24 භොජා පානිය ජාතකය

තවද එක්සමයෙක්හි ජේතවනාරාමයෙහි වැඩවසන සර්වඥයන් වහන්සේ පසුබට විර්ය ඇති එක් මහණෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි අප මහා බෝධිසත්වයෝ භොජාජානීය නම් සෛන්ධවයන්ට නායකව අස්රජව උපන්නහ. භෝජාජානීය නම් කුලයෙහි සෙසු අසුන්ට වැඩි තරම් උතුම්වූ ඒ අස්රජහු බරණැස්නුවර රජහට මගුලස්ව වෙසෙති. ඔවුන් සිටිනා අශ්වශාලාව උඩුවියන් බැඳ භික්ති සිතුයම් කරවා බිම සුදු වැලි අතුරණ ලද්දේය. මහබෝසතාණෝ එහි හෙළ කුඩයක් යටසිට මධුරවූ භෝජනය අනුභව කොට හැම අසුන්ට උතුම් ව වාසය කෙරෙති.

එසමයෙහි සත් රජ්ජුරු කෙණෙක් ඒ බරණැස් රජ්ජුරුවන් හා යුධ කොට රාජ්‍යය ගණුම්හයි සටනට අවුත් බොහෝ සේනාව පිරිවරා පඤායුධයෙන් සන්නද්ධව ඇත් අස් රථ ආදී මහත් කායබල සේනාව ගෙණ නුවර වටකොට සැරසී රැකසිටියාහුය. බරණැස්නුවර රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍යයන් රැස්කොට එපවත් උන්ට කියා කළමනා කිම්දැයි කිවුය.

එබස් අසා අමාත්‍යයෝ කියන්නාහු “දේවයිනි. නුඹවහන්සේ පළමුකොට නොවැඩිය මැනව. නුඹ වහන්සේගේ මෙනම් රාවුතයාණ කෙණෙක් ඇත්තෝ වේද උන්ට පිරිස්පාවාදී ප්‍රසාදදී උන් යැව්ව මැනව”යි කිවුය. රජ්ජුරුවෝ එපවත් අසා ඒ රාවුතයාණන් ගෙන්වාගෙණ කියන්නාහු “දරුව! අපගේ රාජ්‍යය ගණුම්හයි කියා අප හා සටන්කරන්නට රජ දරුවෝ සත්දෙනෙක් මහබලසෙනග ගෙණ රාජ්‍යය වටකොට රැකගත්හ. උන් සත්දෙනා හා කැටුව යුද්ධ කොට ගතහෙයි දැ”යි විචාළෝය.

එපවත් අසා රාවුතයාණෝ “ස්වාමීනි! මට පිළිවනි නුඹ වහන්සේගේ මගුල් භොජාජානීය නම් අසු ලදිම් නම් යුද්ධකොට ජයගෙන දෙමි”යි කිවුය. රජ එපවත් අසා මාගේ රාජ්‍යය නැසීයාම සුදුසු නොවෙයි සිතා කැමති පිරිස් හා කැමති සෛන්ධවයකු ගෙණවයි සතුරනුත් සාධදෙවයි කිවුය.

රාවුතයාණෝ සෛන්ධවයා හා සමග පිරිස් ගෙණ නික්ම සතුරන් සිටිතෙනට ආසන්නව සිට භෝජාජානීය නම් සෛන්ධවයානන් ඇළයට ගොස් සනහාලා ඇඟ අතගාලා “තොපට ද මටද ස්වාමී වූ රජ්ජුරුවන්ට පක්ෂ පාතව සටන් කොට සතුරන් සාදාදෙව”යි ඔවාතෙපුල් දී නොයෙක් රසයෙන් යුක්ත භෝජනය කවා මධුර පානය පොවා සුවඳ විලවුන් ගල්වා සන්නාහයක් ලා එහි රන්සැත්ලා වසා දැඩි කොට සාදාලා තෙමේ සැරහීගෙණ යන්නාහ.

සන්නද්ධව මගුල්කඩුව ගෙණ අසුට නමස්කාර කොටලා පිටට පැන නැගී යුද්ධයට වන්නාහ. බෝධිසත්වයෝ සිතන්නාහු මේ සත් රජ්ජුරුකෙණෙකුන් තබා මුළු දඹදිව සෙනඟ අවුත් කම් කිම් ද උන් නොමරා ඇල්ලු කල වේද සුරකමෙයි සිතා “සබඳ ආශ්චාවාරිය!  රජ දරුවන් නොමරා යුද්ධය මට බාරයයි” කිවුය.

ඒ අශ්වචාරි තෙමේ සාහසිකව සතුරු සෙනඟ මදධ්‍යයට වන් සඳ අශ්වයා පිනු පිනු තෙනට විදුලියක් මෙන් කඩුව හිස සිසාරා නොබාහිඳ පළමු බලකොටුව බිඳපියා එක් රජ්ජුරුකෙනෙකුන් නොමරා අල්වාගෙණවුත් නුවරට පාවාදී නැවතත් බිහිසුණු සතුරු සෙනඟ මැදට වැද සේනාව බිඳ පරාජය කොට ඒ රජුත් නොමරා ගෙණ සේනාවට පාවාදී මෙසේ ම සදෙනෙකු ගෙණ නැවත සත්වන රජහු අල්වන්ට බොහෝ සෙනඟ එක්ව සිටත් අසු මෙහෙයලා යුද්ධයට වන් සඳ අස්හු සතුරන් අතින් කඩු පහරක් ලදින් කඩු පහර කා ඇඟින් ලේධාරා ඉසින්නාහු අශ්චර්යයා බලා මහත් වූ භයශෝකයෙන් ආයේ ආපසු මෙහෙයලා රජගෙයි මිදුලට ගෙණ ගොස් සන්නාහය ලිහිල් කොට නැවත අනි අසකු සන්නාහය බඳින්නට වන.

Image result for game of thrones horse picture

අස් තෙමේ කඩු පහර කෑ වේදනාවෙන් වැදහෙව සිතත්නේ මේ අශ්වාවාර්යය තෙමේ මාගේ ගුණ නොදන්නේය. සත්වෙනි බලකොටුව බිඳින්ට හා සත්වන රජු ගන්ට නික්මෙයි. අනික් අසකු සදයි. ආශ්චර්යයා සත්වන රජු ගන්ට නොපොහොසත. මේ තෙමේ ද මරණයට යයි. ආශ්වයාත් මරන්නේ රටත් නසන්නේය. රජුත් සතුරන්ට අසුවන්නේය. එසේවත් මා දෙවුනා රජහට කළ විර්ය නොපෙණෙයි. දියෙහි ඉරක් ඇන්දාසේ වෙයි. මා ඇර අන් අයෙක් මෙ සකල දඹදිව සත්වන රජු ගන්නද බලකොටුව බිඳින්නටද නොපොහොසතැයි සිතා කෙළෙහි ගුණ දන්නා වූ මහබෝසතානන් වහන්සේ මෙසේ සිතුසේක. මේ රජ මා තිරිසන් නැනැත්තවුට බොහෝ උපකාර තබා දී මගුලස්ඨනාන්තරයෙහි තමා මට නොයෙක් පොෂ්‍යකොට මා රක්ෂා කෙළේ නම් මෙසේ වූ යුද්ධයක් දුටුකලට වේද මා ඇඟින් වැගිරෙන ලේ රජු මට දුන් නොයෙක් රසයෙන් මධුරපානයෙන් අටගන්නතා වූ ලේ මුත් අනිත් ඇතිවූ ලෙයක් නොවෙයි, එබැවින් මාගේ ශරීරයෙහි රජු නිසා අටගත් මාංශයද ජිවිතයද රජුට දී පක්ෂපාතවම මළෙමි නම් පරලොව සුවයෙක් ම ලැබෙයි. තමන් පිණිස මාගේ ජිවිතය සතුරන්ට දී පක්ෂපාතව මළ කල තිරිසන්ව සිට මට සතුරන් සාදා දී මා නිසා ජිවිතය දුන්හයි මාගේ රජු කී කල්හි මලාත් නොමළායයි සිතන සේක්,
“සබඳ අශ්චාචාර්යය! සත්වන බලකොටුව හා එහි බිහිසිණු සතුරන් මැදට වදින්ට අනිත් අසෙක් මා මුත් මුළු දඹදිව නැතැයි භෝජාජානීය නම් වු සෛන්ධව කුලයෙහි උපන්නාවූ මා මුත් අනිත් අස් රජෙක් නැතැයි මා නගා සිටුවාගෙණ සන්නාහ බැඳ සත්වන රජු ගන්ට යව”යි කී සේක.

බෝධිසත්වයන්ගේ බස් අසා ආශ්චාචාර්යය තෙමෙ බෝධිසත්වයන් සමීපයට ගොස් නඟා සිටුවාගෙණ වණය වසා බෙහෙත් බැඳ පෙරසේම සන්නාහයලා අසුපිට පැනනැගී කඩුව ගෙණ මහත් බලකාය ගෙණ සතුරු සෙනඟ බිඳ සත්වන රජු අල්වාගෙණ මහත් බලකාය ගෙණ සතුරු සෙනඟ බිඳ සත්වන රජු අල්වාගෙන නොමරාම ගෙණත් පිරිසට පාවාදීලුයේය. සත්වන රජු හා සෙනඟ සාදා සතුරන් බිඳපියා පිරිස් ඇරගෙණ බෝධිසත්වයන් හා සමඟ රජගෙදෙරට අවුත් රජ්ජුරුවන් දුටුයේය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් කෙටුම් කෑ බව අසා මහත් වූ ශෝකයෙන් කම්පිතව සිටියාහ.

බෝධිසත්වයෝ තමන්ගේ රජ්ජුරුවන්ට කියන්නාහු “දේවයෙනි! මේ රජ සත්දෙනා නොමරවයි දිවරවාපියා මිත්‍රව සිට උන් උන්ගේ රටට යව”යි කීහ.
“මහරජ තොප මට කරණ උපකාර නම්, තෙල අශ්චාචාර්යයට කළ මැනවැයි සත්කාර කරවා තොපිද නොපමාව දන්දෙව පෙහෙවස් රකුව බණ අසව ප්‍රාණවධ නොකරව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරව”යි. අවවාද කොට බෝධිසත්වයෝ තුමූ සන්නාහය මුදාපීකල පරලොව ගියහ.

රජ්ජුරුවෝ මහත් ශෝකයෙන් හඬා කම්පිතව බෝධිසත්වයන් මහත් වූ පෙළහරින් පූජාකොට ආදාහණ කරවූහ. බෝධිසත්වයන් කී පරිද්දෙන් රජ්ජුරුවෝ සිත තබා ආශ්චාචාර්යයාහට බොහෝ වස්තු ද ගම්බිම් ද තනතුරුද දී මිත්‍රද්‍රෝහී නොවී රක්ෂාස්ථානයෙහි තුබූ සේක.

නැවත බෝධිසත්වයන් කී අවවාද සිත තබා තමන්ට ද්‍රෝහී වූ රජසත්දෙනා ගෙන්වාගෙණ නොමරා නාවා ආහාර අනුභව කරවා සත්දෙනා දිව්රවා උන් උන්ගේ රටට යවා තුමුද බෝධිසත්වයන් කී පරිද්දෙන්ම තමන් කළ කුශලමූලයෙන් දෙව්ලොව උපන් නාහුය.

ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා
“මහණෙනි, . පෙර නුවනැත්තාවූ මහොත්තමයෝ විර්ය කරන්නට සුදුසුතන්හි වීර්ය කළාහුය. මෙබඳු ප්‍රහාර ලැබගෙණ ද විර්ය නොහැරියාහුය. තෙපි වනාහී මෙබඳු නෛර්යානිණික ශාසනයෙහි මහණව කවර කාරණයෙකින් විර්ය හැරියේහි දැ”යි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට වදාළ සේක.

චතුස්සත්‍යයාගේ අවසානයෙහි පසුබට විර්ය ඇති මහණතෙම අර්හත්ඵලයෙහි පිහිටිසේක. බුදුරජානන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ භෝජාජානීය ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිර වූ සේක. අශවාචාර්යය ශාරීපුත්තස්ථවිර වුයේය. භොජජානීය සෛනධවාශව ව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

images NEXT1

18 වාත මිග ජාතකය

§තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

ශාස්තෘන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණ කල්හි තිස්ස කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටු කුලයක පුත්‍රයෙක් ඇත්තේය. ඒ සිටු පුත්‍ර තෙම එක් දවසක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදිවනු කැමැතිව පැවිදීවීමට යාච්ඥාකොට දෙමාපියන් විසින් නො අනු දන්නා ලද හෙයින් ප්‍රතික්‍ෂ්ප කරණ ලද්දේ සත්දවසක් නිරාහාරව ඉඳ රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම දෙමව්පියන් දෙන්නා අනුදන්වා සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක.

සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩිසේකැ. එතැන්හිද මේ කුලපුත්‍රයන් වහන්සේ තෙලෙස් ධුතාංගයන් සමාදන්ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසීරෙමින් කල්යවන සේක. චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ යයි කී කල්හි ආකාශයෙහි චන්ද්‍රයා මෙන් සර්වඥ ශාසනයෙහි ප්‍රකාශව ප්‍රසිද්ධ වූ සේක.

එසමයෙහි රජගහනුවර නැකැත් කෙළි පවත්නා කල්හි ස්ථවිරයන් වහන්සේගේ මව්පිය දෙදෙන උන් වහන්සේ ගිහි කල්හි යම් ආභරණ භාණ්ඩයෙක් ඇද්ද ඒ ආභරණ බඩු රෙදි කරඬුවෙක්හි බහා අභිමුඛයෙහි තබා ගෙණ අනිකුත් නැකත් කෙළිවල අපගේ පුත්‍රයා මෙනම් මෙනම් අලංකාරයෙන් සැරහී නැකත් කෙළි කෙළි වන්නේය. අපගේ ඒ එක පුත්‍රයා ගෙණ ශ්‍රමණ භවත් ගෞතමයානන් වහන්සේ සැවැත් නුවරට වැඩිසේක. අපගේ පුත්‍රයා දැන් කොතැන්හී හුන් සේක්ද කොතැන්හි සිටිසේක් දැයි කියා හඬන්නා වූය.

ඉක්බිත්තෙන් එක් වර්ණදාසියක් ඒ සිටුකුලයට ගොස් හඬන්නා වූ සිටුභාර්යාව දැක “ආර්යාවෙනි කවරහෙයකින් අඬන්නී දැ”යි විචාළීය. සිටු භාර්යාවෝ ඒ කාරණාව දැන්වුවාහුය. “ආර්යාවෙනි. ස්වාමිපුත්‍රයානෝ කවර දෙයකට කැමතිවන්නා දැ”යි කිවුය. අසවල් අසවල් දෙයයි කිවාය. “ඉඳින් නුඹ වහන්සේ මේ ගෙයි සියළු ඓශාචර්යය මට දෙව් නම් මම තොපගේ පුත්‍රයා ගෙණ එන්නෙමි” කීවාය. සිටු භාර්යාව ඒ වචනය යහපති යැයි පිළිගෙන වැටුප් දී පිරිවරින් ඒ වර්ණදාසිය යැව්වාය. “යව! තමාගේ බලයෙන් මාගේ පුත්‍රයා ගෙණව”යි කීවුය.

ඒ වෙශ්‍යංගනාව පිළිසන් යානාවෙක් හි ඉඳ සැවැත්නුවරට ගොස් තෙරුන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන විථියෙහි නවාතැන්ගෙණ සිටුකුලයෙන් ආ මනුශ්‍යයන් තෙරුන්වහන්සේට නොදක්වා තමාගේ පිරිවරින්ම පිරිවරණ ලද්දී පිඬු පිණිස හැසිරෙන්නා වූ තෙරුන් වහන්සේට පළමුකොට බත් සැන්දක් පිළිගන්වා ක්‍රමයෙන් බත් මාළාවක් පිළිගන්වා තෘෂ්ණාවෙහි බැඳි අනුක්‍රමයෙන් ගෙයි වැඩ හිඳ සලස්වා ආහාරය දෙන්නී තමාගේ වසඟත්වයට පැමිණි බැව් දැන ගිලන් ආකාරය දක්වා ඇතුළු ගබඩාවෙහි ශයනය කළාය. තෙරුන් වහන්සේද භික්‍ෂාචාර වෙලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන සේක් ගෙයි, දොරට පැමිණි සේක. පිරිවර ජනයෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙණ තෙරුන්වහන්සේ් ගෙයි වැඩ හිඳින්නට සැලැස්සුවාහුය. තෙරුන් වහන්සේ ඉඳගෙන මේ උපාසිකාව කොයිදැයි විචාළසේක.

“ස්වාමින් වහන්ස! ඕ ගිලන් වූවාය.. නුඹ වහන්සේ දක්නට කැමතිය”යි කිවුය. උන් වහන්සේ රස තෘෂ්ණාවෙහි බැඳුන සේක් තමාගේ ව්‍රතසමාදානය බිඳ වෙශ්‍යංගනාව හොත් තැනට වන්සේක. ඒ ස්ත්‍රී තමා ආ කාරණාව කියා උන් වහන්සේ පොලඹා රස තෘෂ්ණාවෙන් බැඳ සිවුරු හරවා තමාගේ වසඟයෙහි තබා යානාවේ හිඳිනට සලස්වා මහත්වූ පිරිවරින් රජගහනුවරටම ගියාය.

ඒ ප්‍රවෘත්තිය හැම තැන්හිම ප්‍රකාශ වුයේය. භික්ෂුන් වහන්සේලා දම්සභා මණ්ඩපයෙහි වටින් රැස්ව හුන්නාහු “ඇවැත්නි. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි එක් වර්ණ දාසියක් රසතෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය” යි කියා කථාවක් පහළ කළාහුය.

සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට එළඹ අලංකෘත වූ බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ, “මහණෙනි! මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුත්තව උන්නාහුදැ”යි වදාළකල්හි ඒ භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය දැන්වුවාහුය.

සර්වඥයන් වහන්සේ වදාරණසේක්, “මහණෙනි! මේ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථිවරයෝ රස තෘෂ්ණාවෙන් බැඳි මේ ස්ත්‍රියට වසඟවුවෝ දැන් මතු නොවෙති. පෙරත් මේ ස්ථවිරයෝ මේ ස්ත්‍රිය වසඟවූවාහුමය” යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

Image result for lone Deer

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ සඤජය නම් උද්‍යාන පාලයෙක් උයන රක්‍ෂා කරන්නේය. ඉක්බිත්තෙන් එක් වාත මෘගයෙක් ඒ උයනට අවුත් සඤජය නම් උධ්‍යාන පාලයා දැක දිවයන්නේය. සඤජය නම් උද්‍යාන පාලයා ද ඔහු තැතිගන්වා නොඑලවන්නේය. ඒ මෘගයා නැවත නැවත අවුත් උයනෙහිම හැසිරෙන්නේය. උද්‍යානපාල තෙම උයනේ නොයෙක් මල් ඵල ආදීය ගෙණ දවස්පතා රජහට දක්වන්නේය.

ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ කියනසේක්, “යහළු උද්‍යාන පාලය! උයනේ කිසි ආශ්චර්යවත් දෙයක් දුටුවා ඇත්තෙහි නම් කියව”යි කී සේක.
“මහරජ්ජුරුවන් වහන්ස! අනිකක් හු නොදුටුයෙමි. එද එක් වාතමෘගයෙක් වනාහි අවුත් උයනෙහි හැසිරෙන්නේය. ඔහු දුටුමි”ය් කියේය. රජුද  “ඔහු අල්වාගන්නට හැකිවන්නෙහිදැ”යි විචාළේ සේක. “මීපැණි මඳක් ලද්දේනම් මෘගයා රජු ගේ ඇතුළටම පමුණුවන්නට හැකිවන්නෙම්ම්යි” කිය. රජ්ජුරුවෝ ඕ හට මි දෙව් සේක.

උධ්‍යානපාලයා මී ගෙණ උයනට ගොස් වාත මෘගයා ගොදුරු කා ඇවිදිනාතන්හි තණපත්වලට මීපැණි ගිල්වා සැඟවී සිටියේය. මෘගයා අවුත් මීයෙන් ගල්වන තණ අනුභව කොට රස තෘෂ්ණාවෙහි බැඳුනේය. අන්තැනකට නොගොස් උයනටම එන්නේය. උද්‍යානපාලතෙම ඔහු මී ගල්වන ලද තෘණයෙහි ඇළුනු බැව් දැන ක්‍රමයෙන් තමා පෙණුනේය. මෘගතෙම උද්‍යානපාලයා දැක කීපදවසක් දිවගොස් නැවත නැවත දක්නේ විශ්වාසබවට පැමිණ ක්‍රමයෙන් උද්‍යානපාලයාගේ හස්තයෙහි තිබෙන තණ අනුභව කරන්නේය. සඤ්ජයනම් උද්‍යානපාල තෙම මෘගයා විස්වාසබවට පැමිණියා දැන රාජවාසභවනට දක්වා විථිමාර්ගය හුණු පැදුරු වලින් වට කොට ඒ ඒ තන්හි කොල අතු කඩාහෙලා මී පුරණ ලද ලබු ඵලය ඇකයෙහි එල්වාගෙණ තණමිටිය කිසිල්ලේහි තබාගෙණ මී ගල්වන ලද තෘණයෙන් මෘගයාගේ අභිමුඛයෙහි විසුරුවමින් රජුගේ ඇතුලටම ගෙණ ගියේය. මෘගයා ඇතුළට වන්කල්හි දොර වැසුවාය. මෘගයා මනුෂ්‍යයින් දැක කම්පාවෙමින් මරණභයින් බියපත්වුයේ ඇතුළු රාජාංගණයෙහි ඔබිනොබ ධාවනය කරන්නේය.

රජ්ජුරුවෝ මතුමහල් තලයෙන් බැස කම්පාවන්නා වූ මෘගයා දැක,  “වාතමෘගයා නම් මනුෂ්‍යයන් දුටු තැනට සත් දවසක් නොඑන්නේය. තැතිගත් තැනට ජීවිතාන්නතය දක්වා නොඑන්නේය. ඒ වාතමෘගයා සංජය තෙමේ රසතෘෂ්ණාවෙන් බැඳ යටත් කොට ගත්තේය. මෙබඳු ගහණ නිශ්‍රිත වූ වාතමෘග තෙම රසතෘෂ්ණාවෙහි බැඳි දැන් මෙබඳු තැනට ආයේය. ඒකාන්තයෙන් පින්වත්නි මේ ලෝකයෙහි රසතෘෂ්ණාවට වැඩියෙන් ලාමක දෙයක් නැත්තේය”යි කියා ධර්මදේශනාවට පටන් ගත් සේක.

නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහිද ඡන්දාරාග ලාමකය මිත්‍රසන්ථවයෙහිද ඡන්දරාග ලාමකය. මේ දෙතැන්හි ඇල්මට වඩා මධු රාම්ලදීවු ජීව්හා විඥෙය වූ රසයෙහි ඇලීම පවිටුවන්නේය.
කුමක් හෙයින්ද යත්?.
අරණ්‍යායෙහි ගහණ නිශ්‍රීත වූ වාතමෘගයා සංජය නම් උද්‍යාන පාලයා මධුර රසයෙන් තමාගේ වසඟයට පැමිණියේයයි කියා රස තෘෂ්ණාවෙහි ආදීනව වදාරා ඒ මෘගයා අරණ්‍යයටම යැව් සේක.

ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ, “මහණෙනි!. ඒ වර්ණදාසිය මේ මහණ රස තෘෂ්ණාවෙන් බැඳ තමා වසඟ කෙළේ දැන් මතු නොවේ. පෙරත් වසඟ කළා ය”යි වදාරා මේ දම් දෙසුම ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ වාතමික ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි සංජය නම් උද්‍යාන පාලයා නම් මේ වර්ණදාසි වූවාය. වාතමෘගයා නම් චුල්ල පිණ්ඩපාතික ස්ථවිරයෝය. බරණැස් රජව උපන්නෙම් නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

images    NEXT1

07 කට්ඨහාරී ජාතකය

තවද එක් සමයෙක්හි සකල ලොකානන්දනය කරවූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනසේක් වාසභක්‍ෂත්‍රියාවන්ගේ කථාව අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්ථමාන කථාව දොළොස්වැනි නිපාතයෙහිවූ භද්‍රසාල ජාතකයෙහි මතු පහළවන්නේය. ඒ වාසභක්‍ෂත්‍රියාවෝ වනාහී මහානාම නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ දුවනියෝය. නාගමුණ්ඩා නම් දාසියගේ කුස පිළිසිඳ ගත්තාය. කොසොල් රජ්ජුරුවන්ට අගමෙහෙසුන් වූවාය. ඕ තොමෝ රජ හට ප්‍රිය වූ පුත්‍රයෙක් වැදුවාය. කොසොල් රජ වනාහි වාසභක්‍ෂ්‍රියාන්ගේ දාසි භාවය පසු දැන ස්ථානාන්තරයේ පිරිහෙලුවේය. විඩුඩභ නම් පුත්‍රයාගේ ද ස්ථානන්තරය පිරිහෙලුවේය. ඔහු දෙදෙනාම රජගෙය ඇතුළත ම වසන්නාහ.

බුදු රජානන් වහන්සේ ඒ කාරණය දැන වදාරා පෙරවරු පන්සියයක් භික්ෂූන් පිරිවරා රජගෙට වැඩ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ මහරජ වාසභක්‍ෂත්‍රියාවෝ කොයිදැයි වදාල සේක. කොසොල් රජ්ජුරුවෝ ඒ කාරණය දැන්වූයේය. මහරජ වාසභ ක්‍ෂත්‍රියාවෝ කවරක්හුගේ දුවණියෝ දැයි විචාල කල්හි ස්වාමින් වහන්ස මහානාම නම් රජහුගේයැයි කීසේක. කවරක්හු නිසා ආයේදැයි වදාල කල්හි ස්වාමීන් වහන්ස මා නිසා යයි කීවෝය. මහරජ වාසභක්‍ෂත්‍රියාවෝ රජහුගේ දුවණියෝය. රජහු නිසාම අවුය. රජහු නිසාම පුත්‍රයෙක් ලද්දීය. ඒ පුත්‍ර තෙම කවර කාරණයකින් පියාණන් අයිති රාජ්‍යයට හිමිනොවන්නේද. පූර්ව කාලයේදී රජදරුවෝ මොහොතක් වත් එක්ව වාසය කලාවූ දරුකැටියාගේ බඩෙහි උපන්නාහු පුත්‍රයෙකු ලැබ ඒ පුත්‍රයාට රාජ්‍ය දෙන්නාහුයැයි වදාල කල්හි කොසොල් රජ තෙම ඒ කාරණය පහල කරන පිණිස භාග්‍යවතුන් වහන්සේට යාඤ්ඥා කළේය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසි තිබූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

යටගිය දවස බරණැස්නුවර රාජ්‍ය කරන්නාහු බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් මහත් වූ පිරිවරින් උයනට ගොස් එහි පුෂ්ප ඵල ලෝභයෙන් හැසිරෙන සේක් උයන් වන ලැහැබෙහි ගායනා කොට දර නෙලන්නාවූ එක් ස්ත්‍රියක දැක පිළිබඳ සිත් ඇතිව තෘෂ්ණා සන්තවය කලෝය. එකෙණෙහිම අප මහ බෝධිසත්වයානන් වහන්සේ ඒ ස්ත්‍රියගේ බඩෙහිම පිළිබඳ ගත් සේක. එකෙණෙහිම ඇගේ බඩ විදුරුපුරනා ලද්දක් මෙන් ගරු වූ කුක්ෂිය වූයේය. ඒ ස්ත්‍රිය ගැබ පිහිටි බව දැන මහරජ මගේ ගර්භය පිහිටියේයැයි කීවාය. එකල්හි ඒ රජතෙම අන්කෘෂ්ට මුද්‍රිකාව දී ඉඳින් දුවනිකෙණෙක් වූ නම් මේ අන්කෘෂ්ට මුද්‍රිකාව විකුට පෝෂ්‍ය කලව. ඉඳින් පුත්‍රයෙක් වී නම් මුද්‍රිකාව හා සමග මාගේ සමීපයට ගෙණ එවයි කියා වැඩි සේක. ඒ ස්ත්‍රිද ගර්භිය මුහුකුරණ ලද්දී බෝධි සත්වයන් වහන්සේ වැදුවාය. ඒ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ ඔබ මොබ හැසිරෙන කල්හි කෙළෙි මඩුල්ලෙහි ලදරුවෝ උන් වහන්සේට මෙසේ කියන්නාහු. පියාණන් නැත්තාහූ විසින් පහරණ ලදුම්හැයි කියන්නාහුය.

ඒ අසා බෝධිසත්වයන් වහන්සේ මෑණියන් සමීපයට ගොස් මෑණියනි මාගේ “පියාණෝ කව්දැ”යි විචාළසේක.
“පුත්‍රය තෙපි බරණැස් රජහුගේ පුත්‍රයකැ”යි කීවාය.
“මෑණියනී කිසි සලකුණක් නැත්තේදැ”යි විචාල සේක.
“පුත්‍රය රජ්ජුරුවෝ මේ මුද්‍රිකාව දී ඉඳින් දුවනි කෙණෙක් වී නම් මේ මුද්‍රිකාව වෙතට පෝෂ්‍ය කරව ඉඳින් පුත්‍රයෙක් වී නම් මේ මුද්‍රිකාව හා සමග ගෙනෙවයි කියා ගිය සේක්යැ”යි කීවාය.
“මෑණියනි එසේ කල්හි කවර කාරණයකින් මා පියාණන්ගේ සමීපයට කැඳවාගෙන නොයන්නේයැ”යි කී සේක.

ඒ ස්ත්‍රිය අප බෝසතානන්ගේ අඬ්‍යාස දැන රාජවාස භවන චාරයට ගොස් රජහට කීව්වාය. රජහු විසින් කැඳවනු ලබන්නේ රජගෙට වැද රජහට වැඳ මහරජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේගේ මේ තෙම පුත්‍රයකැයි කීවාය. රජ්ජුරුවෝද දක්නා සේක්ම පරිෂිත් මැද ලැජ්ජාවෙන් මාගේ පුත්‍රයෙක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. නුඹ වහන්සේ ගේ මේ මුද්‍රිකාව මේ දැන ගනුවයි කීවාය. මේ ද මාගේ මුද්‍රිකාවක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්සේ දැන් සත්‍යක් ක්‍රියාව හැර මට අනෙක් සාක්ෂියක් නැත්තේය. මේ ලදරු තෙම නුඹවහන්සේ නිසා උපන්නේ නම් අහස්හි සිටවයි. ඉඳින් එලෙස නොවුයේ වී නම් බිමහි මරණයට පැමිණේවයි කියා බෝධිසත්වයාණන් වහන්සේගේ පාද වන්දය අල්වාගෙන අහස්හි දැමුවාය. අප මහා බෝධිසත්වයානන් වහන්සේ අහස්හි පලක් බැඳ උන් සේක්. මිහිරි වූ කඩහඬින් පිය මහා රජ හට බණ වදාරණ සේක් මෙසේ වදාලසේක.

“මහරජ මම නුඹ වහන්සේගේ ආත්මජ පුත්‍රයෙක්මි. ජන ප්‍රධාන වූ මහරජ නුඹ වහන්සේ මා රක්ෂා කොට වදාල මැනව. මහරජ්ජුරුවන් වහන්ස හස්ති බන්ධ අශ්ව බන්දාධි වූ මනුශ්‍යයන්ද සත්‍යය ස්වාදී වූ තිරස්චින සත්වයන් රක්ෂා කරණ සේක් ස්වකීය පුත්‍රවූ මහරක්ෂා නොකරණ සේක් දැ”යි නින්දා කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් මෙසේ වදාල සේක.

අහස්හි හිඳ මෙසේ ධර්මදේශනා කරන්නා වූ බෝධි සත්වයානන් වහන්සේගේ ධර්මය අසා, “පුත්‍රය මෙසේ වර මම්ම පෝෂ්‍ය කරමියි මම පෝෂ්‍ය කෙරෙමි”යි කියා අත දිගු කල සේක. අනෙකුත් සත්වයෝ දහස් ගණන් අත් දිගු කළාහුය. බෝධිසත්වයානන් වහන්සේ අනෙක් කෙණෙකුගේ අතට නොබැස රජහුගේ අතටම බැස ඇකයෙහි උන් සේක.

රජ්ජුරුවෝ අප මහා බෝධිසත්වයාණන් වහන්සේට යුව රාජ්‍ය දෙව් සේක. මෑණියන් වහන්සේ අගමෙහෙසි කළ සේක. බෝධිසත්වයාණන් වහන්සේ රජහු ඇවෑමෙන් කාශ්ට වාහන නම් රජහ දැහමෙන් සෙමෙන් රාජ්‍ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේක.

සාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රජ හට මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා අතීත කථාව හා වර්ථමාන කථාව දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ කට්ඨහාරී ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි මෑණියෝ නම් දැන් මහා මයා දේවිය පියාණෝ නම් සුදවුන් මහරජානෝය කාශ්ඨ වාහන නම් රජව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජු වූ මමම වෙම්දැයි තමන්වහන්සේ දක්වා වදාල සේක.

01 අපණ්ණක ජාතකය

භාග්‍යවත් වූ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඊයාර්ය පථ සංඛ්‍යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපිඩු මහා සිටානන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් අරභයා මේ අපණ්නක ජාතක ධර්ම දේශනාව වදාල සේක.

එක් දවසක් අනේපිඩු මහා සිටානෝ තමන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් කැඳවාගෙන බොහෝ ගන්ධ දුම් මල් පහන් හා ගිතෙල් මී උක් සකුරු හා සිවුරු පිළි ආදීය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජානන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදීයෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චතෝන පූරතෝ යනාදී සය වැදෑරුම් වූ මිසත්‍ය දෝෂ දුරු කොට එකත් පස්ව හුන්නාහුය. ඒ අන්‍ය තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුදුන් වහන්සේගේ පුන් සඳ මඩලක් බඳු වූ සශ්‍රික මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්‍යාණු ව්‍යජන ඛ්‍යාම ප්‍රභා කේතු මාලා ලංකාරයෙන් විරජ මාන වූ බ්‍රහ්ම ශරීර හා කරකැවි යුවල යුවල නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මී බල බලා අනේපිඩු මහා සිටානන් සමීපයෙහි උන්නාහුය.

එකල්හි ඔවුන්ට බුදුහු රත් ගල් තලාවක හිඳ සිංහ නාද කරන්නා වූ අභිත කේෂර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයෙහි මහා වර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන් දමක් ගොතන්නාහූ මෙන් ද අශ්ඨාංගයෙන් සමන්විත වූ ශ්‍රවණීය වූ මනෝඥ වූ බ්‍රහ්ම ස්වරයෙන් නානානය නිපුණ විචිත්‍ර වූ මදුර වූ ධර්ම දේශනාවකට වදාල සේක. ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව නැගී සිට දස බලදාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්තක ලබ්යධි හැර බුදුන්ගේ සරණ ගියහ. ඔහු එතැන් පටන් ඇමකලම අනේ පිඬු මහ සිටානන් හා සමග සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රක්ෂා කෙරෙති. පෙහෙවස් වෙසෙති.

ඉක්බිත්තෙන් බුදූහූ සැවැත් නුවරින් රජගහ නුවරට වැඩි සේක. එකල්හි ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන් රජගහ නුවරට වැඩි කල්හි බුදුන්ගේ සරණය හැර නැවත අන්‍ය තීර්තකයන්ගේ සරණ ගෙන තමන්ගේ මුල සරණයේහිම පිහිටියාහ. බුදු රජානන් වහන්සේගේත් සත් අටමසක් කල් ගෙවා යවා නැවත ජේතවනයට වැඩි සේක. අනේ පිඩු මහ සිටානෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස් වැඳ සුවඳ මල් ආදීයෙන් පූජා කොට බුදුන්ට නමස්කාර කොට එකත් පස්ව උන්නාහුය. ඒ තීර්තක ශ්‍රාවකයෝ ත් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහුය. එකල්හි ඔවුන් බුදුරජානන් වහන්සේ සැරි සරා වැඩි කල්හි ගන්නා ලද සරණ හැර නැවත අන්‍ය තිර්තකයන්ගේ සරණ ගැන මුලස්ථානයෙහි පිහිටි බව අනේපිඩු මහ සිටානෝ බුදුන්ට දැන්වූහ. එකල්හි සර්වඥයන් වහන්සේ ප්‍රමාණාතික්‍රාන්ත වූ කාලයෙහි අතරක් නැති කොට පවත්වන ලද වාක් සුචරිතානු භාවයෙන් දිව සුවඳින් සුවඳ කැවු නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඬුවක් හරින කලක් පරිද්දෙන් මුඛ පත්මය විවෘත කොට මදුර ස්වර විහිදුවමින් “සැබෑද උපාසක වරුණි. තොපි රත්නත්‍රයෙහි සරණ හැර අන්‍ය තීර්තකයන්ගේත් සරණ ගියෙදැ”යි විචාරා වදාල සේක. එකල්හි තමන් කල කාර්ය සඟවන්නට අසමර්ථ වූ ඔවුන් විසින් “සැබැව ස්වාමිනි. බුදුහු උපාසක වරුන්ට ආමන්ත්‍රණය කොට, “එම්බා  උපාසක වරුණි. යටින් අවිචිය හා මත්තෙන් භවාග්‍රය කෙළවර කොට සරසින් අනන්තාපරිමාන සක්වලහෙි සීල සමාධි ප්‍රඥා වූ ගුණයෙන් බුදුන් හා සමකෙනෙක් නැත. බුදුන්ට වඩනා කෙණෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්‍රය සරණ ගිය උපාසක කෙනෙක් වේවා යි උපාසිකා කෙනෙක් වේවායි, නරකාදී වූ සතර අපායෙහි උපදිනා හු නොවෙති. අපායොත්පත්තියෙන් මිදි දිව්‍ය ලෝකයෙහි ඉපිද මහා සම්පත් අනුභව කෙරෙති. එසේ හෙයින් තොපි ඇම දෙනා මෙබඳු සරණ හැර අන්‍ය තීර්තකයන්ගේ සරණ යන්නවුන් විසින් කල සේ නපුරැයි” වදාලසේත.

තවද “උපාසක වරුනි බුද්ධානුස්මෘති ධර්මානුස්මෘති සංඝානුස්මෘති කර්මස්ථාන එනම් ශෝතාපත්ති ඵලය දෙන්නේය. සකෘද්ධාගාමී මාර්ගය හා සකෘද්ධාගාමී ඵළය දෙන්නේය. අනාගාමි මාර්ගය හා අනාගාමි ඵලය දේනේය. අර්හත් මාර්ගය හා අර්හත් ඵළය දෙන්නේයැ”යි මේ ආදි වූ කාරණයෙනුත් ධර්ම දේශනා කොට “මෙබඳු රත්නත්‍රය සරණ බිඳපු තොප විසින් නොකල මනා දෙයක් කරණ ලදැ”යි වදාල සේක.

මෙසේ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ අනේක ප්‍රාකාරයෙන් උපාසක වරුන්ට අවවාද කොට “උපාසකවරුනි! පළමුත් මන්ෂ්‍යයෝ අසරණය, සරණයයි විරූඩ ග්‍රහනය ගෙන අමුනුශ්‍යයෝ පරිගෘහිත වූ කාන්තාරයෙහි යක්ෂයන්ට ගොදුරුව මහා විනාශයට පැමිණියෝය. සරණ යෑම සරණයයි ඒකාන්ත කොට අවිරූඩ ග්‍රහණය ගත්තා වූ මනුෂ්‍යයෝ ඒකාන්තාරයෙහි ස්වාසස්ථානයට පැමිණියෝ වේ”දැයි වදාරා මුවෙන් නොබැන වැඩ උන් සේක.

එකල්හි අනේපිඩු මහා සිටානෝ හුනස්නෙන් නැගී සිට බුදුන්ට වැඳ ස්තූති කොට දොහොත් මුදුනෙහි තබා,  “ස්වාමීනි, දැන් වූ කලි මේ උපාසක වරුන්ගේ උතුම් වූ රත්නත්‍රය සරණ හැර විරුඩ ග්‍රහණය අපට ප්‍රකාශය. පූර්වෙහි යක්ෂාදිගෘහිත වූ කාන්තාර මාර්ගයෙහි විරූඩ ග්‍රාහින්ගේ විනාශය හා අවිරූඩ ග්‍රහිතව වූ මනුෂ්‍යයන් ස්වාසස්ථානයට පැමිණි බව අපට සැබවී තිබෙන්නේය. නුඹ වහන්සේටම ප්‍රකාශය. ස්වාමීනී යාඤ්ඤා කරම්හ. පින්වත් වූ සර්වඥයන් වහන්ස. ආකාශයෙහි පුන් සඳ මඩල නගා පානා කලක් මෙන් මේ කාරණය ප්‍රකාශ කොට වදාල මැනව”යි ආරාධනා කළාහුය.

ඉක්බිත්තෙන් බුදුහු මා විසින් සිටානෙනි අප්‍රමාණ කාලයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලෝක වාසීන්ගේ සැක දුරු කරන පිණිසම සර්වඥතා ඥානය ප්‍රතිවේදය කරන ලද්දේය. සිංහ තෛලයෙන් රන් නලක් පුරවන්නාක් මෙන් සකස් කොට කන් නමා අසවයි සිටානන්ට සිහි උපදවා හිම ගර්භයක් පලා පුන් සඳ මඩල පිටත් කොට පාන්නක් මෙන් භවාන්තරයෙන් සැඟ වූනාවූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය කරන්නාහුය. එසමයෙහි පුරණ ලද බෝධි සංබාර ඇති අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයක පිළිසිඳ ගෙන ක්‍රමයෙන් වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙති කලෙක බස්නාහිරන් නැගෙනහිරට යෙති. එකල බරණැස් නුවර අනෙකුත් ශාන්තු නායක පුත්‍රයෙක් විය. ඒ තෙම  අඥාණය, අව්‍යක්කතය. උපායෙහි දක්ෂ නොවෙයි.

එසමයෙහි බෝධි සත්වයෝ බරණැස් නුවරින් මහඟි වූ බඩු ගෙන පන්සියයක් ගැල් පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවනැති සාන්තු නායක පුත්‍රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටුවූයේය. බෝධි සත්වයෝ ඉදින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්‍ර තෙමෙ මා හා සමඟ යේනැම් ගැල් දහසක් එක් මග යන්ට පටන්ගත් කල මග නොසෑහෙන්නේය. මනුශ්‍යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය. මොහුවත් මාවත් පළමු කොට යාම කටයුතු යයි සිතා බෝධි සත්වයෝ ඒ අඥාණ වූ සාන්තු නායකයා කැඳවා මෙපවත් කියා අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවෙන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යව්ද?. නොහොත් පස්සෙයි යව්ද යි විචාලෝය. එවේලෙහිම හෙතම මෙසේ සිතී තමා ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්‍යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්‍රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි සිතා හෙතම “මම යහළුව පළමු කොට යෙමි”යි කීහ. බෝධි සත්වයෝත් පස්සෙහි යාමෙහි බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. “ඉදිරියෙහි යන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහුකුරා තදව ගිය තණ කති යි මාගේ ගොන් නැවත අට ගත් මිහිරි වු ලා තණ අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අට ගත් මිහිරි වූ ලාතන අනුභව කෙරෙති. පළමු පලා කොල කඩා ගත් තැනින් නැගී දළු පලා මනුශ්‍යන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන පැන් උපදවති. මොහුන් කැනවූ වල වලින් අපි පැන් බොම්හ. පළමු කොට අගය තිබියේනම් මනුශ්‍යයන්ගේ දිවි ගැලවූ වාක් වැන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුබූ අගයෙන් බඩු විකුණම්” යැයි ඒ මහා බෝසතානෝ මෙතෙක් අනුහස් දැක “යහළුව තෙපි පළමු කොට යව්” වයි කීවා හුය.

එකල්හි නුවණ නැති ශාන්තු නායක “යහපත යහළු” යැයි කියා ගැල් යොදා ගෙන නික්ම. ක්‍රමයෙන් මනුෂ්‍ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය. හෙතම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පැන් පුරවා සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ගත්තේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මධ්‍යයට පැමිණි කල්හි එහි අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්‍යන් ගෙන යන පැන් දම්මවාපියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හි උරු පළඟ ආයුධ ගත් අත් ඇතිව, අමුනුෂ්‍යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා තෙත් පිලි ඇතිව, නායක පුරුෂයෙකු මෙන් ඒ රථයේ ඉඳ, මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමනුෂ්‍යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය.

යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුහාදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය.

“අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැ”යි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා “යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැ”යි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්‍යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්‍යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැ”යි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල ය”යි කීහ. “පළමු මෙතන දක්වා පැන් ගෙන ආ තොප විසින් කලසේ ඉතා යහපත් වන්නේය. මෙතැන් පටන් තොප ගෙන යන පැනින් ප්‍රයෝජන නැත. ඉදිරියේ බොහෝ පැන් ඇත. පැන් සැලවල් බිඳ පැන් දමා පියා සැපසේ යව”යි කීයේය. මෙසේ කියා තොපි යව අපට ලස් වන්නේයැයි කියා මද තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයට ගියේය.

ඒ අඥ්ඤාණ වූ ශාන්තු නායකයාද තමා නුවණ නැති බැවින් යක්ෂයාගේ බස් ගෙන සැලවල් බිඳුවා පැන් උලක්කුවක් විවරකුත් නොතිබා සියළු පැන් දම්මවා ගැල් පමණක් පදවාගෙන නික්මුනේය. ඉදිරියේ ස්වල්ප මාත්‍රයකුත් පැන් නොවිය. මනුෂ්‍යයෝ පැන් නොලැබ මිරිකී ගියාහු සවස්වන තුරු ගොස් ගැල් වලල්ලෙහි සිටුවා ගොන් ගැල් සක බැඳ සිටවූය. සරකුන්ට බොන්නටවත් මනුෂ්‍යන්ට බත් පිසන්නටවත් පැනක් නැති විය. පැන් නොළැබ මිරිකී ගියාහු මනුෂ්‍යයෝ ඒ ඒ තැන වැදහෙව නිදන්නට පටන්ගත්තාහුය. රාත්‍රි භාගයෙහි යක්ෂයෝ යක්ෂ පුරයෙන් අවුත් සරක් හා මනුෂ්‍යන් මරා මස් අනුභව කොට ඇට පමණක් තබා ගියාහුය. මෙසේ ඒ නුවණ නැති සාන්තු නායකයා නිසා සියළු සත්වයෝ විනාශයට පැමිණියාහුය. අත් ඇට ආදීය ඒ ඒ අත විසිරි ගියේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබුයේය.

මහා බෝධි සත්වයෝද නුවණ නැති ශාන්තු නායකයා යෙල මසක් ඉක්මවා පන්සියක් ගැල්වල බඩු පටවාගෙන නුවරින් නික්ම ක්‍රමයෙන් පැන් නැති අමුනුෂ්‍ය වාසය වූ කාන්තාර මුඛයට පැමිණියෝය. මෙසේ පැමිණියාවූ මහා බෝධි සත්වයෝ එතැන්හිදි මහා සැල වල පැන් පුරවා බොහෝ පැන් ගෙන තමන් කැටිව යන මිනුසුන් කැඳවා කඳවුරු බැඳගෙන උන් තැන බෙර පියවි කරවා මනුෂයන් රැස් කොට මෙසේ කිවුය.

“මා නොවිචාරා පැන් පතක් විවරකුත් ප්‍රයෝජන නොවිඳුව මේ කතර මඟ විස වෘක්ෂයෝ ඇත. ඒහෙයින් පෙර නොකැ විරු පළාකොලත්, මලක්, පළා පලයක්ම මා නොවිචාරා නොකව”යි. මෙසේ මනුෂ්‍යයන්ට අවවාද කොට බඩු පැටවූ පන්සියයක් ගැල් හා සමග අමුනුෂ්‍යාදිගෘහිත නිරුදක කාන්තාරයට පැමිණියෝය.

ඒ මහා බෝ සතානෝ කාන්තාර මධ්‍යයට පැමිණ කල්හි ඒ යක්ෂ තෙම පළමු පරිද්දෙන්ම බෝධි සත්වයන් එන පෙරමග තමා දක්වා සිටියේය. බෝධි සත්වයෝ ඔහු දැකලාම දැනගත්තුය. “මේ කාන්තාරයෙහි පැන් නැති හෙයින් නිරුදක කාන්තාර යැයි මේ කාන්තාරයට නමක් වන්නේය. මේ තෙම නිර්භිතය. රත් වූ ඇස් ඇත්තේය. මොහුගේ ඡායාවත් නොපෙනෙන්නේය. ඒකාන්තයෙන්ම මොහු විසින් පළමු කොට බිය නුවණැති සාන්තු නායකයා ඔහුගේ පුරුෂයන් සමඟ ගැල් වල පිරවු පැන් දම්මවා කලාන්ත කොට කන ලද්දේ වන්නේය. මා ගේ වූකලි නුවණැති බව හා උපායෙහි දක්ෂ බව මොහු නොදනිතියි සිතමි” සිතා ඉක්බිත්තෙන් ඕ හට මෙසේ කීවුහ.

“තෙපි හැම දෙන පළා යව්. අපි හැම වෙළඳුන් නම් අනිත් තැනක් නොදැක ඇරගත් පැන් නොදම්හ. පැන් දුටු තැනකදී පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන යම්යැවි” කිවුහ. යක්ෂයා මඳ තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයටම ගියේය.

යක්ෂයා ගිය කල්හි මනුෂ්‍යයෝ බෝධි සත්වයන්ට මෙසේ කිවුහ. “මේ සාමිනී මනුෂ්‍යයෝ මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේයැයි කියා ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටිගෙන නෙළුඹල හා නෙළුඹ දැලි කමින් තෙත් පිළි හැඳ තෙත් වූ හිසකේ හැරගෙන ආවාහුය. එසේ හෙයින් අප හැම ගෙන යන පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන වහා පලායම්හ”යි කිවුහ.

බෝධි සත්වයෝ ඒ මිනිස්සුන්ගේ කී බස් අසා ගැල් රඳවලා සියළු මනුෂ්‍යයන් රැස් කොට “තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණෙක්වත් ඇතැයි කිසිකෙනෙකුගෙන් ඇසූ විරු ඇද්දැ”යි විචාලෝය.

“ස්වාමීනි ඇසූ විරූ නැත. මේ තම නිරුද්දක කාන්තාරය වේද.” ඒ මනුෂ්‍යයෝ කිහුය. එකල්හි බෝධි සත්වයෝ කියන්නාහු “මේ අප දුටු මනුෂ්‍යයන්ගෙන් සමහර කෙණෙක් නිල් වූ වන රොදින් එපිට වැසි වස්නේ යැයි කියුය. වැසි සුළඟ නම් කෙතෙක් තැන් හමාදැ”යි විචාලෝය. “ස්වාමීනි යොදුනක් පමණ තැන් හමන්නේ වේදැ”යි කිවුය. “කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක් කෙනෙකුගෙන් ඇඟ වැසි සුළගක් වැදගත් දැ”යි විචාලෝය. “නැත ස්වාමීනි ” කිහ. “මේඝ ශර්ස නම් කොපමණකදී පෙනේදැ”යි විචාලෝය. “යොදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි” කීයුය. “තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසි වලා කුලකුත් දුටුවේ ඇද්දැ”යි විචාලෝය. “නැත ස්වාමීනි” කීහ. “විදුලියෙන් නම් කෙතැන් පටන් පෙනේදැ”යි විචාලෝය. “සතර පස් යොදුනක් පසන් පෙනෙන්නේ වේද. ස්වාමිනි” කිවුහ. “තොප ඇම දෙනාගේන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දක්නා ලද්දේදැ”යි විචාලෝය. “නැත ස්වාමීනි. විදුලි ආලෝකයක් නොදුටුම්හ”යි කීහ. “මේඝ දවනිය නම් කොතෙක් තැන් පටන් ඇසේ දැ”යි විචාලෝය. “එක් යොදුනක් මත්තේ පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමිනි ” කීයුහ. “කිමෙක්ද තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් වැසි ඝර්ජනාවක් කරන්නා ඇසූ අුැද්දැ”යි විචාලෝය. “නැත ස්වාමිනි අකුණු ගසන හඬක් නොඇසුම්” යැයි කීහ.

එකල්හි අප මහ බෝ සතානෝ කියන්නාවු “එම්බා පින්වන්ති මොහු මනුෂ්‍යයෝ නොවෙතියි යක්ෂයෝය. මොහු අප හැම ගෙන යන පැන් දම්මවා පියා දුර්වල කොට කම්හයි ආවාහු යක්ෂ කෙණෙක් වෙති. ඉදිරියේ ගිය නුවනැති ශාන්තු නායක පුත්‍රයා උපාය දැක්මෙහි අදක්ෂය. ඒ කාන්තයෙන්ම එතෙම මොහු විසින් පැන් දම්මවා මිරිකා දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබෙන්නේ වේදැයි අපි එම බඩු පිරු ගැල් දැකුම්හ. එසේ හෙයින් පැන් උලක්කුවක් විවරකුත් නොදමා වහවහා ගැල් පදුවයි” කියා ගැල් පදවාගෙන නික්මුනාහුය.

මහා බෝධි සත්වයෝ යමෙන් සිට බඩු පිරුවනින්ම තිබු ගැල් දැක පන්සියයක් ගැල් හා ගොන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබුවා දැක ගැල් මුදවා ගැල් වලල්ලෙන් කඳවුරු බඳවා වේලාසනම මනුෂ්‍යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්‍යයන් මධ්‍යය යේ ගෙරි කැට කොට වැදහොවා තුමු සත්ති සම්පන්න ප්‍රධාන පුරුෂයන් ගැන කඩු ගත් අත් ඇතිව තුන් යම් රාත්‍රියෙහි රැකවල් ගෙන සිටිසේ සිටම අරුණ නැගුය.

දෙවන දවස් උදෑසනම සියළු කටයුතු සපයාගෙන ගොන් තණ ආදීය කවා ගෙන මාළු ගැල් දමා තර ගැල් ගෙන මඳ මිඳ ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නංවාගෙන මහා බෝ සතානෝ තමන් වෙළදාම් කරන්නට යන්ට සිතු නෙතටම ගොස් දියුණු තියුණු මිලයෙන් බඩු විකුට සියළු පර්ශත් ගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය.

සාස්තෘ වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ කතාව ගෙන හැර දක්වා වදාරා, “මහා සිටානෙනි මෙසේ පෙර විරුඩ ග්‍රාහය ගත්තෝ මහා විනාසයට පැමිණියෝය. අවිරුඩ ග්‍රාහය ගත්තෝ නුවණැත්තෝ අමුනුෂ්‍යයන් අතින් මිඳි සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොට ගෙන පෙරලා තමන් වසන නෙතට පැමිණියෝ වේදැ”යි පූර්වාපර සන්ධි ගැලපීම් වශයෙන් අතීත කථාවත් වර්ථමාන කථාවත් වදාරා මත්තෙහි අපණ්ණක ජාතක ධර්ම දේශනාව කොට වදාරණ සේක.

අපණ්තකං ඨානමේකේ දුතියං ආහු තක්ඛිකා  ඒත දංඥාය මේ දාවි තංගණේය යදපන්ථකං මේ ගාථාව වදාලසේක.

මෙහි අපණ්තක පටිපදාව නම්

  • රත්නතත්‍රය සරණ යාම පංචශීලය හා දස සීලය රක්ෂා කිරීමය
  • ප්‍රාතිමෝක්ෂ සංවර ශිලය ඉන්ද්‍රිය සංවර ශීලය ආජිව පාරිශුද්ධි ශීලය ප්‍රත්‍ය සන්ති සීත ශිලය යන සියළුම සිල් පිරිසිදුව සිල් නොකිලිටි කොට රැකීමය.
  • චක්ශුරාධි පංචේන්ද්‍රයන් වසඟ කොට වසන බවය.
  • භෝජනයෙහි පමණ දක්නා බවය.
  • නිදි වර්ජිත කිරීමය.
  • පංච විද ධ්‍යානය ඉපිද වීමය.
  • විදර්ශනා භාවනා කිරීමය.
  • පංචාභිඥාණ අෂ්ට සමාපත්ති ඉපිදවීමය.
  • ස්ව්ත ආපත්තාදීහු සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ල අපණ්තක පටිපදා නම් වේ.
නිර්වාණ ග්‍රාමී වු ප්‍රතිපත්තිය ද මේ  වෙයි. සර්වඥ ශාසනයට අවිරූඩ ප්‍රතිපත්තිය නම් වෙයි. මේ අපණ්තක පටිපදා යන අන්‍ය ලබ්දි ගැන්මය දස අකුසල කර්මයෙහි හැසිරීම නුසුදුසු වූ කාය වාක් සමාදාරියෙහි යෙදීමය. යන මේ සියල්ල වන්නේය. මේ විරුඩ ප්‍රතිපදාව සතර අපායෙහි හා පංච විද නිච කුලයෙහි උපදවා මහා දුක් දෙන්නේය. තවද මේ අවිරූඩ වූ ඒ කාන්ත කාරණ වූ මේ අවිරූඩ ප්‍රතිපත්තියෙහිම සිට සර්වඥයෝ දෘඩ විර්යෙන් පාරමිතාවන් පුරා බෝධි ද්‍රම සමීපයෙහි ඉඳ සම්‍යක් සම්බෝධි ඥාණය සමාධිගමය කරන්නාහුය. පසේ බුදුවරයෝ ඉඳ සම්‍යයක් සම්බෝධි ඥාණය සමාධි ගමය කරන්නාහුය. පසේ බුදු වරයෝ ප්‍රත්‍යොක් බෝධි ඥාණය සමගි ගමනය කෙරෙති. බුද්ධ පුත්‍ර වූ ශ්‍රාවකයෝ ශ්‍රවක පාරමිතා ඥාණය ප්‍රතිවේද කෙරෙති. මෙසේ භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේ ඒ උපාසක වරුන්ට ත්‍රිවිධ කුසල සම්පත්තීන් හා දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් දක්වා කෙලවර මේ අපණ්තක පටිපදාව අර්හත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදාදී ලන්නේයැයි කියා අනේ පිඩු මහා සිටානන්ගේ ප්‍රධෘන කොට ඇති පන්සියයක් උපාසක වරුන්ට මේ අපණ්තක ධර්ම දේශනාව දක්වා මත්තෙහි චතුරාර්ය සත්‍යය සොලොස් ආකාරයකින් ප්‍රකාශ කොට වදාල සේක. මේ චතුස් සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ සියළු පන්සියයක් උපාසක වරු යෙළ දහසක් කෙළසුන් නසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මේ අපණ්තක ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි අඥ්ඥාණ වූ සාන්තු නායක පුත්‍ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයේය. ඔහුගේ පෂීද නම් මේ දේවදත්ත පර්ෂිද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තු නායකයාගේ පර්ෂිද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තු නායක පුත්‍ර නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජු වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේකි. NEXT1

02 වණ්ණුපත ජාතකය

තවද එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසනසේක් භාවනා කිරීමෙහි හරණලද විර්යය ඇති භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද? යත්

බුදුරජානන් වහන්සේ සැවැත්නුවර වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුලපුත්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදීනව හා ප්‍රවෘජ්‍යාවෙහි අනුසස් අසා මහණව උපසම්පදා පස්වසක් ඇතුළත උභයමාතෘකාව වනපොත්කොට සික්ෂා පද ඉගෙන භාවනා මාර්ගයන් ඉගෙන සර්වඥයන් සමීපයේදී තමන් වහන්සේට අභිප්‍රාය වූ කර්මස්ථානයක් ගෙන උදකලාව වාසය කැමතිව වලට වැද වනයෙහි සැදැහැ ඇති උපාසක වරුන් විසින් කරවා පිළිගන්වන ලද පන්සලක වස් වැස වස් තුන් මස මුළුල්ලෙහි මාර්ග ඵල උපදවන්නට උත්සාහ කරණ සේක් විදර්ශනා ලෝකයක් වේවායි ප්‍රතිභාග නිමිත්තක් වේවායි උපදාව ගත නොහි මෙසේ සිතු සේක.

“සර්වඥයන් වහන්සේ විසින් පුද්ගලයෝ සතර දෙනෙක් වදාරණ ලද මොහුන් සතර දෙනා අතුරින් මා පද පරම වන්ට කාරණය වන්නේය. මට මේ ආත්ම භාවයෙහි මාර්ගයෙක් වත් ඵලයක් වත් නැතැයි සිතමි. එසේ හෙයින් මේ වනයේ වැස කුමක් කෙරෙම්ද?. සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් රූපාග්‍ර ප්‍රාප්ත වූ බුදුන්ගේ ශරීරය බල බලා මිහිරී වූ බණ අසමින් විසියෙම් වීම් නම් යහපත් වන්නේයැ”යි සිතා නැවත ජේතවනා රාමයට වැඩි සේක.

උන් වහන්සේ දැක සන්ද්‍රාදෘෂ්ට සම්භක්ත භික්ෂූහූ මෙසේ කිවුහ. “ඇවැත්නි තෙපි ලොව්තුරා බුදුන්ගෙන් කමටහන් ගෙන මහණ දම් කෙරෙමි ගිවිස දැන් වූ කලී වලින් අවුත් සනසන්ඝනීකා යෙහි ඇලී වාසය කරව. කිමෙක්ද තොපගේ ප්‍රවෘජා කෘත්‍යය මුදුන් පැමිණියේද පුනරුත්පත්තියක් නැතුව අර්හත් ඵල ඥානය ප්‍රතිවේද කලාදැ”යි කීහ.

“ඇවැත්නි මම මාර්ගයක් වත් නොලැබම අභව්‍ය පුද්ගලයෙක් විය යුතු යැයි සිතා වීර්යය හැර ආමී සේක.” එකල්හි භික්ෂුන් වහන්සේ කියන සේක් “ඇවැත්නි දෘඪ වීර්යය ඇති සර්වඥයන් වහන්සේගේ සාසනයෙහි මහණව භාවනා කොට මාර්ගඵල ඉපදවීමෙහි වීර්ය අඩුව තොප විසින් අකාර්යක්ම කරන ලද අපහාස කැටිව එව. සර්වඥයන් වහන්සේ සමීපයට යම් හ”යි කියා ඒ භික්ෂුව කැඳවාගෙන බුදුන් සමීපයට ගිය සේක.

සර්වඥයන් වහන්සේ භික්ෂුන් දැක “මහණෙනි තෙපි මේ භික්ෂුව නොකැමැති පරිද්දෙන් කැඳවා ගෙන කුමක් පිණිස අවුද. මොහු විසින් කවර අපරාදයක් කරන ලදැ”යි විචාරා වදාළ සේක. එකල්හි භික්ෂූන් වහන්සේ දක්වන සේක් “ස්වාමීනි මේ මහන මෙබඳු නෛර්යාණික ශාසනයෙහි මහණව මහණ දම් කරන්නේ විර්ය ඇර ආයේ යැ”යි දැක්වූ සේක.
එකල්හි සර්වඥයන් වහන්සේ “සැබැද මහණ තා විර්ය හලුයෙහි යැ”යි වදාරා
“සැබැව ස්වාමීනි”
“දැන් වූ කල්හි කිමෙක්ද මහණ තෝ මෙබඳු ශාසනයෙහි මහණව අල්පේච්ච සේක. සතෘෂ්ට සේක. කුලයෙහි ගෙණෙහි නොඇලෙන සේක. වඩන ලද වීර්ය ඇති සේකැයි මෙසේ තමා ප්‍රසිද්ධ නොකොට මේ මහණ හරණ ලද වීර්ය ඇත්තේයැයි කුමක් පිණිස ප්‍රකාශ කරවූයෙහිද. මහණ තෝ පෙර වීර්ය වත් වූයේ නොවේද. තා එක තැන් වූ කල වීර්ය නිසා මරු කතර පන්සියයක් ගැල්වල ඒ මිනිසුන් හා ගොන් පැන් ලැබ ස්වාසස්ථානයට පැමිණියෝ නොවැද දැන් තෝ කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහි වේදැ”යි වදාල සේක.

එකල්හි ඒ මහණ මෙපමණ බසකින් උපසම්ඵහ ලද්දේ විය. ඒ කතාව අසා භික්ෂූන් වහන්සේ බුදුන්ට යාඤ්ඥා කරණ සේක්, ” ස්වමීනි දැන් මේ භික්ෂූ හූ විසින් වීර්ය හල බව අප ඇමට ප්‍රකාශය. අතීතයෙහි මොහු තනි තැනැත්තවූන්ගේ වීර්ය නිසා මරු කතර ගොන් හා මිනිසුන් පැන් ලැබ ස්වාසස්ථානයට පැමිණි බව භවයෙන් පටිච්ඡන්න හෙයින් අපට ප්‍රකාශය නුඹ වහන්සේගේ සර්වඥතා ඥාණයටම ප්‍රකාශය අපටත් ඒ කාරණය ප්‍රකාශ කොට වදාළ මැනවැ”යි ආරාධනා කළ සේක.

එකල්හි සර්වඥයන් වහන්සේ එසේ වී නම් මහණෙනි අසව් යයි කියා ඒ භික්ෂුන්ට සිහි උපදවා භවාන්තරයෙන් සැඟ උනා වූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝ සතානෝ සාන්තු නායක කුලයෙහි පිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. මෙසේ වෙළදාම් කොට ඇවිදිනාහු මහා බෝධි සත්වයෝ එක් කලක මරු කතරක පැමිණියාහුය. ඒ වාළුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත්වැලි මිට නොසිටින්නේය. හිරු නැගි වේලෙහි පටන් කිහිරඟිරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යන්ට නොපිළිවන. එසේ හෙයින් ඒ වාළුකා කාන්තාරයෙහි යන්නා වූ සත්වයෝ දර පැන් තෙල් සහල් ආදිය ගැලින් අරගෙන රාත්‍රියෙහි ගොස් අරුණ නැගුණ වේලෙහි ගැල් මුදා ගැල් පට වලල්ලෙහි සිටුවා මුදුනෙහි කොළ මඩු ඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප ඡායාවෙහි ඉඳ දවස් යවා ඉර බැස ගිය කල්හි රාත්‍රි භෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හි ගැල් යොදා ගෙන යන්නාහුය. සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමන් වන්නේය. ගැල් පදවා ගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ගොඩ නියමුවා යැයි නම් ලබන්නට සුදුසු වන්නේය. එසේ හෙයින් තරුසලකුණින් ගැල් සාත්තු පදවාගෙන යන්නේය.

අප මහා බෝසතානෝද එකල්හි මේ ක්‍රමයෙන් ඒ මරු කතර යන්නාහු එකුන් සැට යොදුනක් ගොස් දැන් එක රාත්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයි කියහැකි. අවස්ථාවෙහි සවස බත් අනුභව කොට සියළු දර පැන් නිමවා ගැල් යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝ ඉදිරියේ යන ගැල දික් සඟලා පුටුවක් අතුරුවාගෙන ආකාශයෙහි තරු සලකුණු බලමින් ගැල් මෙසේ පදුව මෙසේ පදුවයි කිය කියා වැදහොත් තැනැත්තෝය. බොහෝ කලක් නොනිදු බැවින් නින්දෙන් මිරිකී නිදන්නට පටන් ගත්තාහුය. එකල්හි ගොන් කරකැවි ආපස්සේ නික්මුනා බව නොදන්නාහු ගැල් අඳනාගොන් සකල රාත්‍රියෙහි අවුත් පළමු දවස් ලැගි තැනටම පැමිණියාහුය. සාත්තු නායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද නැකැත් තරු බලා ගැල් රඳව රඳවයි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණු නැංගේය. මනුෂයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිමවා ගියේය. දැන් නටුවෝමෝදැයි කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට සෝක ගෙන උන්නාහුය.

එවෙලෙහි අප මහ බෝසතානෝ මා විර්ය ඇරපුවොත් සියල්ලෝම නසිතියි සිතා උදෑසන සිසිල් වේලේම ඇවිදිනා තැනැත්තෝ එක් ඊ තන පඳුරක් දැක මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැයි සිතා උදැල්ලක් ගෙන්වා ගෙන ඒ ඊතන පඳුර තිබු තැන කණින්ට පටන් ගෙන සැට රියනක් පමණ කැණපූය. මෙතෙක් තැන් කැණ නැවතත් පල්ලේ කන්හයි උදුලු එලන්නාවු මනුෂ්‍යන්ගේ උදුලයට ගල තල මත්තේ වැද ගන්නට පටන් ගත් කල්හි ඇම දෙන අවීරියව ගියහ.

බෝධි සත්වයෝ වනාහී වම් ගල තලින් යට පැන් විය යුතුයයි සිතා ලිඳට බැස ගල තල මත්තෙහි සිට නැමී තමා දියේ යන හඬ පරීක්ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ලිදෙන් ගොඩ නැගී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවුය.
“දරුව තොප අවීරියව ගියෝත් අප සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහි කුළු ගණනක් එලාපියව”යි කියුය.

ඒ අසා අතවැසි පුරුෂ මහ බෝසතානන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි කල්හි තෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහි යකුලු ගණනක් එලාපුයේය. එකල්හි ගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූ ජල ප්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල් කඳක් සා දිය කඳක් උඩ පැන නැංගේය. එකල්හි සියළු මනුශ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තිබු ගැල් සක් ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහි ලිඳ සමීපයෙහි දදජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමතිව නල ලද්දා වූ ස්ථානයටම ගියාහුය. ඒ මනුෂ්‍යයෝ තමන් අභිප්‍රාය ස්ථානයෙහිදී බඩු විකුට එකට දෙක හා එකට සතර නියායෙන් දෙදියුණු සතර දියුණු ලාභ ලැබ තමන් පළමු වසන්නා වූ ස්ථානයටම පෙරලා ආවාහ

. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නා වූ ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහය. මහබෝසතානෝද ධානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් යම් සේ වෙළදුන් නොකූසිතව මරු කතර ලිං බැඳ පැන් ලද්දාහුද එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණව නුකූසීතව වීර්ය කරන්නා වූ නුවණැති මහණ තෙමේ ධ්‍යාන  මෝක්ෂා මාර්ගඵල ආදී වූ ප්‍රභේද ඇති ලය සැනසීම ලබන්නේය.

මහණ තෝ පෙර පැන් පමණක් නිසා වීර්ය කොට දැන් මෙබඳු ර්‍නෛයාත්මික සාසනයේ මහණව මාර්ගඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහිදැයි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයි කියන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතු සත්‍යය දර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. සාතෘ වූ බුදුරජානන්වහන්සේ අතීත කතාවත් වර්ථමාන කථාවත් දෙක එක් කොට අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි නුපසුබට වීර්ය ඇති ගල තල බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්ය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පර්ෂද නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තු නායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

NEXT1

03 සේරිවාණිජ ජාතකය

§තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක.

ඒ කෙසේද යත්
ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවෂේස භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳු මාර්ග ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන් සේක.

එකල්හි එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදු රජානන් වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදුනෙහි තබා භක්ති ප්‍රේමාති භාර වනෝත්තම මාංගයෙන් නමස්කාර කොට සිට ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. එවෙලෙහි බුදුරජානන් වහන්සේ අන්‍යභවයෙන් සැඟවුනාවූ කාරණය ප්‍රකාශ කොට ඉකුත් වත් දක්වා වදාල සේක.

යට ගිය දවස මෙම කල්පයට පස් වෙනි වූ අප මහා බෝධි සත්වයෝ සේරිව රාජ්‍යයෙහි රංපසිඹු පහිය කරලා කිසිල්ලෙහි ගෙන්වා ගෙන වෙළඳාම් කෙරෙන හෙයින් කච්චපුට වාණිජය නම් ඇති වෙළඳ උපන්නාහ. ඒ වෙළෙඳානෝ සේරිවාණිජ නම් එක් ලෝභි වෙළෙදකු හා සමග නිලවාහිනී නම් වූ ගඟෙන් එතරව අන්ධපුර නම් නුවරට වැද නුවර විථිය බෙදාගෙන තමන්ට පැමිණි වීථියෙහි බඩු විකුණමින් ඇවිදිති. අන්‍යය ලෝභි වෙළඳ තම පැමිණි වීදියෙහි බඩු විකුට ඇවදිනේය.

Kadawalalu

එකල්හි එක් සිටු කුලයක ඇත්තෝ දුප්පත් වූය. සියළු මල් බෑයන් හා දරුවෝත් වස්තුවත් නැසි ගියෝය. එක් මිණිබිරි කුඩා කෙල්ලක් මිත්තනියන් හා සමඟ නොනැසි රඳා ගියාය. ඔවුන් දෙදෙනම අනුන්ට බැල මෙහෙවර කොට ජිවත් වෙති. මොවුන් දෙනොගෙහි පළමු මහ සිටානන් බත් අනුභව කල රන් තලියන් වළං අතුරෙහි තිබි බොහෝ දවසක් ප්‍රයෝජන නොවු හෙයින් මළ ගැසී ගියේය. ඒ තාක් වන තුරු ඔහු දෙදන රන් තලිය බවක් නොදනිති. එකල ඒ ලෝභි වෙළඳා කදා වළුලු ගනුවයි කියමින් ඇවිදිනේ ඒ ගේ දොරට පැමිණියේය. ඒ ගෙයි කුමාරිකාවෝ වෙළදා දැක මුත්තනියන්ට කියන්නේ මෑණියනි මට එක් පළදානවක් ගනුවයි කීව. ඒ අසා මුත්තනියෝ අපි දුක්ඛිත යම්හ. කුමක් දී පළඳනා ගනුමෝදැයි කීයුය. එ වෙලෙහි ඒ කුමාරිකා කියන්නේ අපගේ තලියක් ඇත. ඒ තලියෙන් අපට කිසි ප්‍රයෝජනයකුත් නැත. මේ තලිය දී පියා වළලු ගත මැනවැයි කීහ. මුත්තනියෝ ඒ කුමාරිකාවගේ ඇවිටිලි බලවත් හෙයින් වෙළදා කැඳවා අස්නක හිඳුවා තලිය දී ස්වාමිනි මේ තලිය අරගෙන නුඹගේ නැගනියන්ට නිසි පළඳනාවක් දුන මැනවයි කීයුය. ඒ ලෝභි වෙළඳා තලිය අතින් ගෙන රන් තලියක් වනැයි තලිය පිට ඉඳිකටුවෙන් ඉරක් ඇඳ රන් බව දැන මොවුන්ට කිසිවක් නොදිම මේ තලිය ගෙනයමියි සිතා මේ තලිය කුමක් අගිද. අඩ මදටකුත් පමණ මේ තලියට මිළ නැත්තේයැයි කියා බිමට දමා හුනස්නෙන් නැගී ගියේය.

එක් කෙනෙකුන් වැද නික්මුනු විථියට අනෙක් තැනැත්තේ වදින්ට නිසි වන්නේයැයි බෝධිසත්වයෝ ඒ විථියට වැද කදාවළලු ගනුවයි කියමින් එම ගේ දොරට පැමිණියෝය. නැවත ඒ කුමාරිකා යලි පළමු පරිද්දෙන්ම තම  මුත්තනියන්ට කියන්නේනේ මෑනියනි මට වළලු අරගෙන දුන මැනවැයි ඇවිටිලි කීව. එකල්හි මුත්තනනියෝ කුමාරිකාවන්ට කියන්නෝ දුවනියනි පළමුව ආ වෙළඳානෝ තමාට දුන් තලිය බිමට දමා ගියෝය. දැන් කුමක් දී ගනිමෝදැයි කිවුය. ඒ අසා කුමාරිකා තෙම කිය්නනේ මෑනියනි ඒ වෙළඳතෙම තද පරුෂ බස් ඇත්තේය. මේ වෙළදානෝ වූ කලි ප්‍රිය වූ දැකුම් ඇත්තෝය. මොලොක් වූ කතා ඇත්තෝය. එසේ හෙයින් මේ තලිය අරගෙනදී මට පළඳනා අරගෙන දුන මැනවැයි වළලු නම් යහපත් වේදැයි කියුය. ඒ කුමාරිකාවගේ බස් අසා මුත්තනියෝ කියන්නෝ එසේ විනම් කැඳවයි කියා වෙළඳානන් කැඳවුහ.

ඉක්බිත්තෙන් ගෙට වැදලා උන්නා වූ බෝධි සත්වයන්ට ඒ තලිය දුන්නාහ. බෝධි සත්වයෝ ඒ රන් තලියේ නියාව දැන කියන්නාහු මෑණියනි මේ තලිය අගනා බඩු මා අත නැතැයි කියුහ. ඒඅසා කුමාරිකාවගේ මුත්තනියෝ කියන්නෝ පළමු ආ වෙළදානෝ මේ තලිය අඩමදටකුත් නොපුස්නේ යැයි කියා බිමට දමා ගියෝය. මේ තලිය වූ කලි නුඹගේ කුසලයෙන් ස්වාමීනි රත්රන්ව ගියවනැයි අපි නුඹට මේ තලිය දෙම්හ. අපට යම් තම් දෙයක් දී පියා මේ තලිය ගෙන ගිය මැනවැයි කීයුහ. බෝධිසත්වයෝ එකෙණෙහිම අත තිබු පන්සියයක් කහවනු හා පන්සියයක් අඟනා බඩු දී මිල ඇම මදියි මට මේ පළන්දන්ට ආපසුම්බියත් කහවනු අටකුත් දුන මැනවයි මෙපමණක් ඉල්වා අරගෙන පළා ගියා හුය.

මහබෝසතානෝ වහ වහා ගංතෙරට ගොස් ඔරු පදනා තොටියාට කහවනු අටක් දී ඔරුවට පැනනැංගාහුය. ඉක්බිත්තෙන් ඒ ලෝභි වෙළඳා නැවතත් ඒ ගෙට ගොස් පළමු මා බලා පියා ගිය තලිය ගෙනව යන්තම් මිලයක් තොපට දෙමියි කියා කියුය. ඒ අසා කුමාරිකාවගේ මුත්නනියෝ ඕ හට බැණ දොඩා අපගේ ලක්ෂයක් වටනා ගනරන් තලිය අඩමදටකුත් නොමුස්නා කෙලිහිය. තට ස්වාමිදරුවෙකු වැනි වූ එක් ධර්මිෂ්ට වෙළදාන කෙනෙක් අපට දහසක් මිළ දී ඒ තලිය අරගෙන ගියෝ වේදැයි කිවුය. ඒ අසා හෙතම ලක්ෂයක් වටනා ඝණ රන් තලියෙන් පිරිහී ගියෙම් වේදැයි මට වූයේ බලවත් හානියකැයි උපන්නා වූ බලවත් ශෝක ඇතිව සිහිඑලවා ගන්නට අසමර්ථව ඉසංඥව තමා අත තිබූ කහවණුත් බඩුත් ඒ ගෙදරම වගුරුවා හං පෙරවි පිරිහෙලා පළන්දන්ඩ මුගුරක් මෙන් අල්ලාගෙන බෝධිසත්වයන් පසුපස්සේ ලුහුබැඳවාගෙන යන්නේ ගං තෙරට පැමිණ යන්නා වූ බෝධිසත්වයන් දැක එම්බල තොටිය ඔරුව රඳවයි රඳවයි කියා අඬගසා ලීය.

Serivanija

ඒ අසා බෝධි සත්වයෝ තොටියාට කියන්නාහු ඔරුව ආපස්සේ කරකවා නොපදුවයි වැලකූය. තමා කි බස් නොගිවිස ඔරුව නොරදා පදනා ඔරුවෙන් යන්නා වූ බෝධිසත්වයන් බල බලා සිටියා වූ ඒ ලෝභි වෙළඳාට බලවත් වූ සෝක උපන්නෝය. ලය උණුව ගියේය. මුඛයෙන් උණු ලේ නැගීය. වැවක පැලි වලල්ලක් මෙන් ලය පැලි ගියේය.

ඒ ලෝභි වෙළඳා බෝධිසත්වයන් කෙරෙහි ආගාත බැඳ එතනැම ජිවිතක්ෂයට පැමිණියේය. මෙසේ බෝධි සත්වයන් කෙරෙහි දේවදත් ස්ථවිරයන් වහන්සේ පළමුවෙන් වෛර බැඳිම වන්නේය. බෝධි සත්වයෝ ධානාදී වූ පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලව ගියෝය.

තිලෝ ගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට වදාරන සේක් යම් සේ පෙර සේරිවාණිජ නම් වෙළඳා ලක්ෂයක් වටනා ඝන රන් තලිය නොලැබ ඒ තලිය ගන්ට වීර්ය නොකොට ඒ තලියෙන් පිරිහි සෝක කරේද පංචස්තාපයට පැමිණියේද එපරිද්දෙන් මහණ තොපි මේ සාසනයෙහි සරහා පිළියල කරන ලද රන් තලියන් වැනි වු ආර්ය මාර්ගයට පසු බට වීරිය ඇති බැවින් නොපැමිණ ඒ මාර්ග ඵලයෙනුත් පිරිහි බොහෝ කලක් සෝක කරන්නාහුය.

ඉඳින් තෝ වීර්ය නොහළුවේ වේනම් නුවණ ඇති වෙළඳා නම් රං තලිය ගෙන ප්‍රයොජනය වින්ද කලක් මෙන් මාගේ ශාසනයෙහි නවවිද ලෝකෝත්තර ධර්මය ලබන්නේහි වේදැයි මෙසේ ඒ සර්වඥයන් වහන්සේ නැවතත් ඒ භික්ෂූන් වහ්න්සේට අර්හත් ඵලය කුලු ගන්වමින් ධර්ම දේශනාව දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාලසේක. චතු සත්‍යය ධර්ම දේශනාවේ කෙළවර පසුබට වීරය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. තවද බුදුහු පූර්වාපර සන්ධි ගලපා මේ සේරිවාණිජ ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි අඤ්ඤාණ වෙළදා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි නුවණ ඇති වෙළදානම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

images

04 චුල්ලසෙඨි ජාතකය

තවද සූර්ය වංශාභාජාත වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ රජගහ නුවර නිසා ජිවකයන්ගේ අඹඋයනෙහි වසනසේක් චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ අරභයා මේජාතකය ගෙණහැර දක්වා වදාළ සේක.
ඒ කෙසේද? යත්

රජගහ නුවර වසන මහධනසිටානන්ගේ දුවූ එක් කුමාරිකාවක් තමාගේ දාසයකු හා සමග මිත්‍රසන්ථවය වාසය කොට වසන දවස් මේ ක්‍රියාව අනික් කෙණෙක් දැකපූ නම් කටයුතු නොවෙයි සිතා භයින් වන්නේය. ඉඳින් මාගේ දෙමව්පියෝ මේ දෝෂය දැකපූ නම් කටයුතු නොවෙයි අප කඩ කඩ කොට කපා පියති සිතා අන්‍ය දෙශයකට ගොස් වසම්හයි කියා හස්තාර වස්තුව හැරගෙණ පළමුකොට හළදොරින් නික්ම යම් තැනකට ගොස් අනුන් නොදන්නා තෙනකට යම්හ යි කථාකොට දෙදෙනම ගියාහුය. මෙසේ ගොස් එක්තෙනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා කුමාරිකාවට බඩ දරුගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැම් මුහු කුරාගිය කල්හි වල්ලභයා සමග කථා කරන්නී දරු ගැබ මුහුකුරා ගියේය. ඥාතී බන්ධූන් නැතිතෙනදී දරුවැදීම නම් අප දෙදෙනාටම දුක්වන්නේය. එසේ හෙයින් දෙමව්පියන්ගේ ගමය යම්හයි කිව. ඒ පුරුෂයා අද යම්හ. සෙට යම්හයි කියා බස් ඉකුත් කරන්නේය. එකල කුමාරිකාව සිතන්නී මේ අඥාන පුරුෂයා තමාගේ දෝෂය මහත් බැවින් යන්ට උත්සහ නොකරයි. දෙමවිපියෝ නම් දරුවන්ට වඩා කැමැත්තෝය. එසේ හෙයින් මොහු යත් කිම?. නොයත් කිම?, මා යන්ට සුදුසුවන්නේයයි ඒ පුරුෂයා ගෙයින් බැහැර ගිය කල්හි තමාගේ ගෙයි වලං ඇඳ පුටු ආදී සියල්ලම තැන්පත් කොට තබා තමාගේ දෙමව්පියන්ගේ ගමට යන නියාව අසළ ගෙවල ඇත්තන්ට කියා මංහි නික්මුනාහ. එකල්හි ස්වාමිපුත්‍රයා ගෙට අවුත් කුමාරිකාව නොදැක අසල ගෙවල මිනිස්සුන්ගෙන් විචාරා දෙමව්පියන්ගේ ගමට ගිය නියාව අසා වහා වහා ලුහුබැඳවාගෙණ ක්‍රමයෙන් ගොස් අතරමගදී දුටුයේය. ඒ දුටුවිට අතරමගදීම දරුවැදීම වූයේය. ඒ වල්ලභ පුරුෂයා අනේ සොදුර කිමෙක්දැයි විචාලේය. ස්වාමීනි පුතකු වදාපිම් කීව. දැන් කුමක් කරමෝදැයි පුරුෂයා කී කල්හි යම් දරුකෙණෙකුන් වැඳිම නිසා මා දෙමව්පියන් ගමට යහෝනම් ඒ කාරිය අතරමගදී සිද්ධ විය.නෑයන්ගේ ගෙට ගොස් කුමක් කරමෝදැයි කීය. මෙසේ කියා දෙදෙනම නැවත නික්මුණාහ. මෙසේ එක්සිත්ව පෙරලා තමන්ගේ ගෙට ආවාහුය. ඒ උපන්නාවු කුමාරයාට නම් තබන්නාහු මගදී උපන් බැවින් පන්ථක කුමාරයෝයයි නම් තබාලූහ.

තවද ඒ සිටු කුමාරිකාවට නොබෝ දවසකින්ම දරුගර්භයෙක් පිහිටියේය. ඒ සිටු දූ පලමු පරිද්දෙන්ම දෙමව්පියන්ගේ ගමට යෙමි කියා ගොස් අතරමගදීම දරුවන් වැදූය. ඒ කුමාරයන්ටත් මගදී උපන් බැවින් පළමු උපන් කුමාරයන්ට මහාපන්ථක කුමාරයෝය. බාලපුතනුවන්ට චුල්ලපන්ථක කුමාරයෝය යි නම් තුබූහ. ඔහු දෙදෙනාම දරුවන් පෝෂ්‍යකොට ක්‍රමයෙන් වැඩෙන්නාවූ ඔවුන් දෙදෙනාගෙන් මහාපන්ථක නම් කුමාරතෙමෙ සෙසු කුමාරවරුන් හා කෙළනා කල සෙසු කුමාරයෝ සුළු පියානෝය මුත්තනුවෝය මුත්තනියෝයයි කියන්නන්ගේ බස් අසා මෑණියන් අතින් විචාරන්නාහූ මැනියන් වහන්ස සෙසු දරුවෝ සුළු පියානෝය, මුත්තනුවෝය මුත්තනියෝයයි කියති. කිමෙක්ද?. අපට නෑයෝ නැද්දැයි විචාලේය. එකල්හි මෑණියන් කියන්නෝ එසේය පුත තොපගේ නෑයෝ මෙතන නැත. රජගහනුවර මහධනසිටානෝය යන කෙණෙක් තොපගේ මුතතනුවෝය. ඒ නුවර තොපගේ නෑයෝ බොහොයි කීවුය. ඒ අසා කුමාරයෝ කියන්නෝ කුමක් නිසා ඒ නෑයන්ගේ සමීපයට නොයොමෝ දැයි කිවුය. මෑනියෝද තමන් ඔබ නොයන කාරණ කියා දරුවන් නැවතූය. ඒ කුමාරයෝ නැවතත් මුතුන්මිත්තන් සමීපයට යම්හයි කියා ඇවිටිලිව කියන හෙයින් පුරුෂයාට මෙසේ කිවුය. මේ දරුවෝ හැමවේලාවෙම මට පීඩා කෙරෙති. කිමෙක්ද දෙමව්පියෝ අප දැක ඇඟමස් කපා කවද්ද, කැටුව දරුවන් කැඳවා ගෙණ ගොස් මුතුන්මිත්තන් දකුම්හයි කිවුය. ඒ අසා වල්ලභපුරුෂයා මම තොපගේ දෙමව්පියන්ගේ ඉදිරියෙහි සිටින්නට අසමර්ථයෙමි. කියා තොපි දෙදරුවන් කැඳවාගෙණ ගොස් මිතුන්මිත්තන් දක්වයි කීය. දැක්වීමෙනුත් ප්‍රයෝජන ඇතැයි කියා දෙදරුවන් කැඳවා ගෙණ රජගහ නුවරට ගොස් නුවර දොර එක් ශාලාවෙක නවාතැන් ගෙණ දරුවන්ගේ මෑනීයෝ ද දෙදරුවන් කැඳවාගෙණ ආ නියාව දෙමාපිය්නට කියායවුය, ඒ අසා සිටුදුවගේ දෙමව්පියෝ සිතන්නාහූ සසර ඇවිදිනාවූ අපට පුතනුවූ දුනූවූ කෙණෙක් නැත. ඔහු දෙනෙ අපගේ වංශය හානී කළාහ. එයස්හෙයින් මහත් වූ අපරාධ කළාහ. එසේහෙයින් ඔවුන් දෙදෙනා අප ඇස්හමුයෙහි සිටින්නට නොපිළිවන්නේය. මේ අප දීලුවස්තු හැරගෙණ දෙනොම තමන් කැමති සැප තෙනකට ගොස් ජීවත්වෙත්වයි කීවුය.ඒ අසා සිටුවු දෙමව්පියන් එවු වස්තුහැරගෙණ දරුවන් දෙන්නා තමන් තමීපයට ආ දූතයන් අතට පාවාදී යවුය. දෙදරුවෝද මුතුන්මිත්තන් සමීපයේ වැඩී වර්ධනය වෙති, ඔවුන් දෙනො අතුරෙන් චුල්ලපන්ථක කුමාරයෝ ඉතා බාලයෝහ. මහාපන්ථක කුමාරයෝ මුත්තණුවන් හා සමඟ බුදුන් සමීපයට බණ අසන්නට යෙති.නිරන්තරයෙන් බණ අසන්නාවූ කුමාරයන්ට මහණ වීමෙහි සිත්නැමුනේය. එකල්හි කුමාරයෝ මුත්තනුවන්ට කියන්නෝ ඉඳින් නුඹ වහන්සේ ගිවිස්නාසේක් වී නම් මහණවන්නෙමි වේදැයි කිවුය. එබස් අසා මුත්තනුවෝ කියන්නාහු පුත තෙපි කුමක් කියව්ද සියලු ලෝවැස්සන්ගේ මහණවීමටත් වඩා තොපගේ මහණවීම යහපත් වන්නේය. ඉදින් තොපි මහණ දම්පුරන්නට සමර්ථයෝ නම් මහණුවම් ගණුවයි කියා කුමාරයන් කීබස ගිවිස සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේ විසින් මේ කිමෙක්ද මහා සිටානෙනි තෙපි දරුකෙණෙකුන් ලද්දැයි විචාළ කල්හි එසේය, ස්වාමීනී කුමාරයෝ මාගේ මුනුබුරාණෝය. ඌතුමූ නුඹ වහන්සේ සමීපයෙහි මහණවෙමියි කියකියි දැක්වූහ. ඒ බස් බුදුහු අසා එක්තාරා තෙරකෙණෙකුන් වහන්සේට මේ කුමාරයන් මහණ කරවයි නියෝගකොට වදාළසේක.

ඒ තෙරුන් වහන්සේ කුමාරයන්ට තචපඤචත කර්මස්ථාන දී මහණ කළ සේක. උන්වහන්සේත් බොහා් වූ බුද්ධ වචනයන් ඉගෙණ පිරුණාව විසිවයස් ඇතිසේක් උපසම්පදා ලත් සේක. උපසම්පදා වූ තැන් පටන් නුවණින් සලකා භාවනා මනස්කාර කෙරෙමින් නොබෝ දවසකින් රහත් වූ සේක. මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන සුවයෙන් දවස්යවන සේක් කිමෙක්ද මේ සැපය චුල්ලපන්ථක යන්ට දෙන්ට පුළුවන්දෝහෝයි සිතූසේක. ඉක්බිත්තෙන් ඒ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මූතුන් සිටානන්ගේ ගොට ගොස් මහා සිටානෙනි. ඉඳින් තොපි ගිවිසුනම් මම චුල්ලපන්ථකයන් මහණ කරවන්නෙමි වේදැයි වදාළ සේක. ඒ අසා සිටානෝ යහපත ස්වාමීනි චුල්ලපන්ථකයන් මහණ කළ මැනවැයි කිවුය. තෙරුන් වහන්සේ චුල්ලපන්ථකයන් මහණකොට දශශීලයෙහි පිහිටවූ සේක. චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණවෙලා මන්‍දප්‍රාඥ වූ හ.

පදුමං යථා කොකනදං සුගන්ධං පතො සියා චුල්ල මවිතගන්ධං
අංඝීරසං පස්ස විරොචමානං තපන්නමාදිච්ච මිවන්නළිකෙඛං

යන මේ ගාථාව සාරමසකින් වනපොත් කරන්නට අසමර්ථ වූයේය. ඒ චුල්ල පන්ථක සාමණේරයන් වහන්සේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ සමයෙහි මහණව නුවණැතිව එක්තරා නුවණමද භික්ෂූ කෙණෙකුන් වහන්සේගේ පාළි උගන්නා කල්හි සිනාසී නින්දාකොට කෙළිසේක. ඒ නුවණ මඳ භික්‍ෂූන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේගේ නින්‍ද්‍රයෙන් පාළිය නුගත් සේක. වනපොත් නොකළ සේක. ඒ පූර්ව ජන්මයේ කරණලද අකුශල කර්මානුභාවයෙන් මේ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණ වූ ගමණේ නුවනින් මඳවු සේක. පළමු වනපොත්කළ පදය ඉදිරියේ වනපොත් කරණ කලට නස්නේය. මේ ගාථාව වනපොත් කරන්ට උත්සහාකරන්නාවූ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේට සාරමසක් ඉකුත්ව ගියේය.

එකල්හි මහාපන්තක ස්ථවිරයන්වහන්සේ මෙසේ වදාළ සේක. පන්ථකයෙනි. මේ ශාසනයට අයෝග්‍යව සාරමසකින් එක ගාථාවක් වනපොත් කොට ගන්ට අසමර්ථිව ප්‍රව්‍රජ්‍යාකෘත්‍ය වූ කලී තෙපි කෙසේ මස්තකප්‍රාප්ත කරවූදැයි මෙතෙකින් පලායවයි කියා විහාරයෙන් නෙරපූ සේක. එසමයෙහි මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ සියලු සංඝයාවහන්සේට බත් බෙදාදෙනසේක. ජීවකයෝ බොහෝ ගඳ දුම්මල් පහන් ආදිය ගෙන්වාගෙණ තමන්ගේ අඹ උයනට ගොස් බුදුන්ට පූජාකොට බණ අසා උන්ස්නෙන් නැගී බුදුන් වැඳ මහා පන්ථකස්ථවිරයන් වහන්සේ කරා එළඹ ස්වාමීනී බුහුන් සමීපයෙහි කෙතෙක් භික්ෂුන් වහන්සේදැයි විචාළෝය. තෙරුන්වහන්සේ පන්සියයක් පමණ භික්ෂුන් වහන්සේයයි වදාළ සේක. එකල්හි ජිවකයෝ කියන්නෝ ස්වාමීනි සෙට බුදුන් ප්‍රධාන කොට ඇති පන්සියයක් භික්ෂූන්වහන්සේ කැඳවාගෙණ අවුත් මාගේ ගෙයිදී සිඟුව මැනවැයි කිවුය. උපාසකයින් චුල්ලපන්ථකයෝ ශාසනයෙහි පිහිටක් නොලද්දෝය. උන් හැර සෙසු භික්ෂූන් වහන්සේට තොපගේ ආරාධනාව ඉවසන්ට කියන්නෙමි වේදැයි වදාළසේක. ඒ අසා චුල්ලපන්ථක සාමනේරයන් වහන්සේ සිතනසේක් මහාපන්ථක ස්ථවිරයන්වහන්සේ මෙතෙක් භික්ෂුන්වහන්සේගේ් ආරාධනාව ඉවසනසේක් මා පිටත් තොට ඉවසූ සේක. ඒකාන්තයෙන් මාගේ බෑණන්වහන්සේ මා කෙරේ බිඳි ගියේය. එසේ කළ මට දැන් ශාසනයෙන් ප්‍රයෝජන කිම්ද ගිහිවෙමි. ගිහිව සිට දානාදීවූ පින් කොට ජිවත්වෙමි යි සිතා දෙවෙනි දවස් උදෑසන ගිහිවෙමියි සිතා නික්මුණේය. සර්වඥයන් වහන්සේ ෙඅළුයම්වේලෙහි ලොවබලා වදාරණසේක් මේ කාරණය දැක පළුමුකොට ගොස් චුල්ලපන්ථකයන් වහන්සේ යන මග දොරටුවේ සක්මන්කරණ සේක්. තමන් වහන්සේ වසනගෙන් නික්මුණසේක් සර්වඥයන් වහන්සේ දැක ස්වාමීනියි කියා එළඹ නමස්කාර කළ සේක. ඉක්බිත්තනේ සර්වඥයන් චුල්ලපන්ථක මේ වෙලේ කොයි යව්දැයි වදාළසේක. ස්වාමීනි මාගේ බෑණනුවන් වහන්සේ මා ශාසනයෙන් නෙරපූ සේක. එසේහෙයින් මම ගිහි වන්නෙමියි දැන්වූසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ චුල්ලපන්ථකයෙනි තොපගේ ප්‍රව්‍රජ්‍යාව නම් මා සන්තකය. බෑණන් විසින් නෙරපණලද්දා වූ තොපි කවර කාරණයකින් මා සමීපයට නාවාහුද මා කැටුව එවයි ගිහිවීමෙන් ප්‍රයෝජන කිම්ද මා සමිපයෙහි වාසය කරවයි කියා වදාළසේක. ඉක්බිති චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවාගෙණ ගොස් ගඳ කිළි නිසමත්තෙහි හිඳුවා චුල්ලපන්ථකයනි නැගෙණහිරට අභිමුව හිඳ මේ රෙද්ද රජොහරණං රජොහරණං යි කිය කියා පිරිමැදීමෙන් මෙතන හිඳුවයි වදාරා ඍදියෙන් මවන ලද පිරිසිදු රෙද්දක් දී වඩනට වේලා දැනුවූ කල්හි භික්ෂූ සංඝයා වහන්සේ පිරිවරා ජීවකයන්ගේ ගෙට ගොස් පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි වැඩවුන් සේක. චුල්ලපන්ථකයන් වහන්සේද සූර්ය රෂ්මිය බල බලා ඒ රෙදි කඩ රජෝහරණං රජෝහරණං යි කිය කියා පිරිමදිමින් උන් සේක. මෙසේ ඒ චුල්ලපන්ථකයන් වහන්සේ ඒ රෙදි කඩ පිරි මැද මැද සිටියදීම කිළිටුව ගියේය. ඉක්බිති උන් වහන්සේ සිතන සේක් මේ රෙදි කඩ ඉතා පිරිසිදුය. නිර්මලය. මේ ආත්මභාවය නිසා පූර්ව ප්‍රකෘත්තී හැර මෙසේ කිළිටුව ගියේ ඒකාන්තයෙන් ප්‍රත්‍ය සමුත්පන්න ධර්මයෝ ඉපිද නස්නා සුල්හ යයි කිය කියා ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ගේ ක්‍ෂණ ක්‍ෂණ යෙහි ඉපිද නස්නා බව සලකමින් විදර්ශනා වැඩූ සේක. සර්වඥයන් වහන්සේද චුල්ලපන්ථකයන්ගේ සිත විදර්ශනාවට නැගෙන්නේ යැයි චුල්ලපන්ථකය රෙදි කැබැල්ල කිලිටුව රජසින් රැඳි ගියේය. එමෙන්ම තාගේ අභ්‍යන්තරයෙහිද රාග රජාදීහූ ඇත. ඔවුන් දුරු කරවයි කියා ආලෝකයක් හැර ඉදිරියේ වූ නාක් මෙන් පෙනෙන්නා වූ ස්වරූප ඇතිව මේ ගාථාව වදාල සේක.

රගෝ රාජෝ නචපන රේණු උච්චතී රාග සෙස්තං අදිවචනං රජති.
ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ විහරනති තේ විගත රජස්සං සාසනේ
ද්වසෛා් රජෝ නචපන රේණු වුච්චති දොස සේ සතං අධිවචනං රජෝතී.
ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරනතී තේ විගත රජස්ස සාසනේ.
මෝහ රජෝ නවපන රේණු වුච්චතී මොහො ස්සතං අධි වචනං රජෝතී.
ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරණතී තේත විගත රජස්ස සාසනේ .

යන මේ ගාථා වදාල ඉක්බිති චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිව් පිළිසිඹියා හා සමඟ රහත් වූ සේක. චතුපටිසම්භිධාවට පැමිණිමෙන් ත්‍රිපිටකය ප්‍රගුණ විය.ඒ චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ පෙර රජව ඉපද නුවර පැදකුණු කරන සේක් නළලින් දා වැගිරෙන්නට පටන් ගත් කලිහි පිරිසිදු සළු පටින් නළල් කෙළවර පිසපු සේක. සළුව කිලිටුව ගියේය. ඒ රජ්ජුරුවෝ සිතන් නාහු මේ ශරීරය නිසා මෙබඳු වූ පිරිසිදු සළුව තමාගේ පිරිසිදු ධවල ගුණය හැර කිළිටුව ගියේය. ඒ කාන්යෙන් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයෝ අනිත්‍යයෝ යැයි අත්ත්‍යසංඥාව සිහි කලේය. ඒ කාරණයෙන් ඒ තෙරුන් වහන්සේට රජෝ හරණ යන පත්‍ර විය. ජිවකයෝ සර්වඥයන් වහන්සේට දක්ෂිණෝද්ධකය පළ වූ බුදුහු එවේලෙහි පීවකයිනි විහාරයෙහි භික්ෂූ ඇත්තෝ නොවේදැයි කියා අතින් පාත්‍රය වැසූ සේක. එවෙළෙහි මහා පන්ථක ස්ථවිරයන් වහන්සේ ස්වාමීනි විහාරයෙහි භික්ෂූන් නැත්තේයි වෙද්දැයි කී සේක. සර්වඥයන් වහන්සේ භික්ෂුන් ඇති නැති නියාව දැන එවයි කියා පූරුෂයකු යැවුහ. එකෙණෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිතන සේක් මාගේ බෑණන් වහන්සේ විහාරයෙහි භික්ෂූහූ නැතැයි සිතූහ. විහාරයෙහි භික්ෂූන් ඇති නියා උන් වහන්සේට ප්‍රකාශ කල මැනවයි සිතා සියළු අඹ උයන භික්ෂූන් ගෙන්ම පිරු සේක. සමහර භික්ෂූන් වහන්සේ සිවුරු ගෙත්තම් කරන සේක. සමහර කෙණෙකු වහන්සේ සිව්රු රඳන සේක. කෙණෙකුන් වහන්සේ වණපොත් කරණ සේකැයි මෙසේ ඔවුනවුන් වෙනසක් නැතිව එක ස්වරූපය වූ භික්ෂූන් දහසක් මැවු සේක. බලන්නට ගිය පුරුෂයා විහාරයේ බෝහෝ භික්ෂූන් දැක නැවත අවුත් ජිවකයන්ට කියන්නේ සියළු අඹ උයන භික්ෂූන්ගෙන් ගැවසී ගත්තේයැයි කීය. ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ පුරුෂයාට වදාරණ සේක් බුදුහු චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවන සේකැයි කියවයි වදාල සේක. එබස් අසා පුරුෂයා ගොස් එපරිද්දෙන්ම කී කල්හි මම චුල්ලපන්ථකයෙමි මම චුල්ලපන්ථකයෙහි මුඛ දහසක් නැංගේය. එකල්හි පුරුෂයා නැවත බුදුන් කරා ගොස් ස්වාමීනී හැම දෙනා වහන්සේ අපි චුල්ලපන්ථක යම්හ. අපි චුල්ලපන්ථක යම් ය කියන සේක් යැයි දැන්වීය. ඒ බස් අසා බුදුහූ දැන්නෝ ගොස් පළමු කොට යමෙක් මම චුල්ලපන්ථක කිවු නම් ඔහු අත අල්වා ගනුව අවශේෂයෝ අන්තර්ධාන වෙතියි වදාලාහ. එවෙලෙහි ඒ පුරුෂයා එපරිද්දෙන්ම කලේය. දහසක් පමණ භික්ෂුන් වහන්සේ අන්තර්ධහන සේක. තෙරුණ් වහන්සේද කැඳවාගිය පුරුෂයා හා කැටිව වැඩි සේක. සර්වඥයන් වහන්සේ ජීවකයන් කැඳවා ජීවකියනි චුල්ලපන්ථකයන්ගේ පාත්‍රය ගනුවයි චුල්ලපන්ථකයෝ තොපට අනුමෙවැනි ධර්ම දේශනා කරවයි වදාලා හං ජීවකයෝ එපරිද්දෙන්ම කළෝය. එවේලෙහි චුල්ලපන්ථක ස්ථිවරයන් වහන්සේ සිංහ නාද කරන්නාහු අභීත කේසර සිංහ රාජයකු පරිද්දෙන් තුන් පිටකය අලලා අනුමෙවැනි ධර්මදේශනා කල සේක. සර්වඥයානන් වහන්සේ උනස්නෙන් පැන නැගී භික්ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩ භික්ෂූන් විසින්වත් දැක් වූ කල්හි හුනස්නෙන් නැගී ගධ කිළි නිසමත්තෙහි සිට භික්ෂූ සංඝයා වහන්සේට සුපතු වාදය දී කමටහන් දී වදාරා භික්ෂූ සංඝයා යවා සිව් දැගදින් සුවඳ කරන ලද ගධ කිලියට වැඳ දකුණැලව සිංහ සෛයාව කොට වදාල සේක. ඉක්බිත්තෙන් සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේ නොයෙන් තැන් රැස්ව රත් පලස් තිරයක් වට කරන කලක් මෙන් හිඳ බුදුන්ගේ ගුණ කථාව පටන් ගත් සේක.

ඇවැත්නි මහාපන්ථකස්ථවීරයෝ චුල්ලපන්ථක ස්ථවිරයන්ගේ අංධ්‍යාසය නොදන්නාහු එකගාථාව සාරමසකින් වනපොත් කොට ගත නුහුණුවෝය. නුවණ මදයෝයයි කියා විහාරයෙන් නෙරපූය. සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ධර්මරාජ බැවින් එකම අන්තරාභක්තියෙහි සිවුපිළිසිඹියා හා සමග අර්හත්ඵලය දුන්සේක. චතුසට්සම්භිදා ප්‍රාප්තවිය. එමෙන් තුන්පිටකය ප්‍රගුණ විය. සර්වඥයන් වහන්සේගේ බලමහිමය නම් ඉතා ආශ්චර්යයන්නේය යි බුදුන් ගේ ගුණ කිය කියා උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි මේ කථා ප්‍රවෘතිය දැන අද මා විසින් එතන ෙයන්න වටනේයයි බුද්ධ ස්‍යොවෙන් නැගී රත්වූ දෙපට අඳනා සිවුර තිමණ්ඩල ප්‍රතිච්ඡාදනය කිරීම වශයෙන් හැඳ විජ්ජුල්ලතා සශ්‍රීකවූ පටීධාතුව ඊ මත්තේ බැඳ රත්පලසක් හා සමානවූ පාංශූකූල සුගත මහා චිවරය ඒකාංශ කොට ඊමත්තේ පොරවා සුගන්ධ ගන්ධ කුටියෙන් නික්ම මතත්හස්තිරාජයක්හූ අල්වන්නට නික්මුණු කෙශරී සිංහරාජයෙකුගේ විලාසයෙන් අප්‍රමාණ සර්වඥලීලාවෙන් දම්සභා මණ්ඩපයට වැඩ සරහන ලද මණ්ඩප මාධ්‍යයෙහි පණවන ලද උතුම්වූ බුද්ධාසන මස්තකයට පැන නැගී ෂඩ්වර්ණ බුද්ධරශ්මි මාලාවෙන් විහිදු මින් සාගරකුක්ෂිය බබුලුවමින් යුගදුරු මුදුනෙහි දිලිසෙන්නාවූ ලහිරුමඩලක් මෙන් දිලිහි දිලහි ආසන මධ්‍යයෙහි වැඩ උන්සේක. බුදුරජානන් වහන්සේ එතැනට පැමිණ කෙණෙහිම ිභික්ෂූ සංඝයා වහන්සේ කථාවිචේඡදනය කොට මුවෙන් නොබැණ වැඩ උන් සේක. සර්වඥයන් වහන්සේ මොළොක්වූ මෙත් සිතින් භික්ෂූපෂිත් බලා මේ පර්ෂිද ඉතා බොහෝ වන්නේය. එකද භික්ෂූවක්හුගේ අතපය සෙලවිමක් වේ වයි කැසපියන කිඹිසපියන ශබ්දයක් වේවායි නැත. මේ සියළු භික්ෂූහුම බුද්ධ ගෞරවයෙන් හා බුද්ධතේජසින් තැතිගත්හ. ආයුෂ්කල්පය මුළුල්ලෙහි මා බෑනනොනැගී උන් කල්හිදු පළමුකොට කථාවක් නුපදවති. එහෙයින් මම පළමුකොට කථාවක් උපදවමියි සිතා මිහිරී වූ බ්‍රහ්මස්වරයෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුද කවර නම් කථාවක් තොපට අදාල වීදැයි විචාළසේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේ අපි මෙතැන්හි උනනමෝ අන්‍යවූ සවර්ගමෝක්ෂද්වයට බාධාක වූ තිරශ්චින කථාවක් නොකීම්හ. නුඹවහන්සේගේ ගුණ වර්ථතානොට උනුම්හයි දැන් වූ සේක. එකල්හි භික්ෂූන් වහන්සේගේ කථාව අසා මහණෙනි චුල්ලපන්ථකයෝ දැන් මා නිසා ධර්මමහත්වයට පැමිණියෝ යි වදාළ සේක. එකල්හි එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරනු පිණිස භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේට ආරාධනාා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒකෙසේද යත්
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහා බෝසතානෝ සිටු කුලයක ඉපද වැඩිවිය පැමිණ සිටුතනතුරු ලැබ චුල්ලසිටානෝයයි යන නමින් ප්‍රසිද්ධව වසන කල ඒ සිටානෝ නුවනැත්තෝය. ව්‍යක්තයෝය. සියළු නිමිති දනිති.එක් දවසක් ඒ සිටානෝ රජ සේවයට යන තැනැත්තෝ විදි මධ්‍යයයේ මල මිනියකු දක නක්ශත්‍රයෝගය පරීක්ෂා කොට මෙසේ කීව්ය. නුවනැති කුලපුත්‍රයක් වූ විසින් මේ මියා අරගෙන පුත්‍රධාරාවන් පෝෂ්‍ය කරන්නටවත් වෙළඳාම් කරන්නටවත් පුළුවන් වන්නේ වේදැයි කිව්ය. එක්තරා දූගි පුරුෂයෙක් සිටානන්ගේ ඒ වචනය අසා සිටානෝ නොදැන නොකියතියි සිතා මීයා අරගෙන එක් සල්පිලක බලලකු නිසා දී දිවියට සමාරක් රත්රන් ලද්දේය. ඒ කාකනික මාත්‍රාවෙන් උක්තකරු ගෙන එක කලයකින් පැන් ගත්තේය. එතෙම මලින් මල් කඩා ගෙන ලන්නාවූ මාලාකාරින් දැක උත්සකුරු සුගද් දී පැන් රත්කලේය. ඒ මාලා කාරීහූ එකී එකී මල් මිට දුන්නාහ. ඒ තෙමේ මල් විකුට ඒ මල් මිලයෙන් දෙවැනි දවස් උත්සකුරු හා පැන් කලයක් ගෙන මල් වත්තට ගියේය. එදවස් ඕ හට මාලා කාරීන් හූ මල් භාගයක් කඩාගෙන මල් ගස් දී ගියාය. ඒ තෙමේ නොබෝ දවසකින් මේ උපායෙන් අටකහවනුවක් ලද්දේය. නැවත එක් වැසි සුළං දවසක රාජ්‍යය උද්ධ්‍යානයේ බොහෝ වියල් දඬු හා අතුපත් සුළගින් වැටුනේය. උයන් ගොව්වාද දමන්නට උපාය නොදකින්නේය. එකල්හි ඒ පුරුෂයා ඇතුලට ගොස් ඉඳීන් තොපි මේ දඬු හා අතුපත් මට දෙව්නම් මම සියළු දඬුපත් උයනින් පිටත් කරවා පියන්නෙමි වේදැයි උධ්‍යාන පාලයාට කීහ. උධ්‍යාන පාලයා යහපත යහළුව අරගෙනයි ගිවිස්සේය. චුල්ලනෙත්වා සික තෙම කුඩා කොල්ලන්ගේ කෙලිමඩුල්ලට ගොස් උත්සකුරු දීමටද ඇසිල්ලකින් ඒ සියළු දඩුපත් කොල්ලන් ලවා උයනින් අද්දා පිටත් කරවා උයන් දොරකොඩ කැටි කර වූයේය. එකල්හි රජගෙට වලං ලන කුඹලා රජගෙට වලං පලගනු සඳහා දර සොයා ඇවිදින්නේ උයන් දොර කඩා තුබු ඒ දර ගොඩ දැක ඔහු අතින් මිලදී විකිණ ගත්තේය. එදවස් චුල්ලනෙත වාසික තෙම සොලොස් කහවණුවක් හා සැල ආදීවූ වලං පන්සියයකුත් ලද්දේය. ඒ තෙමේ වෙළදාම් කිරීමෙන් කහවණු සූ විස්සක් වූ කල්හි මට මේ උපාය ඇතැයි නුවර දොරටුවට නොදුරු තැනක එක් පැන්සලක් තබාගෙන පෙන්සියයක් තණ අදිනා පුරුෂයන්ට පැන් වත්කලේය. ඔහු මෙසේ කිවුය. තොපි අපට බොහෝ උපකාර කෙළෙහිය. තොපට අපි කුමක් කරමෝදැයි කීය. එකල්ලහි චුල්ලනෙත වාසිකයා කියන්නේ මාගේ කාරියක් පැමිණි කල්හි කියන්නෙම් වේදැයි කියා ඈත මෑත අවිදින්නේ ගොඩ වෙළදාම් කරන්නවුන් හා සමගත් මුහුදු වෙළදාම් කරන්නවුන් සමගත් මිත්‍ර ගත්තෙය.එකල්හි ඕ හට ගොඩ වෙළදාම් කරන්නවුන්ගේ ප්‍රධාන පුරුෂ තෙම ඉඳින් සෙට දවස් මේ නුවරට අස් වෙළදෙක් පන්සියයක් අසුන් ගෙන එන්නේ යයි කීය. එතම ඔහුගේ වචනය අසා තණ ගෙනෙන්නා වූ පන්නයින්ට අද මට එක එකී තන මිටියක් දෙව මා තණ විකුණන්නට පළමු කොට තොපි ඇම තණ නොවිකුණවයි කීහ. එකල ඔහු හැම දෙන යහපතැයි ගිවිස පන්සියයක් තණ මිටි ගෙණ උත් ඔහුගේ ගේදොර එලුහ. අස් වෙළෙන්දා සියළු නුවර ඇවිද අසුන්ට තණ නොලැබ ඒ චුල්ලනේථ වාසිකයා හට කහවණු දහසක් දී තණ අරගත්තේය.

ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කලට සමුද්‍රයාත්‍රාවෙන් වෙළදාම් කරන්නාවූ යහළුවා ඕ හට කියන්නේ තොටට නැව් අවුත් වනැයි කීය. එකල චුල්ලනේත වාසික පුරුෂයා මට මේ උපායෙන් ප්‍රයෝජන ඇතැයි සිතා කහවණු අටක් දී සියළු පිරිවරින් යුක්තව පිරුණු රථයක් ගෙන මහත් වූ යස පිරිවරින් බටහිර තොට ගමට ගොස් පේරැස් මුද්දක් නැවට අත්තීකාරම් කොට දී නුදුරු තැනක වට කොට තිරයක් බඳවා සමීප වූ චර පුරුෂයන්ට මෙසේ විධාන කලේය. පිටතින් වෙළදු අවුනම් රැකවල් තුනකින් මෙහෙවර කියා මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. එකල පටුනු ගමට නැව බටයි අසා බරණැස් නුවරින් වෙළදුන් සියයක් බඩු ගනුම්හයි ආවාහුය. නැවත බඩු වෙළදාම් කරන්නාහු මනුෂ්‍යයෝ කියන්නාහු අපගෙන් තොපට බඩු නොලැබෙයි. අසවල් තැන හිදින්නා මහ වෙළදානන් විසින් අත්තිකාරම් දෙන ලදැයි කීවුය. එබස් අසා බරණැස් නුවර වෙළෙන්දු ඒ චුල්ලනේත වාසිකයා සමීපයට ආවාහුය. ඔහුගේ අතවැසි පුරුෂයෝ පළමු කොට ලුවිධාන නියාව රැකවල් තුනක් තුන් විටක් ඔබින් ඔබ මෙහෙවර කීයා වුත් ඒ වෙළදුන් ආබව කියා යැව්වාහුය. වෙළදුන් චුල්ල නේත වාසිකායට එකි එකී දහසක් දී චුල්ලනේත වාසික පුරුෂයා හා සමග නැව් බඩු ගනුහයි පත්තුව ගෙන නැවත එකි එකී දහසක් දී නැව බඩු අරවාගෙන බඩු තමන් සන්තක කලාහ.චුල්ලනේත වාසික තෙම දෙලක්ෂයක් වස්තූ හැර ගෙන බරණැස්නුවරට අවුත් සත්පුරුෂයන්ට කෙළෙහිගුණ දැන්ම සුදුසු වේදැයි ලක්ෂයක් වස්තු ගෙන්වා ගෙන චුල්ල සිටානන් සමීපයට ගියේය. එකල්හි සිටානෝ ඕ හට දරුව තොප විසින් කුමක් කොට මේ වස්තුව ලබන ලද්දේ දැයි කීහ. මලමීයාගේ විකිණිම පටන් සියළු ප්‍රවෘත්තී කීයේය. චුල්ල සිටානෝ ඔහුගේ බස් අසා මෙබඳු පුරුෂයකු අනුන්ට ඇර පියන්නට සුදුසු නොවන්නේ යයි කියා වැඩි විය පැමිණ සිටි තමන්ගේ දියනියන් ඕ හට පාවා දී සියළු තමන්ගේ වස්තුවට හිමි කලාහ. ඒ පුරුෂයා චුල්ල සිටානන්ගේ ඇවැමෙන් ඒ නුවර සිඹු සේසත් ලද්දේය. මහබෝසතානෝ දානාදී පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාල සේක. තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ රාජොත්තමයාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට යම්සේ ණුවනැති පුරුෂයෙක් මධ ගින්නක් ක්‍රමයෙන් ගොමසුනු ආදිය ලා මුඛයෙන් පිඹ මහත් වූ වක් නිස්කන්ධයක් කෙරේද එපරිද්දෙන්ම නුවණැති සත්ව තෙම යම් සුවල්ප වූ බඩු මිලයක් ලැබ නොයෙක් උපායෙන් වෙළඳාම් කොට වස්තු යසස් වර්ධනය කරන්නේයැයි මෙසේ භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේ මහණෙනි චුල්ලපන්ථක ස්ථවිරයෝ දැන් මා නිසා ධර්මයේ මහත් තත්වයට පැමිණියෝය. පූර්ව ජන්මයෙහි මහත් තත්වයට පැමිණියෝ යැයි ධර්ම දේශනාව වදාරා අතීත කතාවත් වර්ථමාන කථාවත් දෙකම එක් කොට පූර්වාපර සන්ධි ගලපා මේ චුල්ලසෙට්ටි ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි චුල්ලනේථ වාසික පුරුෂ තෙම දැන් මේ චුල්ලපන්ථක ස්ථිවිරයෝය. එසමයෙහි චුල්ල සිටුව උන්නෙම් දැන් තිලෝගුරු සම්‍යයක් රජ වූ මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

images

06 දේවධර්ම ජාතකය

§තවද එක් සමයෙක්හි ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ සැවැත් නුවර නිසා ජේතවන මහා විහාරයෙහි වාසය කරණසේක් එක්තරා බහුභාණ්ඩික භික්‍ෂූකෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වාසීහු එක් කෙළඹි පුත්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව ගිය කල්හි ශාසනයෙහි මහණ වූයේය. එතෙම මහණවන්නට පූර්ව භාගයෙහිම තමා වසනු පිණිස පන්සලකුත් ගිනිහල් ගෙයකුත් බඩු හල්ගෙයකුත් කරවා බඩුගල්ගෙය ගිතෙල් තලතෙල් ආදීයෙන් පුරා මහණ වූ යේය. මහණ වූ පසු තමාසන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන්වා ගෙණ රුචිවූ පරිද්දෙන් බත් මාළු පිසවාගෙණ අනුභවකරන්නේය. සිවුරු ආදීවූ බොහෝ පිරිකර ඇත්තේය. රාත්‍රියෙහි එක් අඳනයක් හා පොරවනයක් පොරෝණේය. දිවාභාගයෙහි අනික් අඳනය හා අනික් පොරෝණයක් වළදීන්නේය. විහාර කෙළවර වාසය කරන්නේය.

ඉක්බිත්තෙන් එක් දවසක් මේ භික්ෂූන් වහන්සේ සිවුරු හා ඇතිරි ආදිය ගෙන් පිටත්කොට මළුවේ වනා අවුගස්වන කලට බොහෝ දනව්වාසී වූ භික්ෂූන් වහන්සේ සෙනාසන චාරිකාවේහි ඇවිදිනාසේක් ඒ බහු භාණ්ඩික භික්ෂූන්ගේ මළුවට ගොස් සිවුරු ආදිය දැක මේ කාගේදැයි විචාළසේක. ඒ බහුභාණ්ඩික මහණ ඇවැත්නි මාගේ යයි කී සේක. ඇවැත්නි මේ සිවුරත් මේ අඳනයත් මේ අඳනයක් මේ ඇතිරියත් මේ ඇතිරියත් සියල්ලම තොපගේ දැයි විචාළසේක. එසේය ඇවැත්නි කී කල්හි භික්‍ෂූන් වහන්සේ කියනසේක ඇවැත්නි, බුදුරජානන් වහන්සේ විසින් තුන්සිවුරු අනුදන්නා ලදහ මෙසේ අපෙලච්ඡ වූ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි තොපි මහණ වී මෙසේ බොහෝ පිරිකර ඇති කල වරෝ යම්හ තොප සර්වඥයන් වහන්සේ සමීපයට ගෙණයම්හ යි කියා ඒ භික්‍ෂූහූ කැඳවාගෙණ බුදුන් සමීපයට ගියසේක.

බුදුහු දැකලාම කිමෙක්ද මහණෙනි, මේ භික්ෂූහූ නොකමැති පරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළසේක. එකල්හි භික්ෂූන් වහන්සේ කියනසේක් ස්වාමීනි මේ මහණ බහු භාණ්ඩිකය බහු පරිෂ්කාර ඇත්තේයයි දැන්වූසේක. එබස් අසා බුදුහු මහණ තා බහුභාණ්ඩික වූයේ සැබෑදැයි විචාරා වදාළ සේක. ස්වාමිනි සැබෑවයි ඒ මහණ දැන්විය. එ බස් ඇසූ බුදුහු මහණ තෝ කවර කාරණයකින් බහුභාණ්ඩිකවූ වෙහිද මම නොයෙක් කාරණයෙන් අල්පේච්ඡ බව හා සන්තුෂ්ට භාවයෙහිද කායවිවේක චිත්තවිවේක හා විදර්ශනා භාවනාකිරීමෙහි විර්යවැඩීමෙහි ගුණ කීයෙහි නොවේදැයි වදාළසේක.

ඒ බහු භාණ්ඩික භික්ෂූන් වහන්සේ බුදුන් වදාල බස් අදා කිපි එසේකල මේ සැටියේ ඇවිදීම්දැයි පොරෝණය දමා පියාභය බස් අසා කිපී එසේකල මේ සැටියේ ඇවිදීම්දැයි පොරෝණය දමා පියාභය ලජ්ජා නැතිව පෂිත් මධ්‍යයෙහි තනි අඳනයෙන්ම සිටිසේක.

එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් පිටිවහල් වන සේක්, “මහණ තෝ පෙර බලවත්වූ භය ලජ්ජා ඇත්තෙහි නොවේදැයි දියරකුස්ව උපන්නාවූ කාලයෙහිත් භය ලජ්ජා දෙක සොයමින් දොළොස් අවුරුද්දක් විසුයෙහි නොවේදෝ. එසේ වූ තෝ දැන් කවර කාරණයකින් මෙබඳූ ගරුවු සර්වඥශාසනයෙහි මහණව සිව්වණක් පර්ෂීන් මධ්‍යයෙහි පොරෝණය දමා භය ලැජ්ජා හැර සිටියේහිදැ”යි වදාළ සේක.

එබස් ඇසූ මහණ භය ලජ්ජාදෙක එලවා ගෙණ දමා පූ සිවුර නැවත පොරවාගෙණ බුදුන් වැඳ එකත් පස්ව උන්නේය. අවශේෂ භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකරණ පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළසේක. බුදුරජානන්වහන්සේ අන්‍යභවයෙන් පිළිසන්වූ කාරණය ප්‍රකාශකොට වදාළසේක.

යටගිය දවස කසීරට බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් ජනරඤජනය කොට රාජ්‍යය කරන්නාහුය. එකල මහබෝසතාණෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බසව කුස පිළිසිඳ ගත්තාහුය. උපන්නාවූ කුමාරයන්ට නම් තබන දවස් මහිංසාස කුමාරයෝ යයි නම් තුබූහ.

ඒ කුමාරයන් ඈත මෑත දිවපැන කෙළ ඇවිදිනා අවස්ථාවෙහි රජ්ජුරුරවන්ට අනික් පුතණුකෙණෙක් උපන්නාහුය. ඒ උපන් කුමාරයන්ට නම් තබන්නාහූ චන්ද්‍රකුමාර යෝයයි නම් තුබූහ. ඒ දෙවෙනි කුමාරයන් ඈත මෑත දිව පැන කෙළ ඇවිදිනා අවස්ථාවෙහි බෝධිසත්වයන්ගේ මෑනියෝ කාලක්‍රියා කළෝය. රජ්ජුරුවන්ට ඉතා ප්‍රියයෝය. මනවඩති. සිත්කළුව වාසය කෙරෙති. එකල ඔවුන් දෙදෙනාගේ ප්‍රිය සංවාසයෙන් ඒ බිසව් එක්පතනු කෙණෙකුන් වැඳූය. ඒ උපන් කුමාරයන්ට සූර්යකුමාරයෝයයි නම් තුබූහ. රජ්ජුරුවෝ පුතනුවන්ට වරයක් ගණුවයි කිවුය. බිසවු ඒ වරය මා කැමති විටෙක ඇරගණිමියි පසුව ගතයුතු කොට තබාතිබූය. ඒ බිසවූ පුතනුවන් වැඩිවියට පැමිණි කල්හි රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමීනි නුඹ වහන්සේගේ විසින් මාගේ පුතනුවන් උපන් දවස් වරයක් දෙනලදී. එසේ හෙයින් මාගේ පුතනුවන්ට රාජ්‍ය දුන මැනවැයි කිවුය. රජ්ජුරුවෝ ඒ අසා කියන්නෝ මාගේ දරුවෝ දෙන්න මහත් වූ ගිනිකඳක් මෙන් බබලමින් ඇවිදිති. තොපගේ පුතනුවන්ට රාජ්‍යය දෙන්ට නොපිළිවනැයි ප්‍රතික්‍ෂේප කොට නැවත නැවතත් ඒ බිසවුන් තමන්ගේ පුතනුවන්ට රාජ්‍යය ඉල්වන්නා දැක මෝ්තොමෝ මාගේ දරු වන්ට අනර්ථයක් අවැඩක් උපක්‍රමයක් කොට පියාදෝහෝයි සිතා පුතුන් දෙබෑයන් සමීපයට කැඳවා මෙසේ කිවුය.
“එම්බා දරුවෙනි. මම සූර්යකුමාරයන් උපන් ගමනේ උන්ට වරයක් දිනිමි. දැන් උන්ගේ මෑනියෝ රාජ්‍යය ඉල්වති, මම රාජ්‍යය නොදෙනු කැමැත්තෙමි. ස්ත්‍රීහූ නම් පාපියෝය. එසේ හෙයින් තොපට නපුරක් සිතාපුනම් නපුරු වන්නේය. තොපි දැන් වලට වැද මා ඇවෑමෙන් අවුත් තොප සන්තක මෙනුවර රාජ්‍යය කරව”යි කියා අඬාවැලප ඉස සිඹ සනසා යවුය.

ඔවුන් දෙදෙනා පියරජ්ජුරුවන් වැඳ ප්‍රාසාදයෙන් බස්නාවුන් රාජංගණයේ කෙළනා සූර්ය කුමාරයෝ දැක ඒ කාරණය දැන මමත් දෙබෑයන් වහන්සේ හා සමග යෙමියි කියා කැටිවම නික්මුනාහුය. මෝධිසත්වයෝ මාර්ගයෙන් යන ගමණේ මගින් ඉවත්කර රුකක් මුල ඉඳ සුර්ය කුමාරයන්ට මෙසේ කීහ.
” මල සූර්ය කුමාරයෙනි තෙල පෙණෙන විලට ගොස් නාපියා පැනුත් බී පියුම්පතින් අපට පැන් ගෙණෙව”යි කිවුය. ඒ විල තෙමේ වෙසමුණු රජ්ජුරුවන්ගෙන් එක් දියරකුස්සකු විසින් ලබන ලද්දේය. වෙසමුණු රජ්ජුරුවෝත් ඕහට කියන්නෝ දේවධර්ම දන්නා කෙණෙකුන් තබා යම් අනික්කෙණෙක් මේ විලට බටුනම් ඔවුන් කන්න ලැබෙන්නෙහිය. විලට නොබට කෙණෙකුන් කන්නට නොලැබෙන්නෙහියයි කිවුය.

එතැන් පටන් දියරකුසු යම් කෙණෙක් ඒ විලට බටු වූනම් ඔවුන් අතින් දේවධර්මය විචාරා යම්කෙණෙක් නොදිනිත් නම් ඔවුන් කන්නේය. ඉක්බිත්තෙන් සූර්ය කුමාරයෝ ඒ විලටගොස් පරීක්ෂා නොකටම බටුවාහුය. එකල්හි උදක රාක්ෂයා ඒ කුමාරයන් අල්වාගෙණ දේවධර්මය දනුදැයි විචාලේය. එකල්හි සූර්ය කුමාරයෝ කියන්නෝ දේවධර්මය නම් චන්ද්‍ර සූර්ය දෙදෙනා වේදැයි කිවුය. ඉක්බිත්තෙන් දියරකුසු ඕ්හට තෙපි දේවධර්මය නොදෙවයි කියා දිය යට ගල්වා තමා වසන්නාවූ ස්ථානයෙහි සිටවිය. බෝධිසත්වයෝත් සූර්යකුමාරයන් ලස්වන්නා දැක චන්ද්‍රකුමාරයන් යවුය. දියරකුසු චන්ද්‍රකුමාරයන් අල්වාගෙණ දේවධර්මය දනුදැයි විචාළෝය. දනිම් දේවධර්මය නම් සතරදිග වේදැයි චන්ද්‍රකුමාරයෝ කිවුය. දියරකුසු තෙපින් දේවධර්මය නොදනුවයි කියා උනුන් අල්වාගෙන ඒසේම දියයට සඟවා සිටුවුයේය.

බෝධිසත්වයෝ ඒ චන්ද්‍රකුමාරයනුත් කල්යවා නොයන හෙයින් එක්තරා අන්තරායෙක් විය යුතුයයි තුමූ එතනට ගොස් දෙදෙනාම විලට බට පියවර සටහන් දැක මේ විල රාකෂයකු අධිගෘහිත විලක් උවමැනවැයි සිතා කඩුව උරයේ එල්වාගෙන දුන්න නගා දුනුමිට හියලාගෙණ සිටියාහුය. දියරකුසු බෝධිසත්වයන් දිනට නොබස්නා දැක වලදඬු කපා ඇවිදිනා පුරුෂයෙකුමෙන් තමාගේ ස්වරූපය පාලා බෝධිසත්වයන්ට කියන්නේ “පින්වත් වූ පුරුෂය! තොපි මග ගමන්යා මෙන් මිරිකිගියව, කුමක්හෙයින් මේවිලට බැස නාපියා පැන් වී නෙළුඹල හා නෙළුබුදැලිකා මල් පැළඳ සැපසේ නොයව්දැ”යි කිවුය.

බෝධිසත්වයෝ ඔහු දැක සිතන්නාහු මොහු යක්ෂයා විය යුතුය මොහු විසින් මාගේ මල් දෙන්නා අල්ලා ගන්නා ලද්දෝවනැයි සිතා “තෝ මාගේ මලුන් අල්වාගත්තෙහිදැ”යි කිවුය.
“එසේය මම ඇල්වුයෙමි” කී කල්හි කවර කාරණයකින් දැයි විචාරා මම මේ විලට බට කෙණෙකුන් කන්ට ලබමියි කී කල්හි කිමෙක්ද තෝ සියල්ලවුන්ම කන්ට ලබන්නේහිදැයි විචාරා යමෙක් දේවධර්මය දනී නම් ඔහු හැර සෙස්සවුන් කන්ට ලබමියි කී කල්හි තට දේවධර්මයෙන් ප්‍රයෝජන ඇද්දයි විචාලෝය.

“එසේය දේවධර්මයෙන් ප්‍රයෝජන ඇතැ”යි දියරකුසු කීය. එසේනම් මම තට දේවධර්මය කියමි කිවුය, එබස් අසා දියරකුසු එසේවීනම් කිවමැනව මම දේවධර්මය අසමියි කීය.

බෝධිසත්වයෝ මම තට දේවධර්මය කියමි බල එකෙක් ඇත කිලිටුව සිටිහෙයින් මදක් මැලියෙමියි කිවුය. උදාකරාක්‍ෂසයා බෝධිසත්වයන් නහවා පැන් පොවා මල් පලඳවා සුවඳ විලවුන් ගල්වා සරහන ලද මණ්ඩපයෙහි උතුම් වූ පර්යංකයක් අතුට දුනේනේය. මහාබෝසතානෝ ඒ පනවන ලද ආසනමස්තකයෙහි ඉඳ යක්ෂයා පාමුල සිටුවා ගෙණ “එසේවීනම් තෝ කන් යොමා සකස්කොට අසව”යි කියා දේවධර්මය කියන්නාහු මෙසේ කිවුය.

“මේ ලෝකයෙහි යම් කෙණෙක් භයින් හා ලජ්ජාවෙන් අකුශල ධර්මනුත් නොකළමනා අවශේෂ ලෝකචාරිත්‍රයනුත් දැන හැකිළෙන හෙයින් භය ලජ්ජා දෙකින් යුක්තව වාසය කෙරෙද්ද කුශල ධර්මයෙහි ඇම කල්හිම බලවත්වූ ඇලුම් ඇත්තෝද උතුම්වූ සත්පුරුෂ ගුණ ඇත්තෝද එසේ වූ සත්වයන්ගේ ප්‍රවෘත්තිය මේ ලෝකයෙහි දේවධර්ම නම් වෙයි” කියා ධර්මදේශනා කළෝය.

යක්ෂයා මේ ධර්මදේශනාව අසා ප්‍රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වයන්ට කියන්නේ “මම තොප කෙරෙහි පුසන්නයෙමි. ප්‍රසන්න වූ මම එක් මලනුකෙණෙකුන් තොපට දෙමි. කවුරුන් ගෙණෙම්දැ”යි කීය.
ඒ අසා බෝධි සත්වයෝ “බාලමලනුවන් ගෙණව”යි කිවුය.
දියරකුසු කියන්නේ “පණ්ඩිතයෙනි තොපි උදක් දේවධර්මය දන්නා පමණෙක්මය එපමණක් විනා ඒ ධර්මයෙහි තොප පවත්නේ නැතැ” යි කිය.
“කවරකාරණයකින් දැ”යි කී කල්හි “වැඩි මහළු තැනැත්තන් තමා බාලතැනැත්තන් ගෙන්වන හෙයින් තොප ජෙට්ඨාජචායන කර්මය නොකරණ හෙයිනැ”යි කීය.

එබස් අසා මහාබෝසතානෝ කියන්නෝ “එම්බල යක්ෂය! මම දේවධර්මයත් දනිමි, දේවධර්මයෙහිත් පවතිමි. අපි මේ වලට වදනමෝ මේ බාල මලනුවන් නිසා වනුම්හ. මුන් පිණිස අපගේ පියානන් වහන්සේගේ අතින් මුන්ගේ මෑණියෝ රාජ්‍ය ඉල්වුය. අපගේ පියානන් වහන්සේ ඒ වරය නොදි අප රකිනා නිසා වනයෙහි වසන්ට කී සේක. එබස් ඇසූ බාල මලනුවෝ නොරඳා අප හා සමග මේ වනයට අවුය. ඉඳින් අපි ඒ කුමාරයන් වනයෙහි එක් යක්ෂයෙක් අනුභව කොට පීයයි කිමෝනම් අප කීබස් අදහා ගන්නාකෙණෙකු නැත. එසේ හෙයින් මම නින්දාවට භයින් බාලමපතුනුවන් ගෙන් වමි”. කිවුය.

එබස් අසා දියරකුසු සමාධිව “සාධු! සාධු!! පණ්ඩිතයෙනි තොපි දේවධර්මයත් දනුව, දේවධර්මයෙහිත් පවතුවයි” ප්‍රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වන්ට සාධුකාරදී දෙබෑයන්ව ගෙණවුත් පාවාදින.

එකල්හි බෝධිසත්වයෝ ඕහට අවවාද කරන්නෝ “යක්ෂය තෝ පෙර කළ අකුශල කර්මයෙන් අනුන්ගේ වෙරළේ මස්කන්නාවූ යක්ෂව උපන්නෙහිය. දැන් නැවතත් අකුසල්ම කෙරෙති. නම් තා විසින් කරණ ලද අකුශල කර්මය නරකාදී සතර අපායෙන් තා මුදාලිය නොහෙන්නේය එසේ හෙයින් මෙතැන්පටන් අකුසල්හැර කුසල් කරව”යි අවවාදකොට යක්ෂයා දමනයෙහිලන්ට සමර්ථ වූයේය.

මහබෝසතාණෝ යක්ෂයා දමනයෙහි ලාගෙණ ඔහු විසින් කරණලද ආරක්ෂා ඇතිව එතැන්හිම වසන්නාහු එක් දවසක් නැකැත්තරු බලා පියරජ්ජුරුවෙන් කාලක්‍රියා කළ නියාව දැන යක්ෂයා කැඳවාගෙන බරණැස්නුවරට ගොස් රාජ්‍යයගෙණ චන්ද්‍රකුමාරයන්ට යුවරජ තනතුර හා සූර්යකුමාරයන්ට සෙනෙවිරත් තනතුරදී යක්ෂයාට සිත්කළු තෙනක දේවාලයක් කරවා එතැන්හි ඔහු වස්වා නිරන්තරයෙන් බත් හා මල් පහන් සුවඳ විලවුන් ඕහට පළමුකොට පුදන පරිද්දෙන් සැලසූය.

ඒ මහා බෝසතානෝ දැහැමෙන් රාජ්ජය කොට කම්වූ පරිද්දෙන් මියපරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට වදාළසේක. මේ චතුරාර්ය සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ බහුභාණ්ඩික භික්ෂූන් වහන්සේ සෝවාන් පෙළෙහි පිහිටසේක. බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්ථමාන කථාවත් දෙක එක්කොට සන්ධිගලපා මේ දේවධර්ම ජාතකය. නිමවා වදාළසේක.

එසමයෙහි උදක රාක්‍ෂසයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය. සූර්යයකුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. චන්ද්‍රකුමාරයෝ නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය, මහීංසාසකුමාරයෝ නම් තිලෝගුරු සම්‍යක්සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාලසේක.

05 තණ්ඩුල නාලි ජාතකය

§තවද එක්සමයෙක්හි ශාක්‍යසිංහ වූ සම්‍යක් සම්බුදු රජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වාසය කරණ සේක් ලාළුදායී නම් තෙර කෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

එ කෙසේ ද යත්
එක් සමයෙක්හි දබ්බමලලපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සංඝයා වහන්සේට ලාබත් ආදී වූ බත් පමුණුවන සේක. උන් වහන්සේ උදෑසන ලා බත් පමුණුවන්ටවන් කල්හි උදායිස්ථවිරයන් වහන්සේට කිසිකලක යහපත් බතෙක් පැමිණෙන්නේය, කිසිකලක නපුරුබතෙක් පැමිණෙන්නේය, උදායි ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේට නපුරු බත පැමිණ දවස් ලාබත් බෙදන්නාවූ ස්ථානයෙහි අලළාන කරණ සේක. කිම දබ්බල පුත්‍ර යෝමලාබත් බෙදන්ට දනිද්ද අපි නොදනිමෝදැයි කියාත් කියතන සේක. උන් වහන්සේ ලාබත් බෙදන තැන අලාළන කරණහෙයින් එසේ වී නම් දැන්නුඹවහන්සේම ලාබත් බෙදාදුන මැනවයි කියා ලාබත් පෙට්ටි ඒ තෙරුණ් වහන්සේට පාවාදුන්හ. එතැන් පටන් සංඝයා වහන්සේට ඒ ලාළුදායි ස්ථවිරයන් වහන්සේම ලාබත් බෙදාදෙන සේක. දෙන්නාවුන් ඒ තෙරුන් වහන්සේ යහපත් බත වේවායි නපුරු බත වේවායි අසවළුන්ගේ කොටසේ යහපත් බත සිටියේයයි කියාවත් අසවල් කොටසේ නපුරු බත සිටියේයි කියාවත් නොදන්නාසේක. ඨිතිකාව කරණසේකුත් නපුරු බත සිටියේයයි කියාවත් නොදන්නා සේක. ඨීතිකාව කරණසේකුත් අසවල් ඨිථිකාවකොට සේසලකාගත නොහෙන සේක. භික්ෂූන් වහන්සේ පාළියේ සිටි වෙලාවෙහි මෙතන අසවල් ඨිතිකාව සිටියාය. මෙතැන අසවල් ඨිතිකාව බෙදන සිටියායිබිමවත් භික්තියේවත් ඉරක් අඳනාසේක. දෙවෙනි දවස් ලාබත් තැන භික්ෂූන් වහන්සේ මඳ හෝ වනසේක. බොහෝ හෝවනසේක. භික්ෂූන් වහන්සේ මඳවුකල ඇඳළුඉර අගට පලායන්නේය බොහෝවූ කල්හි මුලට වන්නේය. ඒ උදායි ස්ථවිරයන් වහන්සේ ඨිතිකාව දැනගතනොහී රෙඛා සංඥයෙන් ලාබත් දෙන සේක. එකල්හි අවශෙෂ භික්ෂූන් වහන්සේ කියන සේක් ඇවැත්නි උදායි ස්ථවිරයෙනි. රේඛාව නම් පසු හෝ වෙයි උතුම්බත අසවල් කොටසේ සිටියේය නපුරුබත අසවල්කොටසේ සිටියේයයි කිසේක්. ඒ අසා උදායි ස්ථිවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේ වා විවාද කරණසේක් ඒසේ වී නම් මේ ඉර කවර කාරණයකින් මෙසේ සිටියේද මම නුඹ වහන්සේගේ බස් කුමක්පිණිස අදහම්ද මේ රේඛාවෙන් අදහස් කී සේක. එකල්හි බාලභික්‍ෂූන් වහන්සේත් සාමණේරයන් වහන්සේත් ඇවැත් වූ ලාළුදායි ස්ථිවරයන් වහන්ස නුඹ වහන්සේ ලාබත් බෙදාදොතොත් භික්ෂූන් වහන්සේ ලාභයෙන් පිරිහෙණ සේක. නුඹ වහන්සේ බත් බෙදාදෙන්නට සුදුසු නොවන සේක මෙතැනින් නික්මුණ මැනවැයි කියා ලාබත් බෙදාදෙන තැනින් නෙරපූසේක. එවෙලෙහි ලාබත් බෙදාදෙන තැන මහත් කෝලාහල විය. ඒ අසා සර්වඥයන් වහන්සේ අනදමහතෙරුන් වහන්සේ අතින් විචාරණසේක්. ආනන්දයෙනි ලාබත් බෙදන තැන මහත් වූ කෝලාහල ඇසෙයි. මේ කවර කෝලහල ශබ්දයෙක් දැයි වදාළසේක. අනදමහ තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේට එපවත් දැන්වූසේක. එකල්හි සර්වඥයන් වහන්සේ එම්බා ආනන්දයෙනි, උදායි ස්ථවිරයා තමා අඥන බැවින් අනුන්ට ලාභාහානිකෙළේ දැන් මතුනොවෙයි පළමුත් කෙළේවේදැයි වදාළසේක. අනදමහ තෙරුන්වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට ආරාධනා කළසේක. බුදුරජානන් වහන්සේ භාවනාතරප්‍රව්ජනන කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

යටගිය දවස කසීරට බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එකල අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ට වන්නකුකම් කරන්නාහුය. ඇත් අස් ආදීන් හා රන්රුවන් ආදිය අගය කරවති. ඒ ඇත් අස් ආදියෙන් අගය කරවා වස්තු ස්වාමින්ට වස්තුවට සුදුසු වූ වටනා මිළම දෙවති. රජ්ජුරුවෝ වූ කලී ඉතා ලෝභියෝය. ඒ රජ්ජුරුවෝ තමන් ලෝභී ප්‍රවෘති ඇති බැවින් මෙසේ සිතූහ. මේ වන්නකකා මෙසේ වන්නකුකම්කොට අය වැය කෙරේ නම් නොබෝකලකින්ම මාගේ භාණ්ඩාගාරයේ වස්තු නිමා යන්නේය. එසේ හෙයින් අනිකකු වන්නකු තනතුරෙහි තබමියි සිතූය. මෙසේ සිතා ඒ රජ්ජුරුවෝ සිවු මැදුරු කවුළුව හැර රාජාංගණය බලන තැනැත්තෝ ලෝභී වූ නුවණැති එක් ගම්වැසි පුරුෂයකු රාජාංගණයෙන් යන්නා දැක මේ තෙමේ මට සියළු වස්තුවේ අගය තබා අය වැය කරන්ට සමර්ථ වන්නේයයි ඔහු සමීපයට කැඳවා ගෙන්වාගෙණ දරුව තෝ අපට වස්තුවෙහි අගය තබා අය වැයකොය වන්නකුකම් කරන්නට සමර්ථයෙහිදැයි කිවුය. එබස් අසා ඒ පුරුෂයා යහපත ස්වාමීනියි ගිවිස කල්හි රජ්ජුරුවන්ගේ වස්තුව රක්නාපිණිස ඒ අඥන පුරුෂයා වන්නකු කමෙහි සැලසූහ. එතැන්පටන් ඒ දන්ධයා ඇත් අස් ආදීන් අගය කරන්නනේ අගය පිරිහෙළා මුඛවෙශාවූ යම්මිලයක් අභිප්‍රාය වූ පරිද්දෙන් කියයි. ඔහු වන්නකු තනතුරෙහි සිටි බැවින් එතෙම යම් මිළයක් කීනම් ඔහු කී මිළම ඒ වස්තුවට මිළ වන්නේය. රාජනියෝගයෙන් සැලසූ තැනැත්තවුන් හෙයින් ඊට වීරුද්ධව උත්තර කියන කෙණෙක් ම දවුය. එකල්හි උත්තරා පථයෙහි වසන්නාවූ එක් අස් වෙළෙන්දෙක් පන්සියයක් අසුන් එනුවරට ගෙණයේය. රජ්ජුරුවෝ අසුන් මිලකරවූයේය. එතෙම අසුන් මිළකරන්නේ පන්සියයක් අසුන්ට එකම සාල්නැළියක් අගය කළේය. මෙසේ අගය කොට අස්වෙළදුන් එකමසාල් නැළියක් දෙවයි කියා සැල් නැළියක් මිලයට දී අසුන් පන්සියක් දෙනා රජ්ජුරුවන්ගේ අස්සල බැන්දවූයේය. අස් වෙළදා පළමු අගය කරවන වන්නක්කානන් සමීපයට ගොසින් එපවත් කියා දැන්කුමක් කරමොදැයි විචාලේය. ඒ අසා මහබෝසතානෝ කියන්නාහු ඒ පුරුෂයාට අත් ලස්දී මෙසේ විචාරව අපගේ අස්සුවූ කලී එකම සාල් නැළියක් වටිති. අප විසින් දන්නා ලද්දේය. තොප නිසා සාල් නැළියෙහි අගය දන්නා කැමැත්තෙම්හ. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ සමීපයේ සිට සාල්නැළිය මෙතෙක් මිල අගනේයයි කියන්නට නොපිළිවන්දැයි විචාරව. ඉදින් සාල් නැළියේ මිල කියන්ට පිළිවනැයි කියේවීනම් ඔහු කැඳවාගෙන රජ්ජුරුවන් වහන්සේ සමීපයට යව. මමත් එතනට එන්නෙමි වේදැයි කිවුය.

එකල්හි අස්වෙළදා බෝධිසත්වයන් කී බස් යහපතැයි පිළිගෙණ ලෝභී වූ වන්නකු පුරුපායට අත්ලස් දී ඒ කාරණය කිය වූයේය. ඒ වන්නකු පුරුෂයා අත්ලස්ලැබලාම සාල් නැළියට මිලකින්වමට පිළිවන් වන්නේයයයි කිය. එබස් අසා වෙළදා එසේ වී නම් රජගෙට යම්හයි කියා ඔහු කැඳවාගෙණ රජ්ජුරුවන් සමීපයට ගියේය. බෝධිසත්වයෝත් අවශේෂ අමාත්‍යයෝත් ඒ වෙලාවට එතනට ආවාහුය. එකල්හි අස්වෙළදා රජ්ජුරුවන් වැඳලා කියන්නේ ස්වාමීනි, මම පන්සියයක් අසුන්ට එක සාල් නැළිය අගනා බව දනිමි. ඒ සාල් නැළිය කෙතෙක් අගීදැයි වන්නකකානන් අතින් විචාල මැනව රජ්ජුරුවන් වහන්සැයි කිය රජ්ජුරුවෝ එපවත් නොදැන කියන්නාහු එඹල වන්නකුපුරුෂය පන්සියයක් අස්සු කෙතෙක් මිළ වටිද්දැයි විචාලෝය. එබස් ඇසූ වන්නකු පුරුෂයා ස්වාමිනි සාල් නැළියක් වටනේ වේදැයි කීය. වන්නාට දරුව පන්සියක් අස්සු කලි සාල්නැලියක් අගිත්වයි ඒ සාල් නැළිය කෙතෙක් මිළපුස්නේදැයි විචාළෝය. ඒ අඥාන පුරුෂයා ස්වාමීනි අන්තඃපුරය පිටිපුර සහිතව බරණැස් නුවර අගය කෙළේය. එසමයෙහි බරණැස්නුවර පවුරුවලල්ල දොළොස්යොදුනක් පමණවන්නේය. මේ නුවර ඇතුළත්වන්නේය. පිටත වානාහිතුන් සියයක් යොදුන් පමණ රාජ්‍යය වන්නේය. මෙසේ ඒ අඥාන පුරුෂයා දොලොස් යොදුනක් වට ඇති නුවර හා තුන්සියයක් යොදුන් වට ඇති මේසා මහත් රාජ්‍යය එකම මාල් නැළියට අගය කළේය., ඒ අසා අමාත්‍යයෝ අත් පොළසන් දී සිනාසී කියන්නාහු අපි පෙර පොළව හා රාජ්‍යය අනර්ග මිළ නැතැයි සිතා උනුම්හ. දැන් වූ කලි මේසා මහත් සරාජිකවූ බරණැස් නුවර හා රාජ්‍යය සාල් නැළියක් පමණ අගනේය. නුඹවහන්සේගේ වන්නකු පුරුෂයාගේ සමර්ථතාවයක් ඉතා ආශ්චර්යය නිසාය මේතෙක් කල් මුළුල්ලෙහි මේ වන්නකු පුරුෂයා කොයි විසීද අපගේ රජ්ජුරුවන් වහන්සේටම මෙතෙම සුදුසුවන්නේයයි හාසකොට නින්දා කළාහුය. එකල්හි රජ්ජුරුවෝ ලජ්ජාවට පැමිණ ඒ නුවණැති පුරුෂයා නුවරින් පිටත් කරවා මහබෝසතානන්ටම වන්නකු තනතුරු දුන්නාහුය. මහබෝධිසත්වයෝ එතැන්පටන් දානාදී වූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා ආනන්ද ස්ථවිරයෙනි, මේ අඥාන වූ උදායි ස්ථවිරයා රෙමාහට ලාභහානී කෙළේ දැන් මතු නොවෙයි පෙරත් තමා නුවණ නැති බැවින් කෙළේම වේ දැයි අතීත කථාවත් වර්ථමාන කථාවක් දෙක එක්කොට සන්ධි ගලපා මේ තණුඩුල නාළි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ගම්වැසි වූ අඥාන වන්නකු පුරුෂයා නම් දැන් මේ ලාළුදායි ස්ථවිරය. නුවණැති වන්නකු පුරුෂයා නම් ලොකස්වාමී වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

images

09 මඛාදේව ජාතකය

§තවද එක්සමයෙක්හි සර්වලෝකෛක දීපායමාන වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන මහා විහාරයෙහි වාසය කරණ සේක් මහාභිනික්මන් අරභයා මේ ජාතකය වදාළසේක.

එක්සමයෙක්හි භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ මහභිනික්මන් වර්ණනා කොට කොට උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභාමණ්ඩපයට අවුත් බුද්ධාසන මස්කයෙහි වැඩහුන් සේක් භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට මහාණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව උනුද කිනම් කථාවක් දැන් තොපට අඩාලවීදැයි වදාරා සාමිනි අනික් කථාවකින් යුක්තව උනුමෝ නෙවම්හ. නුඹවහන්සේගේ මහනික්මන් වර්ණනා කොට කොට උනුම්හයි කී කල්හි මහණෙනි, සර්වඡයන් වහන්සේ නික්මුනේ දැන් මතු නොවෙයි පළමුත් නික්මුනෝවේදැයි වදාළසේක. භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශකරණු සඳහා සර්වඥයන් වහන්සේට ආරාධනා කළසේක. භාග්‍යවත්වූ බුදුරජානන් වහන්සේ භාවාන්තර ප්‍රවජ්ජන්න වූ කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

යටගිය දවස විදේහ රාජ්‍යයෙහි මියුලුනුවර මඛාදේව නම් රජ්ජුරුකෙනෙක් දශරාජ ධර්මයෙන් අකොප්‍යකොට සර්වධර්මිෂ්ඨව රාජ්‍යය කරන්නාහුය. ඒ රජ්ජුරුවෝ සුවාසුදහසක් අවුරුදු කුමාර ක්‍රීඩාකොට සුවාසුදහසක් අවුරුදු යුවරජකම්කොට සුවාසුදහසක් අවුරුදු එකරාජ්‍යකොට බොහෝකල් යවා එක් දවසක් කපුවාට බණවා කියන්නාහු “යහළු කපුව! යම් දවසක් මා ඉස නරකෙසක් දුටුයේවීනම් එදවස් මට කියව”යි කිවුය. කපුවාත් බොහෝ කලයක් යවා එක් දවසක් රජ්ජුරුවන්ගේ අඳුන්වන් කෙස් අතුරේ තුබු එකම නරකෙසක් දැක “රජ්ජුරුවන් වහන්ස, කෙස් අතුරේ නරකෙන්දක් පෙණන්නේය” යි කීය.

Image result for makadewa
“එසේවිනම් සබඳ කපුව! නරකෙස උදුරා මා අත්ලෙහි තබව”යි කී කල්හි රන් අඬුවෙන් නරකෙස උදුරා රජ්ජුරුවන් අත්ලෙහි තැබීය. එසමයෙහි රජ්ජුරුවන්ට සූවාසුදහසක් අවුරුදු ඉතිරිව සිටියේය. එසේවී නමුත් නරකෙස දැකලාම මාත්‍යූරාජයා ඇවිත් සමීපයෙහි සිටියාක් මෙන්ද තමන් ගිනිගත් පන්සලකට වන්නාක් මෙන්දැයි සිතමින් සංවේගයට පැමිණ තුමු තමන්ට අවවාද කරනුනාහු,
“අඥානවූ මඛාදේවයෙනි, ඉස නර නැගෙණතුරුත් කෙලෙසුන් ඇරපය නුහුනුවාහුද ? තොපසේ වූ අඥානයෝ නැතැයි” තමන්ටම නින්දා කළාහුය.

මෙසේ රජ්ජුරුවන්ට නරකෙස් පහළවූ නියාව කල්පනා කරත් කරත් අභ්‍යන්තරයෙහි දහවැදගත සකල ශරීරයෙන් ඩා වැගිරෙන්නට පටන්ගත්තේය. එවෙලෙහි රජ්ජුරුවෝ අදම නික්ම මහණදම් කරන්නට වටනේයයි කපුවාට ලක්ෂයක් වස්තු උපදිනා ගම්වරයක් දී ප්‍රධාන පුත්‍රවූ රාජ්‍ය කුමාරයන් කැඳවා “පුත, මා ඉස නරකෙසක් පහල විය. එසේහෙයින් මම මහලුව ගියෙම් මා විසින් මනුශ්‍යලෝකයෙහි අනුභව කළ මනා සම්පතුන් අනුභව කරන ලද්දේය. දැන් දිව්‍ය සම්පතුන් අනුභව කරන්නාව කැමැත්තෙමි. එසේ හෙයින් මහණවන්ට දැන්ම මට කල් වන්නේය. තෙපි මේ රාජ්‍යය පවරා ගනුව. මම මහණව මඛාදේව නම් අඹ උයනේ වැස මහණ දම් කෙරෙමි” කීවුය.

මෙසේ මහණවනු කැමැත්තොවෝ රජ්ජුරුවන් කරා අමාත්‍යයෝ එළඹ “ස්වාමීනි! නුඹ වහන්සේ කවර කාරණයකින් මහණ වන සේක්දැ”යි විචාලෝය. රජ්ජුරුවෝ නරකෙස අතින් ගෙන අමාත්‍යායන්ට තමන් මහණ වන කාරණය කියන්නාහූ  “ප්‍රථම වයස, මධ්‍යම වයස, පශ්චිම වයස යයි කියන දෙතුන් වයසම නසන හෙයින් වයස පැහැර ගන්නා වූ මේ නරකෙස මගේ හිස හටගත්තේය. හිස නරකෙස් අටගත්විටම මරණය අවුත් නලල්තෙළහි සිටියා නම් වෙයි. නරකෙස් නම් යමරජ්ජුරුවන්ගෙන් එවුදේව දූතයන් වැන්නෝය. එසේ හෙයින් අදම මට මහණවන්නට කල් වන්නේය”යි අමාත්‍යයන්ට කියා එදවස්ම රාජ්‍ය හැර ඍෂිප්‍රව්‍රජ්ජාවෙන් පැවැදිව මඛාදේව නම් අඹ උයනේ වෙසෙමින් ස්වාසූදහසක් අවුරුදු මුළුල්ලේහි මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛා යයි කියන ලද චතුර් විද බ්‍රහ්ම විහාර භාවනා කොට නොපිරිහුනා වූ ධ්‍යානයෙන් ගොස් බ්‍රහ්මලෝකයෙහි ඉපිද නැවත එයින් චුත අවුත් මියළුනුවර ඉපිද පසුබස්නා වූ තමන්ගේ වංශය ගලපා එම අඹ උයනෙහි මහණව බ්‍රහ්ම විහාර බාවනා කොට නැවත බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය.

සාස්තෘන් වූ බුදුරජානන් වහන්සේ, ” මහණෙනි සර්වඥයන් මහභික්නික්මන් නික්මුණෝ දැන් මතු නොවෙයි පෙරත් නික්මුණෝම වේදැ”යි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාලා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කලසේක. චතුස්සත්‍යය ධර්මදේශනාවගේ කෙළවර ඒ භික්ෂූන් වහන්සේ අතුරෙන් සමහර කෙණෙකුන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටි සේක. සමහර කෙණෙකුන් වහන්සේ සකෘදාගාමී ඵලයෙහි පිහිටි සේක. සමහර කෙණෙකුන් වහන්සේ අනාගාමී ඵලයෙහි පිහිටි සේක.

මෙසේ බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්ථමාන කථාවත් දෙක එක් කොට සන්ධි ගලපා මේ මකාදේව ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි කපුවා නම් දැන් මේ ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි ප්‍රධාන පුත්‍ර නම් දැන් මේ රාහුල ස්ථිවිරයෝය. එසමයෙහි මඛාදේව රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජු වූ මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

images NEXT1