් ඔහු සර්වඥයන් වහන්සේද “මහණෙනි මාගේ ශාසනයෙහි විසිතුරු කොට බණ කියන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් යම්මේ කුමාර කාශ්‍යප ස්ථිවරයෙක් ඇද්ද මේ තෙම අග්‍රය”යි එතද ග්‍රාපාලියෙහි තබා වදාල සේක. උන් වහන්සේද පසුව කල්යාමෙකින් වම්මික සුත්‍ර දේශනාවෙන් බණ අසා අරහත්වයට පැමිණි සේක. ඒ කුමාර කාශ්‍යප ස්ථවිරයන්ගේ මව් භික්ෂූනියද විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණියාහුය. ඒ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද සර්වඥ ශාසනයෙහි ආකාශයෙහි චන්ද්‍රයා පරිද්දෙන් ප්‍රකාශ වූ සේක.

එක්දවසක් සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ පස්බත ආහාර පර්යේෂණයෙන් වැලකී සේක් වදාල අන්තයෙහි භික්ෂූන් වහන්සේට අවවාද දී ගඳ කිළියට වන් සේක. භික්ෂූන් වහන්සේ අවවාද පිළිගෙන තම තමන් වහන්සේගේ රාත්‍රි ස්ථානාදී වාවස්ථානයෙහි දවල් දවස් යවා සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට රැස්ව ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ තමන් නුබුදු බැවින්ද ක්‍ෂාන්ති මෛත්‍රියක් නැති බැවින්ද ඔහු විසින් කුමාර කාශ්‍යප ස්ථවිරයෝද උන් වහන්සේට මව් වූ ස්ථිවරී වූද නෙලනා ලදහ. සර්වඥයන් වහන්සේ වනාහී තමන් වහන්සේ ධර්ම රාජයන් බැවින්ද සියළු සත්වයන් කෙරෙහි පතලා වූ කරුණා මෛත්‍රි ආදීය ඇති බැවින්ද ඔවුන් දෙදෙනාට පිහිට වූ සේකැයි සර්වඥයන් වහන්සේගේ ගුණ වර්ණනා කෙරෙමින් උන් සේක.

බුදු රජානන් වහන්සේද සර්වඥ ලීලාවෙන් ධම් සභා මණ්ඩපයට වැද පණවන ලද බුද්ධාසන මස්කයෙහි වැඩ හිඳ “මහණෙනි! මා එන්නාට පූර්ව භාගයෙහි කවර කතාවකින් යුක්තව උන්නුදැ”යි විචාරා වදාරා “නුඹ වහන්සේ නොකියන්ට වදාලා වූ රාජ කතා ඡෝර කතා ආදී වූ දෙතිස් කථාවෙන් යුක්තව උනුමෝ නොවම්හ. දේවදත්ත ස්ථිවිරයන්ගේ පිහිට නොලැබ පලා ආ කුමාර කාශ්‍යප ස්ථිවිරයන් හා මව් ස්ථිවිරයන් දෙදෙනාට පිහිට වූ නියාව කිය කියා උනුම්හ”යි ආදියෙහි පටන් සියළු ප්‍රවෘත්තිය දැන්වූහ.

“මහණෙනි! සර්වඥයෝ මොහුන් දෙදෙනාට දැන් මතු පිහිට වූවෝ නොවෙති. පූර්වයෙහි ප්‍රත්‍යයත් පිහිටවූවාහු වේදැ”යි වදාල සේක. භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශණය පිණිස භාග්‍යවත් වූ බුදු රජ හට යාඤ්ඤා කොට කී සේක. සර්වඥයන් වහන්සේද අන්‍ය භවයෙන් සැඟ වූනාවූ ඉකුත් වත් ප්‍රකාශ කොට වදාල සේක.

Image result for great deer

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙණෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතානෝ මෘග යෝනියෙහි පිළිසිඳ ගත්හ. බෝධි සත්වයෝද මව් කුසින් බිහි වූවාහු රන්වන් වූ ශරීර වර්ණ ඇති වූහ. ඒ මෘග පෝතකයන්ගේ අක්ෂිහූ දෙදෙන ඉන්ද්‍ර නීල මානික්‍යයකට බඳුවු සටහන් හා පැ ඇත්තාහ. අංකුර දෙක රජත වර්ණය මුහුණ රත් පලස් වූ පටක් බඳු වූ පැහැ ඇත්තේය. හස්ත පාදයන්ගේ පර්යන්තයෝ ලාක්ෂා රසයෙන් පිරි යම් කරණ ලද්දාහු වැනිය. වලාදීය වමර වලාදිය වැනි වූ සේය. එ මෘග පෝතකයන්ගේ ශරිරයද මහත් වූ අශ්ව පෝතකයක් පමණ වූයේය. ඒ මව් රජ්ජුරුවෝද පන්සියයක් පමණ මුවන් විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. නමින් නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවෝය. එ මුව රජ්ජුරුවෝවන්ට නුදුරු වූ ස්ථානයෙහි පන්සියයක් මුවන් පිරිවරන ලදුව ශාඛා මුග නම් වූ අනිකුත් මුව රජ්ජුරුකෙණෙක් ඒ වනයෙහි වසන්නාහ. ඒ මුව රජ්ජුරුවෝද රන් වන් වූ ශරිර වර්ණ ඇත්තාහ.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝද මුවන් මැරීමෙහි නියුක්තව වෙසෙති. මංශ නැතිව බත් අනුභව නොකෙරෙති. මනුශ්‍යන්ගේ කර්මාන්ත නැතිකොට සියළු ගම් නියම් ගම් ජනපදවාසීන් රැස්කරවා දවස් පතා මුව දඩයමට යන්නාහ. මනුශ්‍යයෝ මෙසේ සිතූහ. රජ්ජුරුවන් වහන්සේ නිරන්තරයෙන් මුව දඩයමට යාමෙන් අප හැමගේ කර්මාන්ත පමා වන්නේය. අපි හැම රාජධානියෙහි මුවන්ට ගොදුරට නිසි තන ආදිය රෝපණය කොට පැන් බොන්නා වූ ස්ථානයක්ද සමුද්ද කරවා බොහෝ මුවන් වලින් ගෙනවුත් උයනෙහි ලා දොර පැලලි බැඳ රජ්ජුරුවන් වහන්සේට පාවා දුනු මෝ නම් යෙහෙකැයි සිතා ඒ සියළු මනුශ්‍යයෝම එක්ව ගෙන උද්‍යානයෙහි තණ පැන් සමුද්ද කරවා මුගුරු ආදී වූ නොයෙන් ආයුධ ගත් අත් ඇතිව වලට වැද මුවන් සොයා ඇවිදිනා වූ වන මධ්‍යයයෙහි සිටියා වූ මුවන් හා ශාඛා නම් මුව රජ්ජුරුවෝ හා නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවන් වසන්නාවූ ස්ථානය මධ්‍ය කොට වටකලාහුය. ඉක්බිති ඒ මුග සමූහයා දැකලා ගස් වලද වල්පිටද බිමද මුගුරු වලින්ද දඬු ආදියෙන්ද ගසමින් මුවන් භය ගන්වා උගුළුවා කඩු අඩයටි දුනු ආදී වූ ආයුදයන් ඔසවා පෑ මහත්වූ ශබ්ද පවත්වමින් මුග සමූහයා උයනට වද්දවා දොර පැලලි වසා රජ්ජුරුවන් කරා ගොස්, “රජ්ජුරුවන් වහන්ස දවසක් පාසා මුව දඩයමට ගොස් අප හැමගේ කර්මාන්ත නොනැසුව මැනව අප හැම විසින් වලින් මුවන් ගෙනවුත් නුඹ වහන්සේගේ උයනෙහි ලන ලද මෙතැන් පටන් ඔවුන්ගේ මස් අනුභව කල මැනව”යි රජ්ජුරුවන්ට කියා තමන්ගේ ගං ගෙවලට ගියාහුය.

රජ්ජුරුවෝ උන් හැම කී බස් අසා උයනට ගොස් මුවන් බලන්නාහු. රන්වන් මුව රජ්ජුරුවන් දෙදෙනා දැක ඔවුන් දෙදෙනාට පමණක් අභය දානය දුන්නාහ. එවක් පටන් හැම දවසක රජ්ජුරුවෝ තුමු ගොස් ඉන් එකමුවෙකු විඳ ගෙනෙන්නාහ. කී දවසක අරක් කැමියා ගොස් මුවකු විද ගෙනෙන්නේය. මුවෝ දුනු දැක මර භයින් තැති ගත්තාහු ඒ ඒ තැන සැඟ වී යන්නාහ. විත් දෙක තුන ලැබ බොහෝ දෙනා පීඩාවිඳින්නාහ. තනින් පැනින් දුක් විඳ ලෙඩ වන්නාහුද වෙති. මරණයටද පැමිණෙති. මුග සමූහයා මෙපවත් බෝධිසත්වයන්ට දැන්වීය.

බොධි සත්වයෝද ශාකා මුග රජ්ජුරුවන් කැඳවාලා යහළු බොහෝ වූ මුවෝ වල පිති නසති එකාන්තයෙන් මලයතු බව නියම පසු මෙතැන් පටන් ශරයෙන් මුවකු නොවිදිත්වයි දන් ගෙඩියට තුබු ස්ථානයට මුවන් ට වර පැමිණේවයි එක් දවසක් අපගේ පර්ෂද වාරය පැමිණේවයි එක් දවසක් තොපගේ පර්ෂදට වාරය පැමිණේවයි වාරය පැමිණියා වූ මුවෝ ගොස් දම් ගෙඩියෙහි හිස තබාලා වැද හොත්වයි එසේ කල්හි මුවෝ ඒ වදයට නොපැමිණෙත්වයි සනිටුහන් කොට ඒ සියළු මුගයෝම යහපතියි පිළිගත්හ.

එදවස් පටන් වාරය පැමිණියා වූ මුවෝ ගොස් දන් ගෙඩිය මත්තෙහි හිස තබා වැදහොත්තේය. අරක්කැමියා අවුත් ඒ දන් ගෙඩිය මත්තේහි වැද හොත්තාවූ මෘගයාම මරා ඇරගෙන යන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් ශාඛා මුගෘයානන්ගේ පර්ෂිත් හි දැරී ඇති වූ මුව දෙනකට වාරය පැමිණියෝය. ඒ මුව දෙන ශාඛා මුව රජ්ජුරුවන් සමීපයට එළඹ “ස්වාමීනි මමත් ගර්භිනී දරුකෙණෙකුන් වදා අප දෙදනමෝ දෙවාරයක් යම් හ”යි මාගේ වාරය ඉක්මවාපුව මැණවයි කිව.

ඒ ශාකා මුවාණෝ “තොපට පැමිණි වාරය අනෙක් කෙනෙකුන්ට පමුණුවන්නට මට නොපිළිවන. තෝප තිබි පුත්‍රයා දන්නෙහිය. මෙතැනින් පලායව”යි කිව්වාහුය. ඒ මුව දෙන්නාම ශාකා මෘගයන්ගේ සමීපයෙන් අනුග්‍රහයක් නොලබන්නී බෝධි සත්වයන් කරා එළඹ මේ කාරණය දැන්වුහ. බෝධිසත්වයෝද ඒ මුව දෙනගේ බස් අස අසා වන්නාට “තෙපි යව! මම තොපගේ වාරය ඉක්මවමි”යි තුමු ගොස් දන් ගෙඩිය මත්තෙහි ඉස තබා ගත්තේය.

අරක් කැමියාද ඒ බෝධිසත්වයන් දැක ලබන ලද අභය ඇති මුව රජ්ජුරුවෝ දන් ගෙඩිය මත්තෙහි ඉස තබාගෙන වැද හොත්තාය. මීට කාරණය කිම්දෝ හෝයි සිතා යුහුව ගොස් එපවත් රජ්ජුරුවන්ට කීයේය. රජ්ජුරුවෝද එකිනෙහි රථයකට පැන නැගී මහත් වූ පෙරහරින් උයනට ගොස් දංගෙඩිය මත්තෙහි හිස තබා වැද හොත් බෝධිසත්වයන් දැක “යහළු වූ මුව රජ්වෙනි. මා විසින් තොපට අභය ධායන දෙන ලද්දේ නොවේද. කවර කාරණයකින් තෙපි මෙතන වැදහොත්තාහුදැ”යි කීහ.

“මහ රජ්ජ්රුවෙනි දැරී ඇති මුව දෙනෙක් මා සමීපයට අවුත් මට පැමිණි වාරය අනිකෙක් හට පැමිණුව මැනවයි කිව. මා විසින් එකක් කට පැමිණි මරණ දුක් අනිකක් හට පව් නොවන්නට මට නොපිළිවන. ඒ මම මාගේ ජිවිතය ඈට දී ඈට පැමිණි වාරය මම අරගෙණ මෙතන වැදහොත්තෙමි. අනෙක් සැකයක් නොකරව රජ්රුවෙනි” යි  කිව්වාහුය.

“මාගේ ස්වාමී වූ මුව රාජයාණෙනි! මා විසින් තොප බඳු වූ ක්‍ෂණාන්තිය හා මෛත්‍රිය අනුකම්පා ඇති කෙනෙකුන් මනුෂ්‍යයන් කෙරෙහිදෝ නොදක්නා ලද. ඒ කාරණයෙන් තොප කෙරෙහි ප්‍රසන්නයෙමි. නැගී සිටුව තොපටත් ඒ මුව දෙනටත් අභය දානය දෙනමි”යි කීහ.

“අප දෙදෙනා විසින් අභය දානය ලත් කල්හි සෙසු මුවෝ කුමක් කෙරෙද්ද රජ්ජුරුවෙනි. සෙසු මුවන්ටත් අභය ධානය දිනිමි ස්වාමීනි” කීහ.
“මහරජ උයන වසන මුවන්ට අභය ධානය දුනවයි. වල වසන සෙසු මුවෝ කුමක් කෙරෙද්දැ”යි කීහ.
“ඕන්ටත් අභය දිනිමි”යි කීහ.
“මහරජ වල හා ගම වසන මුවෝ අභය ධානය ලත්හ. අවශේෂ වූ චතුප්පදික සත්වයෝ කුමක් කෙරෙද්ද රජ්ජ්රුවෙනි?” කීහ.
“ඒ ඒ චතුශ්පදික සත්වයන්ටත් අභය ධානය දිනිමි”යි කීහ.
“චතුශ්පදිකාදීහු අභය දානය ලත්හ. දියෙහි වසන්නාහූ මත්ස්‍ය ජාතීහු කුමක් කෙරෙද්ද?” කීහ.
“ඔවුන්ටත් අභව දානය දිනිමි”යි කීහ.

මෙපරිද්දෙන් මහා බෝධිසත්වයෝ රජ්ජුරුවන් අතින් මුවන් ආදී වූ සියළු සත්වයන්ට අභය දානය ඉල්වාගෙන වැදහොත් තැනින් නැගී සිට, රජ්ජුරුවන් පංචශිලයෙහි පිහිටුවා, “රජ්ජ්රුවෙනි දස කුසල ධර්මයෙහි හැසිරෙව. මව් පියන් කෙරෙහිද දූ දරුවන් කෙරහිද ශ්‍රමණ භ්‍රහ්මණයන් කෙරෙහිද සියළු ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් ” හැසිරෙව!” යි  රජ්ජුරුවන්ට අවවාද කොට මධ්‍යම ප්‍රතිපදායෙහි හැසිරෙන්නා වූ සත්ව තෙම කරජකාය යාගේ බේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතයෝ ස්වර්ගලෝකයෙට පැමිණේවායි රජ්ජුරුවන්ට සර්ව ඥාණීලීලාවෙන් ධර්ම දේශනා කොට කීප දවසක් ඒ උයනේ වාසය කොට රජ්ජුරුවන්ට අවවාද දී මුග සමූහයා විසින් පිරිවරණ ලදුව තමන් පෙර විසුවා වූ වනයට පැමිණියාහුය.

ඒ මුව දෙන්ද පුෂ්ප කර්ණිකාවට බඳු වූ පුතෙකු වැදුහ. ඒ මුව පැටියාණෝද කෙළෙ තැනැත්තෝ ශා මුග රාජයායන් සමීපයෙහි ගොස් කෙරෙනාහ. ඉක්බිත්තෙන් ඒ මුග පෝතකයන්ගේ මෑණියෝ ඒ ශාක මුග රාජයන් සමිපයෙහි යන්නා හූ දැක “පුත! මෙතැන් පටන් ඔහු සමීපයට නොයව. නිග්‍රා්ධ මුග රාජයානන් වහන්සේ සමීපයටම යව”යි පුතනුවන් අවවාධ කරන්නාවූ මෘග දේනුව මෙසේ කීහ.
“පුත තොප මේවායි අනෙක් කෙනෙක් වේවායි තමන්ට හිතයක් වැඩක් කැමැත්තේ වී නම් නිගෝ‍රා්ධ මෘග රාජයයානන් වහන්සේම සේවනය කරන්නේය. ශාක මෘග රාජයානන් කරා නොඑළඹෙන්නේය. සේවනයත් නොකරන්නේය. ඔහු නිසා ජීවිකාවත් නොකරන්නේය. ශාඛ මෘග රාජයානන් සමීපයෙහි යම් ජීවිකාවක් ඇද්ද ඒ ජීවිකාවටත් වඩා නිග්‍රෝධ මෘග රාජයානන් වහන්සේගේ පාද මූලයෙහි වැද හෙව මිය යාම උතුම් වන්නේයැ”යි ශාඛ මෘග රාජයානන් සමීපයට නොයෙන ලෙස අවවාද කලාහ.

රජ්ජුරුවන් විසින් අභව දානය දුන් තැන පටන් අභය ලද්දා වූ මුවෝ මනුශ්‍යයන්ගේ ගොයම් කා නසන්නාහ. මනුශ්‍යයෝ අභය දානය ලත් මුවෝ යයි ගසන්නටද පළවන්නටද නොහැක්කාහ. ඒ සත්වයෝ රාජංගනයේ රැස්ව රජ්ජුරුවන්ට මෙපවත් කීවාය. රජ්ජුරුවෝ “ප්‍රසන්න වූ සිත් ඇති මා විසින් නිග්‍රෝධ මිග නම් උත්තමයාට වරදෙන ලද ඒ රාජ්‍යය හරින්නේ නමුත් එදවස් දුන් ප්‍රතිඥා නොහරින්නේය පලායව මාගේ ආඥ්ඤාව පවත්නා ස්ථානයෙහි මුවන් මරන්නට කිසිත් සත්වයෙක් නොලබන්නේය”යි කීවාහුය.

නිග්‍රෝධ යුව රජ්ජුරුවෝද එපවත් අසා මෘග සමූහයා රැස් කරවා මෙතැන් පටන් අනුන්ගේ ගොයම් කන්නට නොපිළිවනැයි මුවන් වලකා මෙතැන් පටන් ගොයම් රක්නා වූ මනුශ්‍යයෝ ගොයම් රක්නා පිනිස වැටක් නොකරත්වයි කුඹුරුවට කොටපත් අදිත්වයි මනුශ්‍යයන්ට කියා යැව්වාහුය. එතැන් පටන් කොට ක්‍ෂෙත්‍රවල්හි කත් ඇදීම සංඥාව පහල විනූ එවක් පටන් පත් ඇඳි සලකුණ ඉක්මවන්නාවූ එකද මෘගයකුත් නැති මේ වනාහි ඒ සත්වයන්නට මහ බෝසතානන්ගෙන් ලැබෙන ලද අවවාදැයි මෙපරිද්දෙන්ම මෘග සමූහයාට අවවාද කොට නිග්‍රෝධ බෝධිසත්වයෝ ආයූ පමනින් සිට ඒ මුවන් හා සමඟ කම් වූ පරදිද්දෙන් මිය පරලොව ගියාහුය.  ඒ රජ්ජුරුවෝද බෝධිසත්වයන්ගේ අවවාධයෙහි සිට ධානමානාදී වූ කුසල් කොට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහ.

ලොව්තුරා සර්වඥයන් වහන්සේද,  “මහනෙනි! මේ ස්ථිවරයන්ටද කුමාර කාශ්‍යප ස්ථිවිරයන්ටද මම දැන් මතු පිහිට වූයෙමි නොයෙමි.පළමුත් පිහිට වූයෙමි වේදැ”යි මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුශ්සත්‍යය දේශනාව පෙරදැරි කොට අනීත කතා වර්ථමාන කථාවත් වදාරා දෙක එක් කොට සන්ධි ගලපා මේ නිග්‍රෝධ මිග ජාතකය නිමවා වදාලසේක.

එකල්හි ශඛ්‍ය මෘග රාජයානෝ නම් දැන් දේවදත් ස්ථිවිරයෝය. ඔවුන්ගේ එදවස් මෘග පරීශීල දැනුත් දේවදත්ත පරිශිලය ඒ මුව දෙන නම් දැන් මේ ස්ථිවිරයෝය එදවස් මේ මුව පැටවානෝ නම් දැන් බණ කියන්නවුන් කෙරෙහි අග්‍ර වූ මේ කාශ්‍යප ස්ථිවිරයෝයය. එදවස් බරණැස් රජ්ජුරුවෝ නම් දැන් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ධ ස්ථවිරයෝයය. නිග්‍රෝධ මුව රජ්ජුරුවෝ නම් ලෙව්තුරා බුදු වූ මම ම වේදැයි තමන් වහන්සේ වදාල සේක.

15 ආජඤඤ ජාතකය

§තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක් හරණලද විර්යය ඇති භික්ෂුවක් හු අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට මහණෙනි. පෙර නුවණැත්තෝ විර්ය කරන්නට සුදුසු තන්හි ශර ප්‍රහාර ලැබ ගෙණ විර්යය කලාහුයයි වදාරා ඉකුත්වත් කථාව වදාළසේක.

chariot

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පූර්ව ජාතකයෙහි කියන ලද ක්‍රමයෙන් සත් රජ්ජුරු කෙනෙක් නුවර පිරිවැරුවාහුය. ඉක්බිත්තෙන් එක් රථාචාර්යයෙක් භ්‍රාතෘවූ අශ්වයන් දෙදෙනකු රථයෙක් හි යොදා නුවරින් නික්ම බලකොටු සයක් බිඳ රජදරුවන් සදෙනෙක් අල්වා ගත්තේය. එකෙණෙහි වැඩිමහළු අශ්වතෙම ශර ප්‍රහාරයක් ලද්දේය. රථාචාර්ය තෙම රථය ගෙණයනුයේ රජගෙයි දොරට අවුත් වැඩිමහලු අශ්වයා රථයෙන් මුදා සන්නාහය ලිහිල් කොට එක් පාර්ශවයකින් සයනය කරවා අන් අශ්වයකු සරහන්නට පටන් ගත්තේතය.

බෝධිසත්වයන් වහන්සේ ඔහු දැක පූර්වයෙහි කියනලද ක්‍රමයෙන් සිතා රථාචාර්යය කැඳවා හොත්සේක්ම මෙසේ අවවාද කළසේක. පූර්වන්දිවු යම් යම් කලෙක් හි වේ වයි යම් ක්‍ෂණයෙක්හි වේවායි යම් යම් යුද්ධ මණ්ඩලයෙක්හි වේ වයි යම් යම් කලෙක්හි වේ වයි ප්‍රහාර ලත් කල්හි හෝ නොලත් කල්හි හෝ අභිප්‍රාය දන්නා සුළු උතුම් සෛන්ධවයාම ව්‍යායාම කෙරෙයි. විර්යය කිරීමට ප්‍රාරම්භ කෙරෙයි. එහි ඛළුංකාශ්වරයෝ පිරිහෙන්නාහුය. ඒ කාරණයෙන් මේ රථයෙහි මම යොදවයි කී සේක.

රථාචාර්යයා බෝධිසත්වයන් වහන්සේ නඟා සිටුවා රථයෙහි යොදා සත්වෙනි බලකොටුව බිඳ සත්වෙනි රජහු අල්වාගෙණ රථය පදිනුයේ රාජවාසභවනරයට අවුත් අශ්වයා මිදුයේය.

බෝධිසත්වයන් වහන්සේ එක් ඇලයකින් හොත්සේක් යට කියන ලද ක්‍රමයෙන් රජහට අවවාද දී නිරුද්ධක වූසේක. රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේගේ ශරීරය ආදාහන කරවා රථාචාර්යයාහට ආදර සත්කාරකොට දැහැමෙන් රාජ්‍යය කරවා කම් වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක.

ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශකොට වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කොට මේ ආජඤඤ ජාතකය නිමවා වදාළ සේක.

චතුස්සත්‍ය දේශනාවන්ගේ කෙළවර පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අරහත් ඵලයෙහි පිහිටි සේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිර වූ සේක. ප්‍රමාර ලදින් විර්ය කොට සත් වැනි රජහු අල්වා දුන් අශ්වයා නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

17 කණ්ඩින ජාතකය

තවද තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, පුරාණ දූතිකාව කෙරෙහි ලොල් වූ එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාල සේක.

[මෙහි වර්ථමාන කථාව අට්ටක නිපාතයෙහි ඉන්ද්‍රිය ජාතකයෙහි මතු ප්‍රකාශ වන්නේය.]

භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේද ඒ භික්ෂූ හට මහණ තෝ පුර්වයෙහි මේ මාතු ගාම නිසා ජීවිත විනාශයට පැමිණ සහල ගුරු රැසක්හි පැලහුනෙහි යැයි වදාල සේක්. භික්ෂූන් වහන්සේ ඒ කාරණය ප්‍රකශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට යාඥ්ඤාකොට දැන්වූ සේක. සර්වඥයන් වහන්සේද භාවාන්තරයෙන් පටිච්ඡන්න වූ ඒ කාරණය  ප්‍රකාශ කොට වදාල සේක.

මෙයින් මත්තෙහි වනාහි භික්ෂුන් වහන්සේගේ යාච්ඥාවද භවාන්තරයෙන් සැඟවුනේය යන එපමණකුත් නොකියා ඉකුත්වත් ගෙණහැර දැක්වූ සේකැයි මෙපමණක්ම කියමු. මෙපමණක් කී කල්හිත් යාච්ඥාවද වලාගැබකින් නික්මුණා වූ චන්ද්‍රයා පරිද්දෙන් භවාන්තරයෙන් සැඟවුනාවු කාරණයදැයි යන මේ සියල්ල යට කියන ලද ක්‍රමයෙන් යොදා දතයුතු.

යට ගිය දවස මගධරට රජගහනුවර මගධනම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කෙරෙති. මගධරට වාසීන් ගොයම්කරණ අවදියේහි මුවන්ට මහත්වූ උපද්‍රව වන්නේය. ඒ මෘගයෝ වනයෙහි පර්වත සමීපයෙහි වසන්නාහ. ඒ මුවන් අතුරෙහි එක් වලෙක ඒ පර්වත සමීපයෙහි වසන්නාවු මෘගයෙක් එක් ගමක් සමීපයෙහි වසන්නා වූ මෘගපෝතිකාවක් හා සමග මිත්‍රසන්තවය කොට ඒ මුවන් වසන්නාවූ පර්වත සමීපයෙන් බැස නැවත ගම් සමීපයට බස්නාකල්හි මෘගපෝතිකාව කෙරහි පිළිබඳ සිත් ඇති බැවින් ඈ හා එක්වම බස්නේය. ඉක්බිත්තෙන් ඒ මෘගපෝතිකා මෙසේ කීය. “ස්වාමිපුත්‍රය. තෙපි වනාහි පර්වතයෙහි වසව ඉතා බාල යව. ගම් සමීපය නම් ශංකා ප්‍රතිභය සහිතය. අප හා සමග වනයෙන් නොබසුව නොඑවයි වැළකූව,” ඒ මුවාද ඒ මෘගපෝතිකාව කෙරෙහි පිළිබඳ සිත් ඇති බැවින් නොවැළක ඈ හා සමග ගම් සමීපයට ගියේය.

Image result for two Deers

ඉක්බිත්තෙන් ඒ මගධරට වාසීහු දැන් මුවන් පර්වත පාදයෙන් බස්නාවෙලායයි දැන් මග සමීපයෙහි මුවාවූ තැන්වල කොටුපත් බැඳගෙණ එහි සිටිනාහ. එ මුවාත් මුවදෙනත් එන්නාවු පෙරමග එක්මුව වැද්දෙක් කොටුපතෙක සැඟවී සිටියේය. ඒ මෘගපෝතිකාවද මනුෂ්‍යගන්ධය ආඝ්‍රාණය කොට තමා හා කැටිව එන්නාවූ බාල මෘගයා ඉදිරිකොටලා තොමෝ පස්සේ එන්නීය. ඉක්බිත්තෙන් ඒ කොටුපත සිටියාවූ වැදිද එකසැරපහරින් මුවා එතතනම විද හෙලීය.

මෘගපෝතිකා  වාත වේගයෙන් පලා ගියොය. වැදිද කොටුපතින් නික්ම තමා විදි මුවා මස්කොට ගිනි මොලවා සාලගුරු මත්තෙහි යහපත් වූ මස් බහා පුළුස්සාගෙන යැපෙන පමණක් කා පැන් බී ඉතිරි මස් ලේ බිංදු වගුරව වගුරවා කඳෙක බැඳගෙන තමාගේ අඹු දරුවන් සතුටු කෙරෙමින් ගෙට ගියේය.

එකල්හි මහා බෝධි සත්වයෝ ඒ වන ලැහැබ වෘක්ෂ දේවතාව උපන්හ. ඉක්බිත්තෙන් බෝධි සත්වයෝ ඒ කාරණය දැක

  • මේ අඥාන වූ මෘගයාට පැමිණි මරණ මෑනියන් නිසා පැමිණියේත් නොවෙයි.
  • පියාණන් නිසා පැමිණියේත් නොවෙයි වැලි කෙසේ පැමිණියේද.
  • කාමය නිසා පැමිණෙියේයයි
  • කාමය නිමිත්ත කොට ගෙන සත්වයෝ සුගතියෙහි අත් පා කැපීම් ආදියටද
  • නරකයෙහි පස් කම් කටොළු ආදී වූ අනේක ප්‍රකාර දුඃක්ඛයන්ටද පැමිණෙති.

අනුන්ට මරණ දුක් ඉපදවීම නමුදු මේ ලෝකයෙහි උත්තමයන් විසින් නින්දා කරණ ලද මය.

  • යම් ජනපදයක් ස්ත්‍රියක් විධාන කෙරේද, අනුශාසනා කෙරේද
  • ස්ත්‍රියක් නායක කොට ඇති ඒ ජනපදය නින්දිතය.
  • සත්වයෝ ස්ත්‍රින් වසගත්වයට පැමිණෙද්ද ඒ සත්වයෝද නින්දිතයහයි

මෙසේ නින්දිත වස්තු තුන්දෙනෙකු දක්වා වන දේවතාවුන් සාදු කාර දී ඝන්ද පුෂ්පාදීන් පූජා කෙරෙමින් සිටියදී මදුර ස්වරයෙන් ඒ වන ලැහැබ ඒක කෝලාහල කෙරෙමින් ධර්ම දේශනා කරන්නාහු බෝධි සත්වයෝ මෙසේ කිව්ය.

“තියුණු මුවහත් ඇති තර කොට දෙසිදුරු කොට විඳින්නට සමර්ථ වූ ශරයන් ඇති පුරුෂයටද නින්දා වේ. මේ ජනපදයෙක්හි ස්ත්‍රියක් නායක කම් කෙරේද ඒසේ වූ ජනපදයටත් නින්දා වේ. යම් සත්ව කෙනෙක් ස්ත්‍රි වසඟත්වයට පැමිණියාහුද ස්ත්‍රින් කීවාම කෙරෙද්ද ඒ සත්වයන්ටත් නින්දා වේ”. යනාදීන් ධර්ම දේශනා කලාහුය.

මෙසේ එන ගාථාවෙන් නින්දිත වස්තූන් තූන් දෙනෙක් දක්වා බෝධි සත්වයො ඒ වනය එක නින් නාද කෙරෙමින් සර්වඥ ලීලාවෙන් ධර්ම දේශනා කලාහුය.

තිලෝගුරු බුදු රජානන් වහන්සේද මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා චතුස් සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතුස් සත්‍යයාගේ කෙලවර උකටලී මහන සෝවාන් ඵලයෙහි පිහිටියේය. සර්වඥයන් වහන්සේද වර්ථමාන කථාව හා අතීත කතාව වදාරා පූර්වාපර සන්දි ගලපා මේ කණ්ඩින ජාතකය නිමවා වදාල සේක.

එකල්හි පර්වතස්ත මෘගයානෝ නම් දැන් මේ සාසනයේ උකටලී වූ භික්ෂුහුය. එකල්හි මෘගයානන් හැර දිවු මෘගපොතිකා නන් මේ පුරාණ දූතිකාය කාමයෙහි දොස කියා ධර්ම දේශනා කල දේවතාණෝ නම් ලොව්තුරා බුදු වූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

19 ඛරාදිය ජාතකය

තවද එක් සමයෙක් හි සර්වඡයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා අකීකරු භික්‍ෂුකෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂුන් වහන්සේ වනාහි අකීකරුය අවවාදය නොගන්නා සේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට වදාරණ සේක්, “මහණ! තෙපි අකීකරුව අවවාද නොගන්නේ සැබෑද? ඒ  කිම්දැ”යි. වදාළ සේක.

“භාග්‍යවතුන් වහන්ස! සැබැවයි” දැන්වූසේක.
සර්වඥයන් වහන්සේ, “මහණ! තෝ පූර්වයෙහිත් අකීකරු බැවින් ප්‍රඥාවන්තයන්ගේ අවවාද නොගෙණ මලෙහි බැඳුනේම ජිවිතක්‍ෂයට පැමිණියෙහිය”යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

Image result for lone Deer

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානන් වහන්සේ මෘග ජන්මයෙහි ඉපිද මෘගසමූහයා විසින් පිරිවරණ ලදුව අරණ්‍යයෙහි වසන සේක.

ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේට නැගණි වූ මෘගධෙනුවක් පුත්‍රයකු දක්වා “බෑයන් වහන්ස! මේ තෙම නුඹවහන්සේගේ බෑනා වන්නේය. මොහට මෘග මායම් උගන්වන සේක්ව”යි කියා භාරකළාය. බෝධිසත්වයන් වහන්සේ ඒ බෑණා වූ මෘග පෝතකයාට අසවල් වේලාවෙහි අවුත් උගනුවයි කී සේක. මෘග පෝතක තෙම කියන ලද වේලෙහි නොඑන්නේය. යම්සේ එක්දවසක් එසේම සත් දවසක් සත් අවවාද ඉක්මවා ඒ මෘග පෝතකයා මෘග මායම් නොඉගෙණ හැසිරෙණුයේ මලෙහි බැඳූනේය.

ඒ මෘග පෝතකයාගේ මෑණි තොමෝ භ්‍රාතෘවූ මෘගයා කරා එළඹ “භ්‍රාතෲන් වහන්ස! කිමෙක්ද බෑණා වූ මෘගයා මුව මායම් උගන්වන ලද්දේදැ”යි විචාළීය. බෝධිසත්වයන් වහන්සේද ඒ අනොවාදක මෘගපෝතකයාගේ කාරණය නොසිතව “තොපගේ පුත්‍රයා විසින් මුවමායම් නොඋගන්නාලදැ”යි කියා දැනුදු ඕහට අවවද දෙන්නට නොකැමැතිව මෙසේ කී සේක.

“ඛරාදිය නම් තැනැත්තීය එකී එකී පාදයෙහි දෙකක් දෙකක් බැගින් අටකුරයක් ඇති මුලින් වක්ව අගින් ඉතා වක්වූ අං ඇති හෙයින් වංකාතිවංක නම් වූ සප්ත අවවාද කළායෙන් ඉක්මුණු ඒ මෘගයාට අවවාද කරන්ට උත්සහ සිතක් නැත්තේමි” කීසේක.

ඉක්බිත්තෙන් ඒ අකීකරු මෘගයා මලෙහි බැඳූනු කල්හි වැදි පුත්‍රතෙම උහු මරා මාංස ගෙණ ගියේය.

ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ වදාරණ සේක් “මහණ! තෝ අකීකරු වූයේ දැන්මතු නොවෙයි පූර්වයෙහිත් අකීකරු වූයෙහිය”යි වදාරා මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ ජාතකය සමාප්ත කොට වදාළ සේක.

එසමයෙහි බෑනා වූ මෘගයා නම් දැන් මේ අකීකරු මහණ වූයේය. නැගණිවූ මෘගධෙනු තොම උපුල්වන් මහාස්ථවරි වුවාය. අවවාද දුන් මෘගව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

images    NEXT1